IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොටේ දෙවැනි අදියරත් ජනතා අයිතියට

 (ටී.කේ.ජී.කපිල )

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී   විවෘත කිරීම සිදු විය .

ලොව නැගෙනහිර සහ බටහිර කළාපයන් යා කෙරෙන ආසියාවේ ප්‍රධානතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ පළමු පියවර යටතේ වූ දෙවන අදියරේ ඉදිකිරීම් මෙසේ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදු විය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දෙවන සංවර්ධන ව්‍යාපෘතිය වීම විශේෂත්වයක් වන අතර , ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි ලොව අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වලට අනුරූප වන සැළසුමක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කර තිබේ .

 මෙමගින් කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාවය මිලියන 06 සිට මිලියන 15 දක්වා ඉහළ යෑමට නියමිතය.

 එසේම ගුවන් බස් දොරටු සංඛ්‍යාව 06 සිට 16 දක්වා ද , ගුවන් මගී විවේකාගාර 04 සිට 10 දක්වා ද , ආගමන විගමන පිරික්සුම් කවුළු 53 සිට 149 දක්වා ද , ගුවන් යානා නැවැත්වීමේ අංගන 23 සිට 49 දක්වා ද වැඩි වීමට නියමිතය .

මෙම උත්සව සභාව අමතමින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය .

ගෝලීය වසංගත තත්වයක් රටේ පවතින අවස්ථාවකදීත් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් . ඉකුත් 2014 වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ද , පසුගිය යහපාලන රජය , මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබුණා . එයින් රටටත් , ගුවන් තොටුපළටත් විශාල පාඩුවක් සිදු උනා . යැයි ද ප්‍රකාශ කළේය .

ඉන්පසුව සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ද උඋත්සවය සභාවේ දී ස්තුතිය පළ කරමින් අදහස් දැක්වීය .

ඉන් අනතුරුව ගුවන් තොටුපළ නව ගුවන් යානා නැවැත්වීමේ අංගනය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව , එහි වූ සමරු ඵලකයක ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළේය .

 මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදේකි මිසුකොශි (Hideaki Mizukoshi ) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ,  සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද පැමිණ සහභාගී වී සිටියහ .



අදහස් (1)

කටුනායක ගුවන්තොටේ දෙවැනි අදියරත් ජනතා අයිතියට

Lal Thursday, 25 November 2021 07:29 PM

ඕවා හැදුවේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඔයාලගේ සල්ලිවලින් නොවෙයි. තවදුරටත් ඔය දාන ගොන් ෂෝ නවත්තන්න. දකින්න අප්පිරියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 199 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 339 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 838 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 708 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1004 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26889 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site