IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී

 

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රසීලයේ වින්හෙඩෝ නගරයට පසුගිය සිකුරාදා කඩා වැටුණු වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගමන් ගත් 62 දෙදෙනාගේ මළ සිරුරු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ගුවන් අනතුරු හේතුවෙන් මියගිය 62 දෙදෙනාගෙන් 34 ක් පිරිමි පුද්ගලයන් බවත් 28 ක් කාන්තාවන් බවත් බ්‍රසීල බලධාරීහු පැවැසූහ. ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවන්ගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මළ සිරුරු සාඕ පවුලෝ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් බ්‍රසීල බලධාරීහු ප්‍රකාශ කළහ.

ගුවන් යානය කඩා වැටුණු අවස්ථාවේ මගීන් 57 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු එහි සිට ඇති බවට වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළත් පසුව එහි ගණන් නොගත් තවත් එක් මගියෙකු සිට ඇති බවත් ඒ අනුව ඒ.ටී.ආර් 72 වර්ගයට අයත් එම ගුවන් යානයේ මගීන් 58 දෙනකු ගමන් කර ඇති බවත් වෝපාස් ගුවන් සේවය පැවැසුවේය.

අනතුරට ලක්වූ ගුවන් යානය අඩි 17,000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ක්ෂණිකව කඩා වැටී ඇති බවත් අනතුරට හේතුව තවමත් අබිරහසක් බවත් වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළේය. අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් වෙත පියාසර කරමින් තිබූ බව එම ගුවන් සේවය පැවැසුවේය.

 



අදහස් (0)

කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී

ඔබේ අදහස් එවන්න

දියත

හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි
2024 නොවැම්බර් මස 30 122 0

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇ


‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘
2024 නොවැම්බර් මස 30 405 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම


වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 552 0

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2710 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2717 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1731 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 595 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site