(නිමල කොඩිතුවක්කු)
උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීග්‍රගාමී දුම්රිය ගමන් මාර්ගයේ ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි(ගමනාගමන) ඒ. ඩී. ජී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.
අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස්කඳු පස් කඳු කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව අද රාත්‍රී 8.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ පස්වරු 6.00ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් සහ හෙට දින කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 5. 55, 8.30, 9.45 ට ධාවනය වීමට නියමිත දුම්රිය යන සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත පෙරවරු 5.45, 8.30, 10. 15 ට ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කරන බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටුව-බදුල්ල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි