IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 644ක වියදමක් දරා වසර පහකට පෙර ආරම්භ කළ  ව්‍යාපෘති 34ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ංජිනේරැ  අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය

ව්‍යාපෘති 23ක් මූල්‍යමය හේතු මතද ව්‍යාපෘති 11ක්  මූල්‍යමය නොවන හේතු මතද  මෙසේ නැවතී ඇතැයි ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නාගරික සංවර්ධන අධිකාරියට  අදාල නිර්දේශ ඇතුළත්  වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

මේ ව්‍යාපෘති ගොඩනැඟිලි බොහොමයක් ජනතාවට කිසිදු  ප්‍රයෝජනයක්වී නැතැයි  පැවැසූ මන්ත්‍රීවරයා පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල ඊට උදාහරණයක් බවද ඔහු සඳහන් කළේය.

කෝටි එකසිය එකක් වියදම් කර හැදූ එම ගොඩනැගිල්ලේ  අද ජීවත් වන්නේ  වවුලන් බවද ඔහු කීවේය.

රුපියල් කෝටි හතළිහක් වියදම් කර සකස් කළ හැටන් දුම්රිය පොළත් බල්ලන් ලගින තත්වයකට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කීවේය.

සූරියවැව ක්‍රීඩාංගනය සහ   මත්තල ගුවන්තොටුපළද  සුදු අලි ව්‍යාපෘති බව පැවසූ මන්ත්‍රීවරයා එක එක දේශපාලඥයන්ගේ මනදොල සපුරා ගැනීමට ජනතා මුදලින් ආරම්භ කරන මෙවැනි  ව්‍යාපෘතිවලින් රටට කිසිදු ප්‍රයෝජනයක්  නැතැයිද සඳහන් කළේය.

ජනතා මුදල් වියදම් කිරීමේදී  නිර්දේශපාලනීකරණ   කමිටුවකින් ඒ කටයුතු  සිදු විය යුතු බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර  සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇතැයිද   අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.



අදහස් (2)

කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ

sudda Wednesday, 07 August 2024 02:33 PM

මේ කියන ප්‍රශ්නය බොහෝ රටවලට පොදු දෙයක් වුනා පහුගිය අවුරුදු පහේදි - 2019 සිට​. කොරෝනා වසංගතය නිසා බොහෝ දේ නතර වුනා. ඒ වගේම මත්තල සහ සූරියවැව හැදුවේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලත් බලාගෙන, 2015න් ඉස්සෙල්ලා​. ඒ දෙක පහුගිය අවුරුදු 5ට අයිති නෑ. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල නොලැබුනේ ඉන්දියාව ඒ වෙනකොට දිල්ලියේ තිබුනු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල වෙලාවේ ඇති කරපු ප්‍රශ්න නිසා දකුනු ආසියාව ගැන තිබුනු නරක ආකල්පයෙන්. සුරියවැව ඔයිට වඩා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රයෝජන ගන්න තිබුනා වගේම මත්තලත් ප්‍රයෝජනයට ගන්න තිබුනා 2015 ආපු යහපාලන රජයේ කුහකයන් නැතුව දක්ශයන් සිටියා නම්. අජිත් මානප්පෙරුමත් ඒ රජයේ හිටියා. පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල හැදුවෙත් යහපාලන කාලයේ. අවුරුදු 5කට වඩා පරන කතාවක්. ඒ ගැන නම් පහුගිය කාලේ කතාවක් ගියා රාජ්‍ය නිලධාරීන් නොසලකා ඇරලා කියලා. මේ මන්ත්‍ර්‍රීවරුන් මීට වඩා සැලකිල්ලෙන් ප්‍රකාශ නිකුත් කරන්න ඕනා. නැත්නම් විරුද්ධ පක්ශයේ වැරදි කියන්න ගිහින් තමන් සතු නොදන්නා කම හෝ කුහක කම ප්‍රදර්ශනය වෙනවා.

:       8       7

Lalla Thursday, 08 August 2024 07:34 AM

ඔච්චර දුර බැහැර යන්නේ ඇයි.ගම්පහ ඔරුතොට පාරේ බැසිල් හදවපු කාර්යාල සංකීර්ණය දකින්නේ නැතිද? අවුරුදු ගාණකට කලින් වහපු ගමන්. ඕක අයිතිය තහවුරු කරල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වගේ වැඩකට ගන්න බැරිද?දන්න විදියට ඉතාම හොඳ ඉදිකිරීමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 929 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5678 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3251 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1449 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1567 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28396 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site