IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා

 

(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට  ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ  ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන  මන්ත්‍රී ධූරය  නොදුන් බවට චෝදනා කරමින්  එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා   කෑකෝ ගසමින් එහි  කලබල කර ඇතැයි වාර්තාවේ.

මේ සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි  නොසන්සුන් තත්වයක් ඇතිවිණැයි කියති. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා  කෝටි පනහක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙනි.

ඔහු එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත්  එම පක්ෂ ජාතික  ලැයිස්තුවේ සිටියේය.

ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් " ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ "  යනුවෙන් පවසා ඇතැයි දැනගන්නට
ඇත.

අනතුරුව ව්‍යාපාරිකයා " මම ඕක බේරගන්නම්කෝ" යනුවෙන් පවසා එම ස්ථානයෙන්  පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව  සම්බන්ධව  සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව  එහි ආරංචි මාර්ග සඳහන් කළේය. ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව  ඇතැයි වාර්තාවේ.

 

 



අදහස් (25)

කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා

පිටරටවැසියා Friday, 10 January 2025 10:19 AM

විපක්ෂයේ වුණත් පළපුරුදු කට්ටියනෙ, රටට-ජනතාවට සේවයට තියෙන කැපවීම, උවමනාව කෝටි 50ක් දීපු එකෙනුයි, ගත්ත එකෙනුයි, හොඳටම පැහැදිලි වෙනව... තක්කඩි, කාලකන්ණි....

:       56       153

Anura PasquelFriday, 10 January 2025 05:16 PM

ලංකේෂ්වර මෛත්‍රීපාල...

:       8       10

Rangana Friday, 10 January 2025 10:20 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       16       115

බකල ජයා Friday, 10 January 2025 10:37 AM

පුද්ගල නාමයක්, ස්ථාන නාමයක්, දිනයක් වගේ පුවත්පත් කලාවේ මූලික කරුණු සඳහන් නොවන නිව්ස් අයිටම් කියවද්දි නීලයි, කමලයි, චම්පයි, රේඛයි, භානුමතියි, නයනයි, සඳරේකයි එක්ක ලිඳ ලඟ ඉන්නව වගේ දැනෙනවා.

:       6       178

විකුම් Friday, 10 January 2025 10:59 AM

නමත් එක්ක දාන්නකෝ.ආපු කෙනා රත්න හාල්.මුදලාලී.ගත්ත කෙනා සජී බබා ?

:       2       112

Truth Friday, 10 January 2025 11:04 AM

අන්ටිජන් විකුනලා හොයා ගත්ත සල්ලි මදි වෙලාද තවත් සල්ලි ගත්තෙ මලක නමක් ඇති හාල් හදන මෝලගෙන් ?

:       61       44

අරවින්ද මොනරවිල Friday, 10 January 2025 11:13 AM

බාබර් මහත්තයා කොණ්ඩය කපන ගමන් හක්කේ දතකුත් ගලවලා තියෙන්නේ නිපූණ මුදලාලිගේ !

:       8       38

Jayasekara Friday, 10 January 2025 11:20 AM

ඕකුන්ට පුලුවන් ඕවා තමයි කරන්න... උන්ට රට හදන්න උවමනාවක් තිබ්බෙම නැහැ.. ඒකයි රට මාස 02 තුනකින් ගොඩගන්න අමාරු.."

:       5       57

Jayasekara Friday, 10 January 2025 11:23 AM

නමත් එක්කම දාන්නකෝ.. ඉවරයි නේ

:       0       51

Nimal Friday, 10 January 2025 11:32 AM

අනුර ජනාධිපති හැප්පෙන්නේ මෙවැනි අය එක්ක නේද? මුන් එක්ක කොහොමද රටක් හදන්නේ

:       25       72

Rashmi Friday, 10 January 2025 11:37 AM

නමක්, ගමක්, ස්ථානයක් වගේ හරි විස්තරයක් නැති ප්‍රවෘත්ති නිකන්ම නිකන් ගොසිප් විතරයි.

:       2       60

Kazi Shajahan Friday, 10 January 2025 12:01 PM

පොහොට්ටුව වැඩේ ඇනගන්න වගේ යන්නේ, මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන බොරු කරලා....

:       48       30

Manju Friday, 10 January 2025 12:06 PM

මේ කියන ධනපතියා වැරැදිලාවත් මන්ත්‍රී ධුරයට ආවොත් ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? දීපු කෝටි 50 හොරකම් කරලා කොහොම හරි පාඩුව පියවාගන්න බලන එක. පහුගිය කාලේ වුණේම මේවගේ දේවල්...

:       5       75

Asintha Friday, 10 January 2025 12:25 PM

සහල් ව්‍යාපාරිකයෙක්ද?

:       0       35

යෝගා Friday, 10 January 2025 12:38 PM

කවුද කළුකඩ හාල් මෝලාට පොල්ල තිබ්බේ...? පුතාණෝද, මැද බණ්ඩාද? මොනවා වුණත් පුතාණෝගේ රෙදි ඉල්ලේ, මෝලාට හොඳම වැඩේ...

:       0       43

beau Friday, 10 January 2025 01:04 PM

හ්ම්, සල්ලි ගත් කෝටිපති ව්‍යාපාරිකයා.. අද දෙරණ මේ ගැන හොඳට දන්නවා ඇති නේද?

:       36       26

Punsiri Friday, 10 January 2025 01:46 PM

හාල් මුදලාලි, සමගි ජන බලවේගය...

:       1       35

sugath Friday, 10 January 2025 03:51 PM

ඔය මිනිසුන් දේශපාලනයට එන්ට පොර කන එකම හේතුව තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම. මේ දේශපාලන සංස්කෘතිය රටින් අතුගා දැමීම ගැන සතුටුයි.

:       0       28

NEW Rathna Friday, 10 January 2025 03:52 PM

මෛත්‍රීපාල නේද මේ .මහමෝලෙක්නේ

:       14       8

ගමේ එකාලා Friday, 10 January 2025 05:50 PM

දේශපාලනේට එන්න ඔය තරම් කෑදර ඇයි? තමුන්ගේ බිස්නස් කරදරයක් නැතුව කරගෙන යන්න තියෙන වුවමනාවට වෙන්ඩැති.

:       2       15

පිටිගල මිලානෝ Friday, 10 January 2025 06:38 PM

පුද්ගලික ගුවන් යානයක් හිමි ප්‍රසිද්ධ හාල් කෑල්ලක්… නාඩු ඩඩ්ලියා නෙවෙයි… මෙයා ඊට වඩා පෝසත්….

:       0       15

Hasitha Friday, 10 January 2025 06:50 PM

සජිත් ප්‍රේමදාස ගොඩක් දේවල් වලට රැවටිලා තියෙනවා.

:       0       15

Sudelmi Saturday, 11 January 2025 12:53 AM

අතන සහල් සහ ෆොන්සේකා ගැටුම....

:       0       2

sam Saturday, 11 January 2025 06:36 AM

මෙයා තමයි මහා පරිමාණයෙන් සහල් හංගගෙන හිටියේ.. මේ වගේ අයට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා.

:       0       9

Kamal Koyrala Wednesday, 22 January 2025 02:43 PM

කෝටි 50 සමඟ හාල් මිටි කීයක් දුන්නාද පුතානෝට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 444 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 98 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 249 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 292 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 367 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 663 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 406 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site