(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර මූලික රෝහල ඉදිරිපිටදී කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු නයින් එම් එම් වර්ගයේ ගිනි අවි දෙකක් සමග පානදුර උයන්කැලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග මැඩගස්කර රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සලිදු මල්ශිත ගුනරත්න නොහොත් පානදුර කුඩු සලිදු නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මගින් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2022 ජනවාරි මස 27 වෙනි දින පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන්රථ රියැදුරුට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කුඩු සලිදු නැමැති සැකකරු සමඟ හෝ වෙන් වෙන්ව දිවයින තුල මිනීමැරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇත්ද යන්න පිළිබඳ හා සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇති ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72 කාලෙකට රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු සලිදුගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි