“මත්ද්‍රව්‍ය ජාවාරම”, ශ්‍රී ලංකාව ගිල ගත්තේ විවෘත ආර්ථිකයේ දොරටු විවෘත වීමත් සමඟමය. තර්කයකින් තොරව පිළිගත යුතු සත්‍යයය එයයි. විවෘත ආර්ථිකයේ අවභාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ “මත්කුඩු ජාවාරමේ” අනෙක් පැත්ත “කුඩු පාතාලයයි.“ එය එකම කාසියේ දෙපැත්ත මෙනි.
“පාතාලය” යන්නට පෙර අප අසා ඇත්තේ “චණ්ඩි” ගැනය. මරදානේ චොප්පේ, සොත්ති උපාලි, තට්ටේ සෝමේ, පොළොන්නරුවේ පොඩි විජේ, අග්ගොන චන්දරේ වැන්නෝ එදා ගමක් බය බිරාන්ත කළහ. එක් පැත්තකින් යුක්ති සහගතව ජීවත් වූ ඔවුහු පොලීසියට පක්ෂපාතී නොවූහ. එහෙත් පසු කලෙක දේශපාලන වුවමනා එපාකම් හමුවේ එය “පාතාලය” බවට හැරෙන්නට වූ බව නොරහසකි. ඒ සංස්කෘතිය මුළු රටටම කොඩිවිනයක් වූයේ පාතාලයන් ගෝඩ්ෆාදර් කිරුළ හිමිකර ගැනීමේ බල අරගලයට මැදි වීමනිසාය.
කසිප්පු නිසා ‘කැලණියේ ඩයස්’, හෝටලයක් නිසා ‘ඉතාලි ජගත්” වැන්නවුන්ගේ ඝාතනත් සමඟ ඇරැඹී පාතාල බල අරගල අද වන විට සමාජයේ වෙසෙන සාමකාමී ජනතාවට මහත් හිරිහැරයක් ගෙන දෙන්නක් වී හමාරය. කඩු, කිණිසි ඉතාමත් වේගයෙන් ටී 56, බෝම්බ බවට පත්විය.
මත්කුඩු වෙළෙඳාම ඔස්සේ ගොඩනැගුණු පාතාලය සියල්ලටම වඩා දරුණුය. මාලිගාවත්ත, දෙමටගොඩ, බොරැල්ල, මරදාන, කඩුවෙල, මොරටුව පමණක් නොව අද වන විට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මේ පාතාලයෝ ඔවුන්ගේ අණසක පතුරුවා ඇත්තාහ. තිස්වසරක කුරිරු එල්ටීටීඊ ත්රස්තවාදයේ වත් නොමැති දරුණු අහිතකර බලපෑම් දැන් දැන් පාතාල කෙරුමෝ කරන්නට පටන් ගෙන ඇත. කොටි ත්රස්තයන් රට දෙවනත් කරමින් ඇති කළ දෝංකාරයේ නිහැඬියාව අද බිඳිමින් හිඳින්නේ මේ පාතාලයයි. එහි අලුත්ම හඬ ඇසුනේ ඉකුත් දිනෙක “මොරටු පාතාලයෝ” යළි සිය අණසක වෙනුවෙන් කළ ක්‍රියාවක් හේතුවෙනි.
අප අසා තිබූ “මොරටු සමන්” අද මොරටුවේ නැත. මොරටු සමන්ගේ සමීපතම ගෝලයා මේ වන විට ඉතාලි ජාතික කාන්තාවක හා විවාහ වී එහි ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත. රත්මලානේ පාතාල කෙරුමකු වූ “උස කුමාර”,“දෙහිවල ජගත්” ඝාතනය කර පාතාලයේ “අයියා” කෙනකු වූ බව පැවසෙයි. එහෙත්, ඒ අයියාත් පරලොව යන්නේ පොලීසියට අත්බෝම්බයකින් දමා ගසන්නට ගොසිනි.
