IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කුඩු අංජු රැක ගන්න ප්‍රංශ පෙම්වතිය වලි කයි

(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)

ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ වන විට රිමාන්ඩ් බාරයට  පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වෙනිදා යළිත් ප්‍රංශ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ප්‍රංශ අධිකරණයක් හමුවට කුඩු අංජු නැමැත්තා ලබන 4වෙනිදා ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම නීතිඥ මණ්ඩලය ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ප්‍රංශ ජාතික සුරූපිනියක් සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන කුඩු අංජු නැමැත්තා ඇය සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික විවාහක බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා ඇතත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.

මෙම හේතුව මුල්කරගනිමින් අඹුසැමි යුවළ අතර නිතර ගැටුම් ඇති වෙන බවත් ඇතැම් අවස්ථාවල කුඩු අංජු නැමැත්තා සිය බිරිඳව කාමරයක දමා සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දෙන බවත් වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇතැයි එම බුද්ධි අංශ නිලධාරියා කීය.

සැමියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකි වූ බව කියන බිරිඳ ඔහුගේ තතු ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 වැනි දා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කුඩු අංජු නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

 



අදහස් (3)

කුඩු අංජු රැක ගන්න ප්‍රංශ පෙම්වතිය වලි කයි

Asela Tuesday, 02 May 2023 06:55 AM

සුරූපිනිය!!!, ප්‍රන්ශේ ඉන්න අපි දන්නවා ඔය සුරූපිනිය ගැන...

:       3       11

manju Tuesday, 02 May 2023 10:42 AM

අලස් ට ඔහුව නිදොස්කොට නිදහස් කරන්න වෙනවා නියතයි...

:       3       11

romesh Tuesday, 02 May 2023 06:02 PM

කොහොම වුණත් ඔය කුඩු මුදලාලිව ලංකාවට පිටුවහල් කරන්න ප්‍රංශ අධිකරණය අවසර දෙන්නේ නැහැ. ප්‍රංශ අධිකරණය කියන්නේ ලංකාව වගේ දේශපාලකයින්ගේ ඕඩර්ස් වලට, පොලිසියේ ඕනෑකමට වැඩකරන අධිකරණයක් නොවෙයි. රටේ ජනාධිපතිවවත් ගණන් ගන්නේ නැති උත්තරීතර ආයතනයක්. මේ මිනිහාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෙදර ගෑනිට පහරදීම නිසාලු. ගෙදර බල්ලාට, ගෑනිට, ළමයින්ට පහරදීම ප්‍රංශයේ ලොකු වරදක්. ඒ අනුව සමහරවිට ඔය මිනිහාව මාස 6 ක් විතර ප්‍රංශයේ කූඩුවකට දමාවි, ඒ හැර ලංකාවට නම් එවන්නේ නැහැ. ඒ රටේ අධිකරණය දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ වනචාරින් පාලනය කරන මිත්‍යාදෘෂ්ටික වහල්ලුන්ගෙන් පිරුණු චූටි දුපතක් කියලා...

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 685 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2172 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 542 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 560 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 273 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 514 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site