බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය
පානදුර හා දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ" හික්කඩුවේ ඉස්සෝ සුජි" නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
එම මුදල් බැංකු ගතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට රඳවා සිටින පානදුර නල්ලූරුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුගේ නමට එම ගිණුම් දෙකම අයත්ව තිබෙන බව පොලිසිය කියයි.
අදාළ බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව බැංකු දෙකේ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනතේ හත 1 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් තැන්පත් කර තිබූ ු ගිණුම් දෙක තහනම් කිරීමේ නියෝග කළමනාකරුවන් වෙත භාරදුන් බව විමර්ශන සිදු කරන නිලධාරියෙක් පැවැසීය.
සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ලෙස ආරම්භ කර තිබෙන මෙම ගිණුම් දෙකට මේසා විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ කළමනාකරුවන්ගේ ඇස් වසා ගිණුම් ගත වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ දක්ෂතාව හේතුවෙන් අනාවරණය වීමක් යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි පහක ගිණුම් දෙකක් තහනම් කරයි