මොරටු සමන්ගේ ගෝලයකු බව කියැවෙන “ගොනාකෝවිලේ රොහා” රත්මලාන, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවල හෙරොයින් ජාවාරම ජයටම සිදුකරමින් සිටි පුද්ගලයකු බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. පාතාල නායකයන් සහ ඇතැම් දේශපාලනඥයන් අතර සමීප සබඳතා තිබූ බවට අදටත් සමාජය තුළ කතා බහට නැගෙන කරුණකි. දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ සභිකයකු වූ පොඩි මහත්තයා ද එදවස ගණන්කාරයෙක් විය. “කුඩු අංජු” සහ “ලංසියා” සොහොයුරෝ වෙති. පොඩි මහත්තයා මේ දෙදෙනාගේ බාප්පාය. බාප්පාගේ දේශපාලන ශක්තිය අතට ගත් මේ දෙ සොහොයුරෝ රත්මලාන ප්‍රදේශයේ සිය අණසක පතුරවමින් සිටියහ. “ගොනාකෝවිලේ රොහා” ද මේ දෙදෙනාට සම වෙමින් තිදෙනාම එක්ව ගමනක් ගියහ. එහෙත් ‘පාතාල බලය” බෙදා ගැනීම, මේ එක්වීමට වැඩි ආයුෂ ගෙනාවේ නැත.
පොඩි මහත්තයා විසින් විවිධ උපක්‍රම යොදා ගොනාකෝවිලේ රොහාගේ පාතාල බලය බිඳ දැමීමට උත්සාහ ගත්තේය. වරක් බෝම්බ සමග ‘රොහා” පොලිස් අත්අඩංගුවට පත් වෙයි. පොලීසියට ඔත්තුව දුන්නේ පොඩි මහත්තයා බවට රොහා විශ්වාස කළේය. පොලීසියෙන් බන්ධනාගාරයට යන ‘රොහා” බන්ධනාගාරයෙන් එළියට ආ දා පටන් පොඩි මහත්තයාගෙන් පළිගැනීමට කල් මරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේ මාර්තු 13 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේ කාර්යාලයක රැඳිසිටි පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කරන්නේ “රොහා” විසින් බවට පොලීසිය තොරතුරු සොයා ගෙන තිබිණි.
අංජු සහ ලන්සියා කාලයක් තමන් සමග ගමනක් ගිය ගොනාකෝවිලේ රොහා සදාකාලික සතුරකු බවට පත් කර ගන්නේ මෙම සිදුවීමෙන් පසුව බව ද පැවසේ.
මේ අතරට එන තවත් එක් චරිතයකි. ඒ රන්ජන් ද සිල්වාය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිටි රන්ජන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියාය. පොඩි මහත්තයාට වෙඩිතබා ඝාතනය කළ “රොහා” ඇතුලු මැර කණ්ඩායමට රන්ජන් සිල්වා රැකවරණය ලබා දුන්නැයි අංජු සැක කරයි. ඒ සැකය වෛරයකට පෙරැළී තිබුණේ රන්ජන් සිල්වා දේශපාලන වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමකට පත් වෙමින් සිටියදීය. විටින් විට ප්‍රදේශයේ ඇතිවන ඇතැම් ගැටුම්වල දී සැකකරුවන් අල්ලා දීමට රන්ජන් ද සිල්වා පොලීසියට උදව් උපකාර කර ඇතැයි අංජු රන්ජන් කෙරෙහි සැක සංකා ඇති කරගෙන සිටියේය. මේ දෙදෙනාගේ ගැටුමට රන්ජන් මැදි වූයේ පාතාලය නිසාය. මීට වසර පහකට පමණ පෙර නාගරික මන්ත්‍රී අමල් සිල්වාගේ නිවස ඉදිරිපිට දී යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස අංජුගේ කල්ලිය රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කළේ ඔහුගේ නිවස ඉදිරිපිටදීමය. ඒ 2018 වර්ෂයේ මැයි මාසයේ දිනකදීය.
අසංක නොහොත් ලන්සියාගේ මස්සිනා කෙනකු වූ විශේෂ බළකා සෙබළකුට රොහා බැණ වැදුණැයි කන වැකුණු ලන්සියා සහ රොහා අතර බහින්බස් වීමක් ඇති වෙයි. එය නතර වූයේ හෙරොයින් නඩුවකට මහර උසාවියේ පෙනී සිටීමට පැමිණි ලන්සියාට වෙඩි කෑමට සිදුවීමෙනි. ලන්සියා සිය මෝටර් රථයෙන් අධිකරණයට පැමිණ සිටියේ ඔහුගේ බිරිය දරුවා සහ නැගණිය ද සමගය. අවසානයේදී ඔහු, ඔවුහු ඉදිරිපිටම වෙඩි වැදී ඝාතනය විය. මොහුගේ අවමඟුල් පෙරහරට ගුවනින් මල් ඉසීමේ සිද්ධියක් ද ඒ වන විට වාර්තා වී තිබිණී. පෞද්ගලික ආයතනයක හෙළිකොප්ටරයක් යොදා ගනිමින් රත්මලාන නිවෙසේ සිට දේහය රැගෙන යන විට එයාර්පොට් හන්දිය ඇතුළු ස්ථාන කිහිපයක දී එලෙස ගුවනින් මල් ඉස ඇතැයි පැවසෙයි. ගුවනින් මල් ඉසීමේ පාතාල කලාව මෙරටට හඳුන්වා දුන්නේ මාකදුරේ මදුෂ් බවට අපට මතක් කර දෙන්නේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් පෙරහරට ඔහු ද එපරිද්දෙන්ම මල් ඉස්ස බවට තොරුතුරු අනාවරණය වන හෙයිනි. තම සහෝදරයාගේ මරණයට වගකිව යුතු රොහා සොයා දැන් මරාගන්නේ ලන්සියාගේ සහෝදරයා වූ කුඩු අංජු බව ආරක්ෂක අංශ සොයා ගෙන තිබේ. රොහා ආගිය අතක් නැත. කුඩු අංජු මේ වන විට ඉතාලියට පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. අංජු පිස්සු වැටී හොයන්නේ රොහාවය. රොහා හීන දකින්නේ අංජුගේ මිනිය දකින්නටය. අංජු හීන බලන්නේ රොහාගේ අවසන් ගමනය ගැනය. මේ පාතාල ගැටුම අද රත්මලාන ප්‍රදේශය ගිල ගෙන ගිනි ගෙන ඇත.
එහි ආසන්නතම සිදුවීම වන්නේ, ඉකුත් 19 වැනිදා ඇඳිරි නීතිය පනවා තිබිය දී නාඳුනන කල්ලියක් රත්මලාන සොයිසාපුර අවන්හලට කඩු පොලුවලින් පහර දෙනු ලැබූ සිද්ධියයි. සුඛෝපභෝගී වාහනයකින් පැමිණෙන මෙම නාඳුනන කල්ලි සාමාජිකයෝ ගල්කිස්ස පොලිස් වසමේ “ලක්මැදුර හෝටලයට” එලෙසින් ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සේවකයකුට කඩුවකින් පහර දී පැන යති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පොලීසියට පැමිණීලි නොකිරීමට වග බලා ගන්නේ දිගින් දිගටම ඔහුගේ ජංගම දුරකතනයට විදෙස් රටකින් ගලා ආ ඇමතුම් හේතුවෙනි.
අන්තර්ජාතික පොලීසියේ රතු නිවේදනවලට පවා යටත් නොවන ඩුබායි රාජ්‍යයේ සෙවණ ලබන්නට එහි ගොස් සිටින පාතාලයෝ එහි සිට දුරකතනයෙන් මෙහෙ සෙල්ලම් දමති. මෙය ද එවන් අවස්ථාවකි.
“කුඩු අංජු” පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “ධර්මේ අයියා” ද ලක්මැදුර හෝටලයේ හිමිකරු වෙත වරින් වර ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා මරණ තර්ජන කර ඇතැයි පසුව වාර්තා විණි. මේ හේතුවෙන් තවත් බලා සිටිය නොහැකි වූ තැන හෝටල් හිමිකරු පොලීසියට යන්නේ ආරක්ෂාව පතාය. ආරක්ෂාව ඈලියාවට ගොස් ඇති බව පෙනුණේ පොලිස් ආරක්ෂාව මැද නැවතත් කොල්ල කල්ලිය ඉකුත් 29 වැනිදා පාන්දර නැවතත් හෝටලයට වෙඩි පිට වෙඩි එල්ල කළ අවස්ථාවේදීය. මේ සිදුවීම් සියල්ලම සීසීටීවී කැමරා සාක්ෂි දරයි.
