IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටි 90,000ක බදු පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක්(90,400)  2022 දෙසැම්බර් 31 වනවිට අය කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

මෙම මුදලට හිඟ බදු, දඩ හා පොළී ඇතුළත් වන බව එම කාරක සභාව පවසයි.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  කෝටි 248 කට වැඩි වටිනා අගරු චෙක්පත් පැවතීම පිළිබඳවද  මෙහිදී දීර්ඝව  සාකච්ඡා කෙරිණ.

රමිස් (RAMIS) පරිගණක පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නැතැයිද මෙහිදී සඳහන් විය.

මෙම මුදලෙන් රුපියල්  රුපියල් කෝටි 16300ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත්  රුපියල්  කෝටි 74000  ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් තොරතුරු අනාවරණය විය.

මෙම හිඟ මුදල්  RAMIS සහ  Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන්  හඳුනාගෙන ඇති බව  විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම් මුදල අය කර නොගැනීම පිළිබඳවද  මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී  කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි. එසේම රුපියල් බිලියන 904 මුලු හිග බදු මුදල  පිළිබඳව වෙන්වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබා දෙන ලෙසද සභාපතිවරයා නිර්දේශ කළේය. එම වාර්තාවේ  බදු මගහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බවද සඳහන් කළේය.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ මෙම දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් 28 දින කෝපා කමිටුවට කැදවා ලබාදුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 12 වැනිදා රැස් වූ අවස්ථාවේදී ය.



අදහස් (2)

කෝටි 90,000ක බදු පොල්ලක්

සචින්ත Tuesday, 16 May 2023 06:15 PM

17 වෙනිදා ලෙඩවෙනවා කියන්නේ ඒකට වෙන්න ඇති නෝනා මහත්වරුනි ඇත්ත හොඳටම තිත්තයි නේද?

:       0       1

Nathalie Tuesday, 16 May 2023 06:47 PM

ඔය කියන බදු මුදල් ගෙවිය යුතු අය වන්නේ අනිවාර්යයෙන්ම අර 225 හරි උන්ගෙ යාලු මිත්‍ර සමාගම්. ඒකයි computers වැඩ කරන්නෙ නැත්තෙ. ඒවත් බොල් නය වලට කපා හරියි. අනේ සාදූ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2382 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2369 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 881 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2335 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 265 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1535 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site