(ටී.කේ.ජී. කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එසේම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාරවල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව 100 ක් 150 ක් පමණ සේවිකාවන් සිටියද, ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 3 ක් හෝ 4 ක් වීම මෙයට නිදසුනක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .
ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන, තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් 'මෑන් පවර්' ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම ද මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුනායක කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට අවධානය
Nuwan Friday, 16 October 2020 02:06 PM
මේ පාර ගිහින් ඉඹින්න මූණක් තියේවිද දන්නේ නැහැ.
සනත් ඉතාලිය Friday, 16 October 2020 05:03 PM
පාලකයො අපේ බදු මුදලින් අපේ කතිරෙන් සුවිසල් මාලිගාවල සුර සැප විදිනකොට සාමාන්‍ය ජනතාව විඳින දුක දකින්න මේවගේ ව්‍යසනම එන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාලය ආයෝජන ප්‍රවර්ධන කලාප පාලකයින්ට වැජඹෙන්න ධන උල්පත්. 71වසරක් ගිහිල්ලත් පොඩි මිනිහා දවසින් දව අගාධයට පාලකයෝ දිව්‍යලෝකෙට අහෝ මගෙ රට මගේ ජාතිය දුප්පත් අහිංසක ජනතාව...
NIMALFriday, 16 October 2020 06:14 PM
රටවිරුවා, තමුන්ගේ අන්තිම ටිකට් එක අරගෙන ඇවිත් ඡන්දය දීලා දැන් මේ මොනවද කියවන්නේ..?
kamalSaturday, 17 October 2020 04:21 AM
එක රටක්, එක නීතියක්, එක 69 ලක්ෂයක මෝඩයින් රැලක්...
මරියා Saturday, 17 October 2020 06:22 AM
69 ලක්ෂයට බැනලා වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදියි, මෝඩයි සහ දේශපාලන දැක්මක් නැහැ. මේ අසරණකම උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තු අවස්ථාව තමයි 69 ලක්ෂය අවස්ථාව. ඇත්ත, රටේ මෝඩයින් ලොකු කොටසක් ඉන්නවා. ඒ වගේම ටයි කෝට් දාන අවස්ථාවාදී, උගත්, ඒ වුණාට බයියෝ නෙවෙයි වගේ වෙස් වලාගත්තු කොටසකුත් ඉන්නවා. ඒ දෙකම එකතු වෙලා තමයි මේ පාර 69 ලක්ෂය හැදුනේ. රෑ වැටිච්ච වලේ මහ දවල් වැටෙන එක දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේම තියෙනවා...
Mahesh Friday, 16 October 2020 06:09 PM
පළාත් අතර ගමනාගමනය හෝ සීමා කරන්න කටයුතු කළයුතුයි. නැත්නම් මේක කොහෙන් නවතියිද කියන්න බෑ.
Ashan Friday, 16 October 2020 10:45 PM
රටේ ජීවනාලිය වගේ ඉන්න මේ අහිංසක දරුවන් කොච්චර දුක් වින්දත් සුර සැප විඳින පාලකයින්ට ගානක්වත් නෑ. ළමයි 100ට වැසිකිලි 3,4 කියන්නේ මොනතරම් දුකක්ද? මේ අහිංසකයින්ගේ දහඩියෙන් සැප විදින අයට හොඳක් නම් වෙන්නේ නැහැ.
Banda Saturday, 17 October 2020 03:18 AM
නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට...
ගයාන් Saturday, 17 October 2020 01:45 PM
කටුනායක BOI වැඞ කරන අයට නිවාඩු දෙන්නේ නැතුව වැඩට ගෙන්නනවා. අසාධිතයින් දැන් වැඩිවෙනවා. තව ටික දවසකින් කටුනායක ප්‍රතිඵල බලාගන්න පුළුවන්.