(ජේ.එක්.එල්. ලලිත් චාමින්ද)
දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවින දුම්රිය සන්නිවේදන පද්ධතිය සදහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක විම හා අරමුණු ඉටුනොවිම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
දුම්රිය එන්ජින්වල සංනිවේදන උපකරණ සවිකිරිම සදහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිතා කරමින් දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වු නිලධාරින්ට ජංගම දුරකථන ලබාදිම සදහා රුපියල් මිලියන 132ක මුදලක් වැයකොට තිබුණි.
එහෙත් රාජකාරි කටයුතු සදහා මෙම උපකරණ භාවිතා නොකිරිම නිසා මෙකි උපකරණවල ක්‍රියාකාරි භාවිතය අවම මට්ටමක පැවතුණි.
දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සදහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබු පද්ධති නිරික්ෂණ උපකරණ හා හඩ පටිගත කිරිමේ උපකරණ සදහා දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවිම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණි.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 190ක් කා දැමූ දුම්රියේ සුදු අලියෙක් විගණනය පෙන්නයි
කමනි Wednesday, 30 October 2024 07:28 AM
මේ අයට තාක්ෂණික දැනුම නැහැ වගේ මේවා භාවිතා කරන්න. තාක්ෂණික නිපුණතාව ලබා ගැනීම අනිවාර්ය කරන්න. නැත්නම් මේ රට හැදෙන එකක් නැහැ.
ගුණරත්න Wednesday, 30 October 2024 07:42 AM
මොකක් නිසාද රියදුරන් අලුත් පද්ධතිය භාවිතා නොකරන්නේ?
Lalla Wednesday, 30 October 2024 08:31 AM
රෑ දවල් වෙනසක් නැතිව බීමත්ව අවුරුදු පණහකට වඩා පරණ එන්ජින්වලට වැඳගෙන ඉන්න කැමැත්ත වැඩි දුම්රිය රියැදුරන්ට මොන නවීන තාක්ෂණය දුන්නත් වෙනස් කරන්න බෑ....අලුත් ගණිත උපාධිධාරීන් ඔය වෘත්තීය සහ නියාමක වෘත්තීය සඳහා බඳවාගෙන පුහුණුව දෙන්න...
ලුම්බිණි Wednesday, 30 October 2024 08:43 AM
උපකරණ අලුත් උනාට වැඩ කරන මිනිස්සු පරණයි .
Sediris Wednesday, 30 October 2024 09:01 AM
එහෙනන් ඉතින් ඕකට වග කියන්න ඕන දුම්රිය රියදුරන් නේද? උන්මනෙ හොඳ සඥා පද්ධතියක් ඕන කියල වර්ජන කරන්නෙ වෙලාවකට. ඊට පස්සෙ හදල දුන්නම පාවිච්චි කරන්නෙ නෑ. ඕකුන්ට අතිකාල වලින් වංචා කරන්න බෑනෙ ඒක වෙන්න ඇති.
Bunny Prena Wednesday, 30 October 2024 09:11 AM
මහජන මුදල් නාස්ති කිරීම මහා අපරාධයක් .අපි කැමති දුම්රිය රියදුරන් මෙම කරුණ ගැන මොනවද කියන්නේ කියලා දැනගන්න
රම්බොඩ Wednesday, 30 October 2024 09:28 AM
වාකයක් ගියත් වැඩ වරන්න තමයි දුම්රිය සේවකයින් දන්නෙ.
යෝගා Wednesday, 30 October 2024 09:56 AM
බන්දුල සහ එයාම පත්කරගත්ත ලේකම්ගෙයි ගොබ්බ කෙරුවාවේ ප්‍රතිඵල තමයි. කයියනායකට මේ වගේ ඇස්පනාපිට දූෂනයන්ටවත් දඬුවම් කරන්න බැරිනම් වැඩක් නෑ.
himal Wednesday, 30 October 2024 11:51 AM
මේ කියන විදිහට දුම්රිය රියදුරන් මේක එක පාරක් පාවිච්චි කරපු ගමන් මේ සුදු අලියා කලු වෙනවා.
වන්නකු Wednesday, 30 October 2024 03:50 PM
දුම්රිය සේවයේ මහත්වරුනි, රට වැටී ඇති අගාධයෙන් මුදා ගැනීමට ඔබගේ සහයෝගය දෙන්න. අනාගතයේ උපදින්නට ඉන්න දරුවන් ගැන සිතන්න. හදවතට එකඟව තීන්දු තීරණ ගන්න...
sukitha Wednesday, 30 October 2024 04:10 PM
ඕන එකටයි එපා එකටයි හැම එකටම නවීන තාක්ෂණය ගාව ගත්තාම ඔහොම වෙනවා.
KamalG Wednesday, 30 October 2024 05:15 PM
නවීන තාක්ෂණය ගෙනෙන්නට පෙර එහි ඇගයීම සහ ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව අද්‍යයනය කළයුතුයි. බොහෝ අවස්ථාවල අපේ රටේ කරන්නේ ලොක්කාට සහ අනික් සොක්කන්ට ගාන එන විදියේ වැඩක්නම් අනුමතකරලා තමාගේ බඩ වඩාගැනීම විතරයි.