එතැන් සිට හෝටල් හිමිකරු හා රටින් එන ඇමතුම් විමර්ශන සඳහා පොලීසිය වෙත ලැබෙයි. ඒවා මේ වන විට ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ද ලැබී ඇත. දුරකතන සංවාදය අතරතුර ධර්මසිරි නැමැත්තා “උඹට ට්‍රයල් එක ගැහුවේ මම.” යනුවෙන් හෝටලයේ හිමිකරුට පවසයි. මේ දුරකතන සංවාද බොහෝමයක් සිදුව ඇත්තේ ඉකුත් 19 වැනිදා අදාළ හෝටලයට මැර ප්‍රහාරය එල්ලවුවායින් පසුව වීම විශේෂිත සිදුවීමකි.
හෝටල් හිමිකරු අංජුලාගේ ඉලක්කයක් වී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටින කරුණකි. ‘එයාර්ෆෝස් සම්පත්”, “අත්තිඩියේ කරු” යනු “රොහා” ගේ ගෝලයෝ ය. හෝටල් හිමිකරු මේ අය සමඟ සමීප සබඳතා පැවැත්වීම අංජුගේ කල්ලියට වහකදුරු වී ඇති බවට ආරක්ෂක අංශ සඳහන් කරන්නකි.
ඉකුත් 2019 වර්ෂයේ දිනෙක ගල්කිස්ස ප්‍රදේශයේ සැලුනයක සිටි එයාර්ෆෝස් සම්පත් සහ අත්තිඩියේ කරු යන අය ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය ගත් උත්සාහයක් ව්‍යාර්ත වී තිබිණ. ඒ දිනවල අංජු සිය ෆේස්බුක් ගිණුමේ “වෙඩි වරුසා සම්මාන ලබා දෙනවා” යනුවෙන් තවත් දේවල් ලියු පෝස්ට්ටුවක් පළ කර තිබුණේ මේ සිද්ධිය හේතුවෙන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
ගල්කිස්ස මූලස්ථාන පොලීසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් තිදෙනකු අඟුලාන මොරටුවේ දී අත්අඩංගුවට ගන්නේ ඉකුත් 27 වැනිදා රාත්‍රීයේය. පටබැඳිගේ සංජු තාරක, බෝගොඩආරච්චිලාගේ විශ්ව ජයතු සහ බෝගොඩආරච්චිගේ ධනුෂ්ක මධුෂාන් යන අයවලුන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් 30 වැනිදා මුලින්ම අත්අඩංගුවට ගන්නේ අඟුලාන මොරටුව පදිංචි ලියනගේ ජනිත් හෂාන් විමලවීර (34) නොහොත් “කොණ්ඩ ජනිත්”ය.
ලක්මැදුර හෝටලය කුඩුකරන්නට සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන්නේ ධර්මේ අයියාගේ ඕඩරයකටය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කොණ්ඩ ජනිත් ය.
“රත්මලාන පොදුජය ඉස්කෝලේ පිටිපස්සට වරෙන්. වාහනේ එයි. බඩු ටික ඒකේ තියෙනවා. නැගලා ගිහිල්ලා කුඩු කරලා වරෙන්.”
ගමනට තිදෙනකු පිටත් වෙයි. හෝටලය කුඩු කිරීමේ ගාස්තුව කුඩු පැකට් 70ක් සහ මුදලින් රුපියල් 20,000ක් බව පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිකරගෙන තිබිණි.
මෙහි තවත් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගන්නේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේදීය. වලව්වත්ත, ධර්මාරාම පාර, රත්මලාන ලිපිනයේ දොන් සාලු රත්නසිරි ද සිල්වා (42) නොහොත් රෝසා” මෙසේ අත්අඩංගුවට පත්වන්නේ රුහුණු ගොඩහේන, බලකාවල අකුරැස්ස ලිපිනයේ පිහිටි ඔහුගේ තවත් නිවෙසක සැඟවී සිටිය දී බව විශේෂ කාර්ය බළකාය පවසයි.
“කුඩු අංජු” මෙරට නැති බවට දැන් කරුණු තහවුරු වී ඇත. ධර්මසිරි ද සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. එසේ නම්, දැන් ගොනාකෝවිල රොහාට සිදුවී ඇත්තේ කුමක්ද?
