IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ( කෝපා) තොරතුරු අනාවරණයවිය.

සමෘද්ධිය සඳහා දෙන මුදල් ඵලදායි ලෙස යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ජනතාවගේ දිළිඳුකම නැති කිරීම සඳහා පසුගිය වසරේදී  කෝටි 14900 ක වැඩ කර ඇතැයි සමෘද්ධි   සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ හිටපු නිලධාරීන් පිරිසකට  විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  (කෝපා කමිටුව) අප්‍රසාදය  පළවිය.

මෙම නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීරණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුව ප්‍රශ්න කළේය.

මේ අතර අස්වැසුම වැඩසටහන සහ  සමෘද්ධි වැඩසටහන  ඒකාබද්ධ කිරීමේ  අවශ්‍යතාව කමිටුව එහිදී පෙන්වා දුන්නේය.

කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ   ප්‍රධානින්  කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝගවල වර්තමාන තත්වය සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී   පසුගිය  (09)  වැනිදා රැස් විය.  මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

එසේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු නිරීක්ෂණය වන බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මීට අමතරව සමෘද්ධි බැංකුවල කාර්යභාරය  සහ අස්වැසුම සහනාධාරය සමෘද්ධි බැංකු හරහා ලබාදීමේ හැකියාව සලකා බැලීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා  කෙරිණ.

මෙම කාරක සභාවට  රාජ්‍ය අමාත්‍යවරුන් වන  ප්‍රසන්න රණවීර,  සුරේන් රාඝවන්,  ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන   තිස්ස අත්තනායක,  සිවඥානම් ශ්‍රීතරන්, ජේ.සී. අලවතුවල, වීරසුමන වීරසිංහ,  ඉසුරු දොඩන්ගොඩ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ,  මංජුලා දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.



අදහස් (2)

කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි

ravin Tuesday, 15 August 2023 03:29 PM

විහිලු සපයන ආයතනය විසින් සපයනු ලබන තවත් විහිළුවක්

:       0       3

Lalla Tuesday, 15 August 2023 03:59 PM

ඔය බොරු දේශපාලන වැඩට ගන්න සමෘද්ධිය අස්වැසුම නවත්තන්න. හොරුන්ට නිකමුන්ට කන්න දීල බෝකිරීම වැඩිවෙනව විතරයි.අනික සුදු අලි යෝජනා ක්‍රමයකට පඩි ගෙවන්න යන වියදම...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 3 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2198 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 931 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 70 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1314 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 222 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 377 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1393 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site