(ටී.කේ.ජී.කපිල)
රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16ක් නීති විරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන ව්‍යාපාරිකයෙකි.
ඔහු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 06.05ට පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ තම සිරුරෙහි එල්ලා ගෙන යන පැති බෑගයක ( Side Bag) සහ ගුවන් තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති "ට්‍රොලි" කරත්තයක් යට අලවා ගෙන මෙම රත්තරන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02 ක් ලෙස සකස් කර, සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ වනවිට මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 4ක රන් බිස්කට් කටුනායකදී අත්අඩංගුවට