අංජුගේ ගෝලයකු වූ රෝසා, ගල්කිස්ස අධිකරණයේදී රොහා ඝාතනය කරන්නට හැදූ සැලසුම ව්‍යවර්ථව ගියේය. එහිදී ආයුධ ද සමග රෝසා ගල්කිස්ස අධිකරණ භූමියේදීම පොලීසියට කොටුවෙයි. පසුව බන්ධාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී රොහා ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය මාන බලමින් සිටිය දී එයද ව්‍යවර්ථව ගියේ බන්ධනාගර බස් රථයකට ඩෙවි ප්‍රහාරයක් එල්ල වී “කඩුවෙල සමයං” කළුතර එතනමඩල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වීම නිසා ආරක්ෂාව තර කිරීම හේතුවෙනි.
“රොහා රට පැනලා ....”
බුද්ධි අංශ මේ දිනවල සොයමින් සිටින්නේ මේ කියන ගොනාකෝවිලේ රොහාට සිදුවූයේ කුමක්ද? යන්නය. අවසන් වරට හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් “රොහා” බන්ධනාගාරයේ සිටිය දී කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දිනකදීය.
2002 දෙසැම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී මොහොමඩ් ඉමිතියාස් මැතිව් යන අයගේ මරණය සිදුකිරීම, විතානගේ ඩෙන්සිල් ගුණරත්න යන අය මරණයට පත්කිරීම, මඩගුරුවේ ගෙදර සුනිල් කුමාර යන අයට බෝම්බ ගැසීම, ලියනගේ රොෂාන් යන අය ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුට තුවාල සිදුකිරීම පිළිබඳව නිතීපතිවරයා විසින් අධිචෝදනා 13කින් යුක්තව විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.
කුන්විගේ ලක්ෂිත පීරිස්, ලියොන් මෙරන්ලියගෝ සිල්වා, හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් රොහා, දේවප්‍රිය කෝසල සේනානායක, ලියනදුර රෝහණ කුමාර සිල්වා, එලියාදුර චමින් ද සාගර, ගල්කදුආරච්චිගේ ප්‍රියන්ත කුමාර සිල්වා, ඩී.ඩී. කුලතුංග මෙම චූදිතයෝ වෙති.
එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පස්වැනි සැකකරු මියගොස් ඇති බවට අධිකරණය වෙත දැනුම් දුන්න ද තුන්වැනි සැකකරු වන හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් රොහා බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ නැත. ‘චූදිත කොහේදැයි’ අධිකරණය බන්ධනාගාරයෙන් විමසන ලදුව ඔවුන් පිළිතුරු දුන්නේ නොදන්නා බවකි. පසුව සැකකරු වහාම ඉදිරිපත් කරන ලෙසට අධිකරණය බන්ධනාගාරයට නියෝග කරයි. ඒ අනුව නැවතත් නඩුව පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී බන්ධනාගාරය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ සැකකරු වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ සිටින බවකි. එහෙත් මේ වන විට අධිකරණයෙන් ඇප ලබාගෙන සිටි “රොහා” කඩවත ප්‍රදේශයේ ස්ථානයක දී ඔහුගේ පෞද්ගලික වාහනයකින් පලා ගිය බවට ද බුද්ධි තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අංජු, රොහා ධර්මේ.. එසේම, ආසන්නතම සිදුවීම වූ රත්මලාන ලක්මැදුර හෝටලයේ හිමිකරු ද වේවා...... මේ කිනම් චරිතයක වුවද කළු සුදු හෝ වර්ණනාව අවශ්‍ය නොවේ. ඔවුන්ගේ පැටිකිරිය තුළින් ඉස්මතු වන දේ පමණක් දැකගත යුතු වන්නේය. අසරණ මිනිසුන්ට කන්න බොන්න දෙන්න කියා කප්පම් ඉල්ලීමෙන් තවත් අයකුගේ ජීවිතයට හානි පැමිණවීමේ අයිතිය කිසිවකු හෝ සතු නොවෙයි. මේ පාතාලයන් රගදක්වමින් සිටින්නේ “සරදියෙල්ලාගේ” චරිතයයි. එහෙත් මෙහි පිටුපස ඇත්තේ සැබෑ දේශ මාමකත්වය හෝ දේශහිතෛෂිත්වය නොවේ. වෛරය, පලිගැනීම විනා මොවුන්ගේ චරිත තුළින් අපට උගත හැක්කේ කිනම් ආදර්ශයක් ද? මේ පාතාල කෙරුමෝ අද සමාජ පිළිල වී අවසන්ය. ඒවා වහා වහා අතුගා දැමීමට මේ කාලයයි.
