(විනීතා එම්. ගමගේ)
පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ හැකි අංග සම්පූර්ණ රසායනාගාරයක් ඉදිරි දින කිහිපයේ දී කටුනායක ගුවන් තොටුපළෙහි ඉදිකිරීමට ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගේ සංගමය පියවර ගෙන ඇතැයි එම සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ධාෂ් මහතා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවේ පවසා තිබේ.
නව රසායනාගාරයේ භාවිතා කිරීමට නව පී.සී.ආර්. යන්ත්‍රයක් ද ලබාදෙන බව සරට් ධාෂ් මහතා සඳහන් කර ඇත.
මේ වනවිටත් රුපියල් මිලියන 45 ක් වටිනා කොරෝනා රෝග නිශ්චය යන්ත්‍ර හා උපකරණ කටුනායක ගුවන් තොටුපළට ලබා දී ඇති බවත්, මෙම නව පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ලබාදෙන්නේ ඊට අමතරව බවත් සරට් ධාෂ් මහතා මෙම හමුවේදී සඳහන් කර ඇත.
ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ධාෂ් සහ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු කම්කරු අමාත්‍යංශයේ දී හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් 45,000 කට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටින බවත්, නිරෝධායනය සඳහා යොමුකරවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බවත් සරට් ධාෂ් මහතා හමුවූ අවස්ථාවේ කම්කරු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බහුලව සිටින රටවලින් පැමිණීමට බලාපොරොත්තු වන අය ගෙන්වා ගැනීම සඳහා, ඒ ඒ රටවල තානාපති කාර්යාල සමඟ සහ ශ්‍රමිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා එහි දී පවසා ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටුනායකට තවත් පී.සී.ආර් යන්ත්‍රයක්