(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(7) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම කෘතිය සම්පාදනය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනිදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.
කාටූන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදී ඇගැයීමට නියමිතය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.
කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරයි.
හිටපු ජනාධිපතිවරු,මැති ඇමතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටිති.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාටුන් ශිල්පීන් ජනපති දුටු හැටි හෙට එළිදක්වයි
අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 11:03 AM
රටේ සියලුම ප්‍රශ්න විසඳලා තියෙන්නේ, ජනතාව තුන්වේල හොඳටම කාලා සුඛිත මුදිත වෙලා ඉන්නේ. හරියට කේතුමතී පුරය වගේ. ඒ නිසා ශ්‍රිමත් රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට ඉස්පාසුවක් ඉඩ හසරක් ලැබිලා තියෙනවා කලා කෘති රස විඳින්න. කොහොම වුණත් පසුගිය කාලයේ අපිට පෙන්නුව දෙයක් තමයි පිස්සෙක්ට වඩා උම්මත්තකයෙක් භයානක බව...
Banda Wednesday, 06 March 2024 01:27 PM
ආරාධිතයාගේ නම මරුවට ගැලපෙනවා...