(*** විමුක්ති කුමාරසිංහ)
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු සහ පාතාලයට ඈඳුණු මොරටු ප්‍රහාරය
sam Wednesday, 03 June 2020 10:49 AM
මත්ද්‍රව්‍ය ජාවාරම කියන එක විවෘත ආර්ථිකය එන්න ඉස්සෙල්ලත් තිබුණා. අබිං, ගංජා, වැනි මත්ද්‍රව්‍ය භාවිතා වුණු ඒ කාලයේදීත් නඩුකාරයින්ට කෝල් එකක් දීලා මත්ද්‍රව්‍ය නඩු තීන්දුව දිය යුතු ආකාරය කීමට තරම් බලවත් වූ පාර්සි නානා වැනි කුප්‍රකට මත්ද්‍රව්‍ය රජුන් පවා හිටියා. තර්කයකින් තොරව පිළිගත යුතු සත්‍යය එයයි.
KumaraThursday, 04 June 2020 07:36 AM
පර්සි නානා කිව්වම මට මතක් උනේ මීගමුවේ ලන්සාව ... අන්තිමට එයා දන්නෙත් නැහැ ඇයි STF එකෙන් ආවේ ..., ඇයි හදිසියේ ඇවිත් එයාව බදාගත්තේ කියලා..?
de silva Wednesday, 03 June 2020 11:00 AM
මුලින්ම උසාවියෙන් ලැබිලා තිබෙන මරණ දඬුවම ලැබිලා හිරේ ඉඳන් මහා පරිමාණයෙන් කුඩු ජාවාරම මෙහෙයවන කුඩු මුදලාලිලා කිහිප දෙනාට උසාවියෙන් දුන්නු දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ අවම වශයෙන් ඔවුන් භාවිතා කරන ජංගම දුරකථන කිහිපය අවහිර කරලා ඔවුන් නිහඬ කරගන්න බැරි පාලකයින් සිටින කල් මේ ප්‍රශ්න විසඳන්න බැහැ..
Lal Wednesday, 03 June 2020 11:40 AM
මරදානේ චොප්පේලත් එක්ක සොත්ති උපාලිව සමාන කරන්න බැහැ. සොත්ති උපාලි කියන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස කාලේ පෝෂණය කළ පාතාලයෙක්.
saman Wednesday, 03 June 2020 11:43 AM
එළිපිට ආයුධ සන්නද්ධ අරගලයක් කළ දරුණු කොටි හමුදාව නැත්තටම අතුගා දැමිය හැකිවුණු ආරක්ෂක හමුදාවක් සිටින රටක, අහුමුළු වල හැන්ගෙමින් ගණන් දාන නිකම්ම නිකම් කුඩු කාරයින් සෙට් එකක් නැති කරන්ට බැරි ඇයි? ලංකාවේ කුඩු ව්‍යාප්තිය සහ එහි පැවැත්ම ඇත්තේ දේශපාලන අනුග්‍රහය සමගයි.
de silva Wednesday, 03 June 2020 11:51 AM
මත්ද්‍රව්‍ය, ජයවර්ධන ජනාධිපති සහ විවෘත ආර්ථිකය පටලවා ගන්න එපා... ජයවර්ධන ජනාධිපතිතුමා පස්සේ හිටිය පුද්ගලයින් වගේ විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෙවල් පොලිසියෙන් පැන්නට පස්සේ ඔවුන්ව සනසන්න හෙලිකොප්ටරයක නැගලා ඔවුන්ගේ ගෙවල්වලට ගියේ නැත..
හරේන් Wednesday, 03 June 2020 12:13 PM
වැගන් ආර් එකට සුඛෝපබෝගී වාහනයක් කිව්වේ ඒසී තියන හින්දද?
RaveendraWednesday, 03 June 2020 12:55 PM
මේ " ගිනිපෙට්ටි ලදරන් කටු " කෙසේ සුඛෝපභෝගී වාහන වන්නේද?
vipulaThursday, 04 June 2020 03:15 AM
ඒවයේ අමතර කොටස් වල මිල අධික නිසා වෙන්න ඇති. .
