IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.

බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජත් ජනතාවත් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

රටේ ඇති බලවත්ම දේශපාලන බලවේගය වන සමගි ජන බලවේගය කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවට ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

කාන්තාවන් විශ්‍රාමිකයන් ඇතුලු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලුවලට විසදුම් දිය යුතු බවත් මැතිවරණ පසුබැමකට ලක් වුව කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රශ්න සහ අභියෝගවලට සැම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු බවත් සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ එය බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් පසුබැමකට ලක් වුවත් නැවත ගොඩනැගී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටිහය.

 



අදහස් (9)

‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘

සුරෙන් Monday, 30 September 2024 09:30 AM

ඔබතුමා එදා මෙදා තුර විසාල සේවයක් ජනතාවට කරා එය ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලබෙවා ! කිසිම කෙනෙකුගෙ කිවුම් අහලා හොරුන් හා ඔබ්තුමාට අවලාද මඩ ප්‍රහාර එල්ල කරලා චරිතය කෙලෙසන්න වැඩ කරපු අයව නැවත පක්ශෙට ගන්න එපා ඔවුන් සමග සන්දාන ගත වෙන්නත් එපා !

:       36       27

Samansantha Monday, 30 September 2024 09:33 AM

ඔබල මෙච්චර කාලයක් ජනතාවට කරපු සේවය අර තියෙන්නෙ ගෝල් ෆේස් එකේ හොදට කරල තියනව. ඒක අපට පේනව. ඔබල නිකන් බයිල ගහන්නෙ නැතුව පාඩුවෙ ඉදපල්ල .ආයෙ ඔබලට එන්න වෙන්නෙ නැහැ .මලාට තනකොල කකා ඉන්න

:       35       41

duplicate Ralahami Monday, 30 September 2024 10:23 AM

සමන් ශාන්ත ඔයා හිතුවද මේ 88/89 කියලා චණ්ඩි පාට් දාන්න.. බොරු මෝටර් රථ සංදර්ශන 1994, 2015ත් තිබුණා. ඔයා කවුද අනේ? රටේ ජනතාවට තර්ජනය කරන්න.

:       22       21

duplicate Ralahami Monday, 30 September 2024 11:49 AM

සමන් ශාන්ත චණ්ඩි පාට් දාන්න එන්න එපා... මේක 87/88/89 නෙවෙයිනේ... අනෙක ඔයාගේ නායකයත් හැමෝටම මුක්කු ගහපු කෙනානේ...

:       19       22

podi hamine Monday, 30 September 2024 11:55 AM

ඔබතුමාට හොඳ දැක්මක් තියෙනවා... රටට වැඩක් කරන කෙනෙක් කියලත් අපි දන්නවා... නොපසුබට නොවී ඉදිරියට යන්න. තක්කඩි දේශපාලුවන් එක්ක නම් සන්ධාන ගහන්න එපා. එසේ වුවහොත් ජනතාව ඔබතුමාත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා නියතයි...

:       19       19

podi hamine Monday, 30 September 2024 11:59 AM

අයියෝ ගාලු මුවදොර සංදර්ශනයෙන් ඔයාලා නාගත්තා නේද?

:       11       26

podi hadaya Monday, 30 September 2024 12:57 PM

ඔබතුමා දුප්පතාගේ එකම බලාපොරොත්තුවයි නොසැලී ඉදිරියට යන්න කම්බ හොරුන් නම් ලන්කර ගන්න එපා...

:       12       18

duplicate ralahami Monday, 30 September 2024 01:53 PM

ජනතාව ඔබතුමාට ආදරෙයි.. ඔබතුමා බලයක් නැතිව ජනතාව වෙනුවෙන් කරන වැඩ මුළු රටටම යහපතක් කළ ගුණ සලකන්නට ජනතාව එනවා..

:       18       18

DinoJ Tuesday, 01 October 2024 01:25 PM

අන්ත දූෂිතයො රැළක් පිරිවරාගෙන මේ එන්නෙ රට හදන්න ද? ජනතාවට සහන දෙන්න ද? කිසි ප්‍රතිපත්තියක් නැති, ජනතාවට පිළිකුල් කණ්ඩායමක් ගොඩනගා ගෙන බොරුවට පාරම් බාන්නෙ ආයෙත් රැවටෙයි කියලා හිතාගෙන ද? වත්මන් ආණ්ඩුවෙ වැරැද්දක් පෙන්නලා දෙන්න තරම් උගත්, බුද්ධිමත් සහ අදූෂිත එක් නියෝජිතයෙක්වත් නැති ව පාර්ලිමේන්තුවට රිංගන්න. පිනට කන්න බලාගෙන ඉන්න අයට නං ඉතින් දෙයියෙක් තමයි. තාත්තා වගා කරපු දුප්පත්කම, දූෂණය පුතා හොදට අස්වනු නෙලනවා. දුප්පතාගෙ හිතවතාගේ අරමුණ වෙනයි මෝඩයාගෙ හිතවතාගේ අරමුණ වෙනයි කියන එක තේරුම් ගන්න තරම්වත් මේ රටේ මිනිස්සුන්ට බුද්ධිය පෑදේවා.!

:       7       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 129 0

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 02 53 0

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම


දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 144 2

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 396 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 277 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 220 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 190 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site