(තුසිත කුමාර ද සිල්වා)
දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත බේරුවලපොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගත් බව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි පණහක් පමණවන බව පොලීසිය කියයි. සැකකරු 43 හැවිරිදි ධීවර වෘත්තීයේ නියුතු විවාහක පුද්ගලයකි.
මෙම සැකකරු ධිවර වරාය පරිශ්‍රයෙන් මුහුදු ගොස් පැමිණි ධීවරයෙකි. ඔහුගේ නිවසේ මෙම අම්බර තොගය සඟවා තිබියදී පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 50ක අම්බර සමඟ ධීවරයා මාට්ටු
සෙනෙවිරත්න Sunday, 26 May 2024 11:46 AM
ඒ මිනිහට ඕක විකුනගන්න අරින්න. රජයට බද්දක් ගෙවන්න. තල්මසුන් මරල ගන්න ඒවා නෙවෙයි. මුහුදේපාවෙන ඒවා.
Rukmal Sunday, 26 May 2024 12:02 PM
ඉතිං යකෝ ඌ ඒවා විකුණගත්තුදෙන්... හොරකම් කරලා නැත්තං... මුන්ට පුපේ අමාරුවද??
Bhanuka Sunday, 26 May 2024 12:33 PM
ලංකාවේ අමන නීති.මුහුදේ පාවෙමින් තිබූ දෙයක්. ඒක ඔහුට දෙන්න . අවශ්‍යනම් බද්ද ගහන්න .
සංජීව Sunday, 26 May 2024 12:45 PM
මේවා සොයාගත් අයට රජයට බද්දක් ගෙවා නීත්‍යානුකූලව විකිණීමට ක්‍රමයක් අති කල යුතු නොවේද?
Ratne Sunday, 26 May 2024 01:11 PM
තිරිසන් නීතියක් ද, පොලිසියේ තිරිසන් වැඩක් ද? තමන්ට මුහුදේදී හම්බ උනාම එක විසිකරලා එන්නද එහෙම නැත්තම් එකේ අයිතිය තියෙන්නේ දේශපාලුවන්ට ද? හොරු අල්ලන්න කොන්ද පන නැති සිද්ධාලේප පොලිස් කුක්කෝ.
Lalla Sunday, 26 May 2024 01:44 PM
මේකට අදාල නීතිය මොකක්ද? දන්න නීතිවේදියෙක් පැහැදිලිව ප්‍රකාශ කරන්න. පොලිසිය අමුතු නීතිය හදනවද නැතිව සුද්දෝ දාපු නීතියක කොනක් පාගගෙන අත්අඩංගුවට ගන්නවද? මේ වගේම තමා වල්ලපට්ට කලුවර ගස්වල කතාව. ඉඩමේ තියෙන ගහක් විකුනන්න ඉඩම්හිමියට බෑ. අවසාන ඵලය ... අපිනම් පැලයක් දැක්ක ගමන්ම ගලවල දානව.මොකක්ද මේ නීති?
SundaraaSunday, 26 May 2024 05:34 PM
ඒක ඇත්ත ඒ ධීවරයා මුහුදෙන් ඒවා අරගෙන ආවා ගේන එක වරදක් කියලා අල්ලාගෙන යනවා. එහෙම නම් මාලු ඇල්ලීමත් තහනම් කරයිද කියලා බලන්න වෙනවා. ඒක වටිනා දෙයක් නම් ගේන්න තහනම් දෙයක් නම් ලංකාවෙන් පිට අයෙක් ගෙනගියාම කාටවත් ලාභයක් ලැබෙනවාද අහන්න වෙනවා. මේ නීතිය සුද්දෝ ඔවුන්ගේ එවුන්ට වාසියට හදපු නීතියක් නම් ඒක වහාම අවලංගු කර ලංකාවේ ධීවරයින්ට ඒවා ගෙන ඒම හා විකිණීමට පහසුකම් සලසන්න ඕනෑ.
MDAK Rathnayake Monday, 27 May 2024 04:11 AM
Call me 0719939156
Nirul Sunday, 26 May 2024 03:30 PM
ලංකාවේ අමන නීති
Prabha Sunday, 26 May 2024 05:05 PM
තල්මහට බොන්න දීලා වමනේ කරවලා... ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...