(චමින්ද වැවතැන්න)
කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.
මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පොඩි දේවයලාගේ රවිදු ධම්මසිරි නමැති පුද්ගලයෙකි.
වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයා කලකට ඉහතදී බිරිඳ සමග කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන 73 හැවිරිදි පීටර් හපුආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නමැත්තාගේ වනාතවිල්ලුව 12 කණුව අවට පිහිටි අක්කර 100ක පමණ පොල් ඉඩමක මුරකාර සේවයට ගොස් තිබේ.
එම පොල් ඉඩමේ මුරකරුවන් කිහිප දෙනකු සේවය කරන බව පොලිසිය පැවසීය.
සැකකාර පුද්ගලයා හා බිරිඳ ද එක් මුර කුටියක පදිංචිව සිට ඉඩමේ කොටසක් රැක බලා ගනිමින් සිට ඇති බවත් පොලිසිය කියයි.
පොලිසිය උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින අවස්ථාවේ දී අනාවරණය වී ඇත්තේ උප සභාපතිවරයා වත්තේ සේවය කරන මුර පවුල සමග කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇති බවය.
පසුව හිටපු උප සභාපතිවරයා ඉකුත් 27 වැනිදා සවස ඉඩමට සිය කැබ් රථයෙන් පැමිණෙන අයුරු තවත් මුරකරුවකු දැක තිබේ.
සැකකරු සමග උප සභාපතිවරයා බහින් බස් වීමක් සිදු වන්නට ඇති බවටත් පසුව මුරකාර යුවළ උප සභාපතිවරයා මුර කුටිය තුළට රැගෙන ගොස් අත් පා ගැට ගසා රාත්‍රී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
වෙනත් මුරකරුවකු 28 වැනිදා පෙරවරුවේ සැකකරු පදිංචිව සිටින මුර කුටිය අසලට පැමිණ බලද්දී උප සභාපතිවරයාගේ කැබ් රථය දැක ඇති අතර වත්තට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බව දැක ඇත. පසුව මුරකරු සැකකාර මුර යුවළ පදිංචිව සිටි මුර කුටියට ගොස් දොරවල් විවෘත කර බලද්දී උප සභාපතිවරයාගේ අත් පා ගැට ගසා ඝාතනය කර ඇති අයුරු දැක වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
සැකකරු හිටපු උප සභාපතිවරයා ඝාතනය කර බිරිඳ සමග වරකාපොළ නිවසට රාත්‍රී පැමිණ ඉකුත් 29 වැනිදා වස පානය කර වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් වරකාපොළ පොලිසිය පැවසීය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා