IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුඩා කාලයේ කේට් කුමරියට සැත්කමක් කරලා

(විමුක්ති එස්. රුද්‍රිගෝ)

කේට් කුමරිය, යොවුන් දැරියක කාලයේ, ඇගේ හිසේ සැත්කමක් සිදු කර ඇති බවත්, හිසේ ඇති වුණු ගැටිත්තක් එම සැත්කමින් ඉවත් කෙරුණු බවත් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය මේ බව වාර්තා කළේ, රජ පවුලේ කටයුතු සම්බන්ධයෙන් ලේඛකයකු ලෙස කටයුතු කරන, රොබ් ජොබ්සන් විසින් රචිත නවතම රාජකීය චරිතාපදාන ඇති විස්තර අනුවය.

යොවුන් දැරියක කාලයේ, කේට් කුමරිය, රෝහල්ගත කෙරුණේ, නිතර නිතර උදෑසන වමනය හට ගැනීම නිසාය. ශාන්ත මේරි රෝහලේ දී සැත්කමක් මගින් වෛද්‍යවරුන් එම ගැටිත්ත ඉවත් කළ බවත්, සැත්කම කළ ස්ථානයේ තුවාල කැලැල තවමත් දකින්න ලැබෙන බවත් රාජකීය චරිතාපදානයේ සඳහන් වෙයි.

ඉන්පසු දරු ප්‍රසූතියකදී හැර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබා නැතැයි ද පැවැසෙයි. අද බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරියගේ බිරිඳ වන 42 හැවිරිදි කේට් මිඩ්ලිටන් කුමරිය පිළිකා රෝගියෙකි. ඇය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින්නේ රාජකීය කටයුතුවලින් පවා ඈත් වෙමිනි.



අදහස් (5)

කුඩා කාලයේ කේට් කුමරියට සැත්කමක් කරලා

ආච්චි Thursday, 01 August 2024 10:04 AM

ඇය සුවපත් වේවා! ජීවිතයට අපි හැමෝම ආදරෙයි.

:       1       59

prabash Thursday, 01 August 2024 11:09 AM

කේට් කුමරියට සුව වෙන්න ඕනෑ. එක හරි නමුත් තමන්ගේ රටේ මොනතරම් රෝගීන් ඉන්නවාද? එයාලා ගැනත් විශේෂ උනන්දුවක් දක්වනවා නම් හොදයි

:       10       15

අරුණ Thursday, 01 August 2024 12:14 PM

අවධානය බලෙන් අරගන්න බෑ. බුදුන්වහන්සේ දෙසූ හේතුඵල නියමය මතයි කටයුතු සිදුවෙන්නේ

:       1       16

පිටිගල මිලානෝ Thursday, 01 August 2024 12:12 PM

තෙරුවන් සරණයි…!

:       3       17

jayantha gurunnanse Thursday, 01 August 2024 01:19 PM

ඔය කුමරියගේ අතේ තියෙන මුදුව අපලයි.. ඒ නිල් මැණික් ගල අශුභ එකක්.. ඒක ඉස්සෙල්ල දැම්මේ ඩයනා කුමරිය (කේට් ගේ නැන්දම්මා) එයා චාල්ස් කුමාරයාගෙන් දික්කසාද වුනා පස්සේ රිය අනතුරකින් මලා .. ඔය නිල් මැණික රාජකීය පවුලට දුන්නේ ලංකාවේ ඒ කාලේ ලංකාවේ ප්‍රකොටිපති මැණික් ව්‍යාපාරිකයෙක් වූ නිමල් පතිරණ මහතා.. ඔහුත් පස්සේ බංකොලොත් වෙලා අසරණ වෙලා ආණ්ඩුවේ ඉස්පිරිතලේකද කොහෙද මළා .. දැන් බලන්න කේට් කුමරියට පිළිකාවක්.. වහාම ඔය ගල සහිත මුද්ද අයින් කරලා පොඩි සෙත් ශාන්තියක් කරන්න ඕන.. පුලුවන්නම් බකිංහම් මාලිගයේ වත්තේ තොවිලයක් කරලා දෙහි කපල ඔය අපල උපද්‍රව නැති කරන්න මට පුළුවන්.. කොහෙද දැන් කියයි මට පිස්සු කියල..

:       7       20

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 31 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 731 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 144 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3458 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1184 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2243 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30686 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site