IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය , ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)

කොඩිකාමම් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ 19 වෙනිදා රාත්‍රී 10ට පමන පමණ සිදුවූ  අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂ ඩන්කන් ගුණවර්ධන මහතා ය.

මොහු වාරියපොල හොරොම්බාව පාසල් මාවතේ පදිංචිව සිටි අයෙකි.

පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියෙන් යාපනය ප්‍රදේශයේ සිට කොඩිකාමම් පොලිසිය ස්ථානය වෙතගමන් කරමින් සිටි අතරවාරයේ මුලින්ම බස් රථයක පිටුපස ගැටී ඇතැයි චාවකච්චේරිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

බස් රථයේ ගැටීමෙන් පසු උප පොලිස්  පරීක්ෂකවරයා මාර්ගය මැදට විසි වීමෙන් අනතුරුව චාවකච්චේරිය දෙස සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය කියයි.

මෙම මාරක අනතුරින්බරපතළ තුවාල ලැබූඋප පොලිස් පරීක්ෂක වරයා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයිද පොලීසිය කියයි.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

බස් රථය සහ ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත චාවකච්චේරිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (3)

කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට

දුමින්ද Thursday, 20 April 2023 01:56 PM

මෙතන ලොරියේ රියදුරු වැරදියි කියමුකෝ ඒත් බසය ගිහිල්ලා තියෙන්නෙ ඉස්සර වෙලානේද.ඉස්සර වෙලා යන බසයේ පිටුපස හැපුනා නම් බසය වැරදියි කියන්නෙ කොහොමද අපි හිතමුකෝ ට්‍රැෆික් ලොක්කා ගලක හෝ ගහක හැපුනා නම් ගහ හෝ ගලත් අත් අඩංගුවට ගන්නවාද සමහර විට ගෙදර තාප්පෙක හැපුනා නම් ගෙය අයිතිකරු අල්ලාගෙන ගියාම හරිද.

:       17       95

Sunil Thursday, 20 April 2023 06:19 PM

වාහනයකට පිටුපසින් ගමන් කරන විට ඉදිරියෙන් යන වාහනය හදිසියේ නැවත්තුවොත් හෝ වේගය අඩුකලොත් පිටුපසින් යන වාහනය නවතා ගැනීමට සූදානමින් සිටිය යුතුයි .වාහන අතර සුදුසු පරතරයක් තබාගත යුතුයි .මෙතනදී එවැන්නක් වෙලා නැති බව නම් ඉතාම පැහැදිලියි

:       0       11

omesh madusanka Thursday, 20 April 2023 09:17 PM

ගොන් හරක් නීතියක් තියෙන්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 4 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 29 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 38 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 32 0

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 856 1

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි
2025 අප්‍රේල් මස 17 367 0

වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site