IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


කටාරයේ සිටින තවත් ශ්‍රී ලාංකිකයෝ 280 ක් හෙට එති

( තිළිණි ද සිල්වා)

කටාර් රාජ්‍යයේ සිටින  ශ්‍රී ලාංකිකයින් 280 දෙනෙකු  හෙට ( 27) අලුයම දිවයිනට පැමිණෙන බව කටාර් හී වැඩබලන ශ්‍රී ලංකා තානාපති කෝහුල රංගන් මහතා ලංකාදීපයට පැවසීය.

එම පිරිස අද (26 වැනිදා) රාත්‍රී දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළින්  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්වන අතර එම යානය  හෙට අලුයම 5.45ට පමණ කටුනායක ගුවන්තොටුපළට ලඟා වනු ඇතැයි වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .

මෙලෙස දිවයිනට පැමිණෙන ලාංකිකයින් අතර කටාර් රාජ්‍ය විවිධ රැකියාවන්හි නියුතුව සේවා කාලය අවසන්ව සිටින පිරිස් , කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වුවන් , ඔවුන් ගෙන් යැපෙන්නන් සහ ගර්භනී මව්වරුන් කිහිප දෙනෙකුද සිටින බව වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.

මෙම පිරිස පෙරේදා (25) කටාර් සිට  ශ්‍රී ලංකන් ගුවන් යානයකින්  මෙරටට පැමිණීමට නියමිතව තිබුණද හදිසි තත්ත්වයක් මත එම ගුවන් ගමන තාවකාලිකව අවලංගු වූ බවත් , ඒ හේතුවෙන් අතරමං වූ එම පිරිසට විදේශ සබදතා අමාත්‍යාංශය ලේකම්වරයා ගේ උපදෙස් මත අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීමට කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කටාරයේ වෙසෙන ලාංකිකයින් 1051 කට කොරෝනා ආසාදනය වී ඇතැයි සදහන් කරමින් පළ වන වාර්තා වල සත්‍යතාවය තම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නොදන්නා බවයි.

කෙසේ වෙතත් ලාංකිකයින් කොපමණ සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි යන්න දැන ගැනීමට තමන් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වාර්තාවක් ලැබු⁣නහොත් , කොරෝනා ආසාදනය වූ ලාංකිකයින් සංඛ්‍යාව දැන ගැනීමට හැකි බවද හෙතෙම කීය.

කෙසේවෙතත් කොරෝනා ආසාදනය වන එරට සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නොමිලේ ⁣රෝහල් වෛද්‍ය  ප්‍රතිකාර ලබා දීමට කටාර් රජය හැමවිටම කටයුතු කරන බවද වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම කටාරයේ  කොරෝනා වසංගත තත්ත්වය පැවතියද එම රෝගීන් සදහා අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට එර⁣ට රජයේ බලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කරන බවද වැඩබලන තානාපතිවරයා කියා සිටියේය.

 



අදහස් (5)

කටාරයේ සිටින තවත් ශ්‍රී ලාංකිකයෝ 280 ක් හෙට එති

දයාන්ජය Tuesday, 26 May 2020 01:41 PM

ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය ඉතා පරිස්සමෙන් තම සේවය කළ යුතු කාලයක්. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න... ඔබ සියලුම දෙනාට බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

:       0       1

de silva Tuesday, 26 May 2020 01:59 PM

වැඩබලන තානාපති කියන්නේ බොරු, එහෙ අතරමන්වෙලා විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් සමහරු ලෙඩවෙලා ඔවුන්ට ඔය කියන සෞඛ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. එහෙ ඔය කියන පහසුකම් අපේ මිනිසුන්ට දෙනවා නම් ඔවුන් අපිව බේරගන්න කියලා මෙතරම් පින්සේන්දු වේවිද? කොරෝනා නොවේ වසූරිය හැදුණත් ලංකාවට එන්න කැමති අපේ සහෝදර ශ්‍රමිකයන් අපි ගෙන්වාගන්න ඕනේ... එ්ක තමයි නියම දේශප්‍රේමය, කටාර්, කුවේට් වල ඉඳන් පසුගිය දවස්වල ලංකාවට ගෙන්වපු මිනිස්සු පින්දෙනවා.. මම ටියුබ් එකේ දැක්කා... ඔවුන් අර එංගලන්තේ ඉඳන් අාපු පුද්ගලයින් වගේ හමුදා භටයින්ට ඉංග්‍රීසියෙන් බැන්නේ නැහැ.. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නැතිනම්.., ඔවුන්ට ඉස්කෝලෙක පැදුරක් එලලා දුන්නත් ඔවුන් ඉඳීවි....

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 02:39 PM

මේත් අපේ මිනිසුන්... ඒත්, මේ ලෝකයේ තියෙන්නෙත් බෙහෙත් නොමැති මහා භයානක වසංගතයක්. ඒනිසා, සෞඛ්‍ය නීති රීති තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. මන්දයත්, දහවැනි මියගිය රෝගියා ළඟදී පිටරට සිට පැමිණි කෙනෙක්...

:       0       0

mihira Tuesday, 26 May 2020 03:10 PM

එම්බසි කොහොමද මෙහෙ ඉන්න කොරෝනා අය ගැන දන්නේ? අඩුගාණේ ඒ එය කෝල් එකකටවත් ආන්සර් කරන්නේ නැහැ...

:       0       0

Sasika Tuesday, 26 May 2020 07:16 PM

තවත් කියන්නෙ කලිනුත් ආවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1093 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 589 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 692 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 353 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1568 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 471 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 549 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site