IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොටවිල දරුවා ඩී.එන්.ඒ පරීක්ෂාවකට

(තරංග ගුණරත්න)

උපන් හැටියේම දරුවකු මිය ගියැයි කියන සිද්ධිය සම්බන්දයෙන් වාහාම ඩී.එන්.ඒ පරීක්ෂයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළේය.

වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි තරුණ අඹු සැමි යුවළක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ කරුණු දැක්වීමෙන් පසු එම නියෝගය කළේය.

පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 22 වෙනි දින රාත්‍රි 11:30 ට පමණ ත්‍රී රෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කොට තිබිණි

ඇය ඉකුත් 24 දින අළුයම 2 :41 පමණ සිය දරුවා බිහි කළ බවත් එම දරුවා තමා වෙත නොලැබුණු බවත් පසුව එම දරුවා මියගිය බවට විවිධ පරස්පරතා අදහස් රෝහල් බලධාරීන් විසින් පැවසූ බවත් එ අනුව ඒ පිළිබඳව තමන්ට සැකයක් ඇති බවට එම තරුණිය කොටවිල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව කොටවිල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ඉහත නියෝගය කළේය.

 



අදහස් (10)

කොටවිල දරුවා ඩී.එන්.ඒ පරීක්ෂාවකට

Ariyathilaka Tuesday, 28 May 2024 07:22 AM

මෙම DNA පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් DNA පරීක්‍ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි.

:       2       4

Ariyathilaka Tuesday, 28 May 2024 07:35 AM

පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් DNA පරීක්‍ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි. මේ රටේ සිදු කළ, සිදුවන පරීක්‍ෂණ පිළිබඳව සිතන විට, විශ්වාසය තහවුරු වීමට නම් සැකයට භාජනය නොවිය යුතු ය.

:       2       8

sathyapalaTuesday, 28 May 2024 11:25 AM

SO 17025 කියන්නේ අවංකකම නොවේ. ඒක සිස්ටම් එකක් පමණයි. ISO 17025 ක්‍රමයට සියලු ලියකියවිලි පිළිවෙලට තබාගෙන හොර කරන පරීක්ෂණාගාර ඕනේ තරම් දියුණු රටවල පවා තිබෙනවා. පොතේ විදිහටම පරීක්ෂණය කරගෙන ඇවිත් උත්තරය 10 නම් ඒ වෙනුවට උත්තරය 5 කියලා දැම්මම ඒවා අහුවෙන්නේ නෑ. ISO SLS තිබුනම ඔක්කොම හරි කියලා හිතන්න එපා. ඒ විතරක් නොවෙයි සුර්ය සිංහ ලාංචනය සහිතව "ගන්න අපේ දේ" කියලා ලෝකය පුරා තුනපහ මිරිස් විකුණන ආයතනයක් ඒවා ඉන්දියාවෙන් ගෙනත් ලංකාවෙන් පැකට් කරලා ලාංකික නිෂ්පාදන ලෙස පිටරට එවනවා. ඉන්දියන් ඒවාට වඩා වැඩි මුදලක් දීලා ලංකාවේ දෙයක් කියලා අපි ගන්නේ ඉන්දියන් ජරාව. SLS එකට 10 -15 වතාවක් රට සිට කතා කළා. දැන් SLS නෑ. සුර්ය සිංහ ලාංචනය දෙන එවුන්ටත් 15-20 වතාවක් කියුවත් මොනවත් කරන්නේ නෑ අපේකම මුදලට විකුණලා සල්ලි ගන්නවා. තවම ඒ සන්නාමයට ISO සහතික වර්ග 4 හෝ 5 තිබෙනවා. ගන්න අපේ දේ කියලා ඉන්දියන් ඒවා විකුනලා දේශීය ගොවියන් විනාශ කරනවා. ඒ නිසා ජාත්‍යන්තර ලකුණු වලට රැවටෙන්න එපා.

:       0       8

නිහාල් Tuesday, 28 May 2024 08:59 AM

ඕකට වෙන දේ තේරෙනවනේ. වරදකරුත් දොස්තර. ටෙස්ට් කරන කෙනත් දොස්තර. ඉතින් ප්‍රථිපලය පැහැදිලියිනේ.

:       1       18

Senarath Tuesday, 28 May 2024 09:41 AM

මෙතන ලොකු වැරැද්දක් වෙලා කියලා අපිටත් සැකයක් තියෙනවා.... ජාන පරීක්ෂණයක් කරන එක ඉතාම හොඳ තීරණයක්... ඒ අම්මාට තාත්තාට තමන්ගේ දරුවාගේ මුහුණවත් බලන්නවත් අයිතියක් නැතිද?

:       0       12

Ariyathilaka Tuesday, 28 May 2024 09:47 AM

ඩී.එන්.ඒ පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් ඩී.එන්.ඒ.පරීක්ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි. මේ රටේ සිදු කළ, සිදුවන පරීක්‍ෂණ පිළිබඳව සිතන විට, විශ්වාසය තහවුරු වීමට, සැකයට භාජනය නොවිය යුතු ය.

:       3       2

sathya Tuesday, 28 May 2024 10:01 AM

හරියටම වෙලා තියන දේ නොදැන,ඩොක්ටර්ස්ලට බැන වදින එක හොඳද ?

:       7       4

kam Tuesday, 28 May 2024 11:28 AM

ඩීඑන්ඒ පරීක්ෂණයෙන් දරුවා තමාගේ බව තහවුරු වූ පසු, මියගිය හේතුව සොයන්න පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු විය යුතුයි. සාධාරණයක් වේ යැයි ප්‍රාර්ථනා කරනවා

:       0       9

DNA Tuesday, 28 May 2024 03:34 PM

DNA පරීක්ෂණ රසායනාගාරවල සිදු කරනු ලබන්නේ කාර්මික ශිල්පීන් විසින් මිස වෛද්‍යවරුන් විසින් නොවේ

:       0       2

Rose Wednesday, 29 May 2024 10:17 AM

රෝහලට ගිහිල්ලත් ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 190 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1079 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3799 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2909 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3378 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site