(ජේ.කේ.එල්. චාමින්ද)
නුවරඑළියේ පිහිටි අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කොට තිබු රුපියල් මිලියන 475.2ක් වටිනා කිරිපිටි කිලෝග්‍රැම් 720,000ක ප්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බැවින් 2018 වර්ෂයේ සිට 2022 දක්වා අතර කාලය තුලදි සත්ත්ව ආහාර ලෙස අලෙවිකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි නිෂ්පාදනයට වගකිවයුතු නිලධාරින් සම්බන්දයෙන් කිසිදු පරික්ෂණයක් පවත්වා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
විනය පරික්ෂණයක් පවත්වා මේ සදහා වගකිවයුතු පාර්ශවයන්ගෙන් සිදුවි ඇති පාඩුව අයකරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
කර්මාන්තශාලා නවිකරණ ව්‍යාපෘතිය යටතේ නව යන්ත්‍රාගාරය සවිකිරිමෙන් පසු 2017 වර්ෂයේ දි නිෂ්පාදනය කළ කිරිපිටි කිලෝග්‍රැම් 771,652, ක් දෝෂ රහිත බවට පරික්ෂණ වාර්තා නිකුත්කොට තිබුණි.
මෙකි කිරිපිටි තොගය මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට පාරිභෝගික පැමිණිලි හේතුවෙන් නැවත ගබඩාව වෙත ගෙන්වා ගෙන තිබුණි. සත්ත්ව අහාර සදහා අලෙවිකිරිමෙන් පසු ඉතිරි කිරිපිටි කිලෝග්‍රැම් 561,264 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අඹේවෙල ගබඩාවේ ගබඩාකර තිබුණි.
මේ පිළිබද එම සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉතිරි කිරිපිටි තොගයද විකිණිමට කටයුතු කරණු ලැබු අතර එම තොග ඉවත්කරගැනිමට කටයුතු කර ඇති බවය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 47ක් වටිනා කිරිපිටි සත්ත්ව ආහාරවලට විකුණලා
Lankaputha Wednesday, 04 September 2024 01:11 PM
අවම වශයෙන් පැලවත්ත සුදුසුද කියලා පරීක්ෂා කරලා බලන්න. වතුර සමග කලවම් කළ පසු මේදය දියනොවී ඉහළ තැන්පත් වේ
Gamini Thursday, 05 September 2024 11:40 AM
ප්‍රශ්නයක් නෑ , දැනට පෙනෙන අයුරින් ඉදිරියට කිරිපිටිවල හිගයක් නෑ.