(සුමිත් පොතුපිටිය)
මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.
දෙදෙනා ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා
මාළු මිළදී ගනිමින් සිට ඇති අතර , කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.
බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.
තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තු සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ,කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කූඩු වෙන්න සිටි යුවළක් ලොරියට යටවේ