( තිළිණි ද සිල්වා )
කටුනායක ගුවන් මගී මෙහෙයුම් ඩිජිටල්කරණයට ලක් කරමින් ගුවන් යානා නැවැත්වීමේ හැකියාව දෙගුණයක් කරන බව ගුවන් සේවා හා ආයෝජන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (07) පැවසීය.
ඒ අනුව මගීන් පරීක්ෂාව සදහා ස්පර්ෂ රහිත කියෝස්ක් තාක්ෂණය , ,ස්වයං ගමන් මලු සලකුණු කිරීම් , නව ජංගම බෝඩිං බලපත්රීයක් , මුහුණු හදුනා ගැනීමේ සත්යාාපනය, කෘතිම බුද්ධිය මගී පහසුවට මුසු කිරීම , ගුවන් යානා නැවැත්වීමේ හැකියාව 26 සිට 49 දක්වා ඉහලට නැංවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සමග මගීන් ගේ ඇතුලත් වීමේ තොරතුරු ඒකාබද්ධ කරන බවත් ඒ තුලින් කඩදාසි රහිත ස්පර්ෂ රහිත අපහසුතාවයකින් තොර ස්වයං සේවා ගුවන් ගමනක් ලබාදීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාව බවද ඩී.වී.චානක අමාත්‍යවරයා කීවේය.
දියුණු ගුවන්තොටුපලක ඇති නවීන තාක්ෂණය මුසු වූ සියළු ක්‍රියාකාරකම් කටුනායක ගුවන්තොටුපල තුලද ස්ථාපිත කිරීම හරහා සෑම ගුවන් මගියෙකුටම ඉතාමත් පහසුවෙන් හා වඩාත් කාර්යක්ෂමව තම සේවාවන් ඉටුකර ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහය මත ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව වැඩසටහනට අනුව ස්වයංක්‍රීකරණය භාවිතය ඉහල දැමීම හරහා ගුවන් මගීහූ නිලධාරීන් අතින් හැසිරවීම අවම වීමත් , සියළු ගුවන් මගීන්ට තම කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව කාර්යක්ෂමව සිදු කරගැනීමට මේ අනුව හැකි වේ.
මීට සමගාමීව ඉදිවන නව ගුවන්යානා නැවැත්වීමේ අංගනය ඉදිකිරීම්ද අවසන් අදියරේ පවතින අතර එය ලබන මස අවසානයට පෙර අවසන් කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටුනායක ගුවන්තොටේ මෙහෙයුම් ඩිජිටල්කරණයට
supun Thursday, 07 October 2021 03:53 PM
ලොකු දෙයක්.. පැය ගනන් පෝලිම් වල ලගින්න වෙන එක නැති වෙන එක නම් සෑහෙන්න වටිනව.නැත්තන් ලංකාව එපා වෙලා යන එකා ඔතන කට්ටකාල ගියාම මතක් වෙනකොට ආපහු ලංකාවට එන්න හිතෙන්නෙ නෑ..