Bamunuarachchi Wednesday, 03 June 2020 01:45 PM
සුදු වෑන්වල වටිනාකම දැන් නම් කියලා වැඩක් නැත. ඔහොම යන් ඡන්දෙ ඉවර වෙනකම්.
vipulaThursday, 04 June 2020 03:17 AM
ඔබට ගෝඨා භයක් තියෙනවා වගේ.
BamunuarachchiSaturday, 06 June 2020 02:00 AM
ඕන විදිහට හිතා ගන්න. හැබැයි පාතාලය මඩින්න සුදුවැන් ප්රත්යක්ෂ ඖෂධයක්. ගෙනිච්ච ඉවරකලා. ඔය ටික සිද්දවෙයි දැනට ඔහොම යන්.
Appuhami Wednesday, 03 June 2020 04:09 PM
ඔය කට්ටිය හංගපු එව්වා... පෙන්නන්න අරන් ගියානම් හරි. ඇත්තටම අපි ඒ ක්‍රමය අනුමත කරනවා.
Wca Thursday, 04 June 2020 12:54 AM
මෙතන තියෙන්නේ විවෘත ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම, නිලධාරීන් ප්‍රමාණාත්මක නොවීම, අකාර්යක්ෂම පාලනය සහ කාලානුරූපවව නීති වෙනස් නොකීරිමය. ඉස්සර ඔක්කොම අපරාධ කොටි සංවිධානයේ පිටින් යැව්වා වගේ දැන් ඔක්කොම ආර්ථිකය ප්‍රශ්න විවෘත ආර්ථිකය පිටින් යැවීමය. මොන විවෘත ආර්ථිකයේද තියෙන්නේ පාතාලයට, කුඩුවලට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා?
Perera Thursday, 04 June 2020 01:43 AM
මත්ද්‍රව්‍ය ජාවාරම අද වැදගත් අයවලුන්ගේ ව්‍යාපාරයක් බවට පත්වී එය මෙහෙයවන ප්‍රධාන අය ජනතා ඡන්දෙන් පත්වී ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්. ඔන්න වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තිබුණු රටකට අද ගිහින් තියෙන කල...
Lal Thursday, 04 June 2020 05:35 AM
මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය 77ට පෙරත් තිබුණා. හොර අරක්කු ඉන් ප්‍රධාන එකක්. දේශපාලකයින්ගේ අනුග්‍රහය නැතුව කිසිදෙයක් කරන්න බැහැ. ඒවාට ඕනෑතරම් උදාහරණ තියෙනවා. මේ ලිපියේ ඒ ගැන කිසිම සඳහනක් කරලා නැහැ..
rasiThursday, 04 June 2020 07:24 AM
ලාල්, මේ ලිපිය ජේ.ආර් සහ විවෘත ආර්ථිකය නිසා මත්ද්‍රව්‍ය උවදුර ඇති වූ බවට වැරදි මතයක් සමාජගත කිරීමට කරපු අසාර්ථක උත්සාහයක්. මිනිස්සු මැරිලා ඉපදුණා කියලා හිතාගෙන ලිපි ලිව්වාට පාඨකයින්ව රවට්ටන්න බැහැ.
Athula Friday, 05 June 2020 04:05 AM
අපේ රටේ ඉන්නෙ පුදුම ජනතාවක්... රටේ ප්‍රධානම මත්කුඩු ජාවාරම් කාරයින්ව බලයට ගෙනත් මත්කුඩු අපරාධ, හොරකම් නැති කරන්න පුලුවන්ද?
Akila Saturday, 06 June 2020 09:25 AM
මේ සැමදේටම හේතුව තමයි... මෙම මිනීමරුවෝ නඩු වාර දෙකකින් ඇප අරන් අපහු සමාජෙට එනඑක...
Kumar Sunday, 07 June 2020 02:31 AM
සුදු වෑන් වලින් අරගෙන ගියේ තමන්ගේ නමේ මඩ ගාන අය පමණයි නේද? පාතාලයෙක් අරගෙන ගිය අවස්ථාවක් ගැන දන්නා අය ඉන්නවද?