කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වූ පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිට සුසාන භූමි වෙත රැගෙන එමින් තිබේ.
මියගිය පිරිසේ දේහයන් කටුවපිටිය දේවස්ථානයට රැගෙන විත් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව සුසාන භූමි වෙත රැගෙන ඒම සිදුවෙමින් පවති.
කටුවපිටිය බෝම්බ පිපිරිමේන් මියගිය පිරිසේ දේහයන් සිය ඥාතින් විසින් කටුවපිටිය ඩේවිඩ්වත්ත පොදු සුසාන භූමියට රැගෙන එම සිදුවන අයුරු දැකගත හැකි විණි.
ඒ සමගම තවත් දේහයන් රැසක් සෙල්ලකන්දල් සුසාන භුමියේ තැන්පත් කිරීමට ද සුදානම්ව තිබෙන ආකාරය දැකගත හැකි විය.
හඬා වැලපෙමින් මියගිය ඥාතීන්ගේ දේහයන් සුසාන භුමි වෙත රැගෙන එන ඥාතීන්ගේ විලාපයෙන් කටුවපිටිය ඇතුළු ගම්මාන ගණනාවක දෝංකාර දෙමින් තිබේ.
දේහයන් ඩේවිඩ්වත්ත සුසාන භුමියේ දී සමුහ ලෙස විශාල වළක මිහිදන් කිරිම සිදුවෙමින් පවතී.
(ඡායාරූප ශාන්ත රත්නායක)
කටුවපිටිය දේවස්ථානයේ දී මියගිය අයගේ සිරුරු මිහිදන් කරන අයුරු - ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - ශාන්ත රත්නායක
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කටුවපිටියේදී කාදිනල්තුමෝත් කම්පාවෙති
Raveendra Tuesday, 23 April 2019 06:17 AM
ඉතාම කණගාටුදායක ඡායාරුප පෙළක්. මෙසේ තම ජිවිත අහිමු වූ සියලුම කිතුනු බැතුමතුන්ට මෙන්ම අන් අයටද නිවන් සුව අත්වේවා !!! ඔවුන්ගේ පවුල්ව සියලුම සාමාජිකයන්ට අප ගේ කණගාටුවද ප්‍රකාශ කරන්නෙමු.
ලුම්බිණි Tuesday, 23 April 2019 06:32 AM
කිසිම හේතුවක් නැතුව ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුන මේ මිනිසුන්ට මෙවන් දෙයක් අත් කර දුන් සියල්ලටම සහ මෙයට අනුබල දුන් සියල්ලටම කවදා හෝ වන්දි ගෙවන්න සිදු වේවා.
sandy123 Tuesday, 23 April 2019 07:30 AM
දිවි අහිමු වූ සැමටම මොක් සුව පතමු.
Mahesh RAnganath Tuesday, 23 April 2019 07:48 AM
මේ මහා අපරාධයට සහය දුන් සැමට කවදා හෝ මේ පවට වන්දි ගෙවන්න සිදුවේවි. ඔබ සැමට මොක්සුව අත්වේවා. ජාති ජාතිත් මෙවන් රුදුරු අකල් මරණයකට ගොදුරු නොවේවා.
chamal Tuesday, 23 April 2019 12:49 PM
ඕමල්පේ හාමුදුරුවෝ කිව්වා හරි. බෝම්බේ සයිස් එක කියනකන් හිටියද මේ ගැන හොයලා බලන්න..?
pakeer Tuesday, 23 April 2019 01:34 PM
දේශපලුවනි, තොපේ ඇති නොහැකියාව සහ බඩගෝස්තරවාදී බල ලෝභී කම හේතුවෙන් රටේ එදත් අදත් හෙටත් මෙවන් අහිංසකයන් තම ජීවිත වලින් වන්දි ගෙවනු ඇත . කවදා හෝ නුඹලාටද මෙවන් ඉරණම අත්වනු ඇත . තොප කුමන ආගමක් ඇදහුවද, තොප හට එය පොදු වනු ඇත.
Niroshan Tuesday, 23 April 2019 04:05 PM
ඔබ වැනි ආගමික නායකයන් රටට වාසනාවක්
gihan Wednesday, 24 April 2019 08:52 AM
මේ මියගොස් සිටින්නේ, සාමකාමී ආගමක, එම ආගමට ලැදි, පුද්ගලයන්ය.
Lashan Wednesday, 24 April 2019 09:13 AM
මුස්ලිම් පූජකයන්ගේ මූණවල්වල දුක්මුසු භාවයක් නම් දැක්කේ නැහැ.
Gihan Goonathilake Wednesday, 24 April 2019 03:24 PM
වළක්වාගත හැකිව තිබූ මේ මහා අපරාධය ජනතාවට වසන් කළ ඇමතිවරු, ආරක්ෂක ලේකම්, පොලිස්පති වහා අත්අඩංගුවට ගෙන ජනතාවට සාධාරණය ඉටු කරන්න.