IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කෝටි 19ක මත්ද්‍රව්‍ය කුරියර් ආයතනයකින් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (28) පැවසීය.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක  තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක සහිත පාර්සල් 6ක් පරීක්‍ෂා කළ බවත් එහි තිබී ‘කොකේන්’ මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 30ක් සහ ‘කුෂ්’ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 177ක් සොයාගත් බවත් රේගුව කීය.

කොළඹ සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එම පාර්සල් එවා තිබුණ ද පසුව සොයා බැලීමේදී එම ලිපින ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කරගත් බවත් එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.



අදහස් (3)

කෝටි 19ක මත්ද්‍රව්‍ය කුරියර් ආයතනයකින් අල්ලයි

අමල් Friday, 28 June 2024 05:36 PM

"ලෝලියා" කූරියර් කරන ආයතනයත් මේකම තමයි...

:       0       8

රංබොඩ Friday, 28 June 2024 06:08 PM

අල්ලන තොගවල හැටියට මිනිසුන් මත්කුඩුවලින් රොටී හදන් කනවද කියලාත් හිතෙනවා...

:       1       19

Ariyathilaka Friday, 28 June 2024 06:22 PM

කුරියර් සේවාව වගකීම් විරහිත ලෙස ක්‍රියා කරන්නේ නම් කුරියර් සේවාව ලංකාව ඇතුළත තහනම් කළ යුතුයි. නො එසේ නම් නිසියාකාරව නීතියෙන් නියාමනය කළ යුතුයි. රටේ අපරාධ නීතිය නොතකන කිසිඳු ආයතනයක් මේ රටට අවශ්‍ය නැත...

:       3       20

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site