(ඩයනා උදයංගනී)
මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
යම් අයකු මත්කුඩු භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මෙම උපකරණ මගින් දින තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ මත්කුඩු ලබාගෙන ඇති අය හඳුනාගෙන ඇතැයි කී ඇමතිවරයා රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණවලින් විශාල ප්‍රමාණයකට මත්කුඩු භාවිතය හේතු වී ඇතත් ඒවා භාවිතා කරන්නන් හඳුනාගත හැකි උපකරණ මෙරට නොතිබූ බව කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රිය අනතුරු හේතුවෙන් වසර 10කදී 27,000 ක් මිය ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ වසරේ ගතවූ කාලයේදී පමණක් මරණ 750ක් වාර්තා වී ඇතැවි පැවසීය.
එම මරණවලින් මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇත්තේ සියයට 10ක් පමණක් බව කී ඇමතිවරයා සියයට 40කට පමණ හේතුව අධික වේගය බවත්, අධික වේගයෙන් රිය පදවන්නන්ගෙන් බහුතරය මත්කුඩු භාවිතා කරන්නන් බව හෙළිවී තිබෙන බවත් කීවේය.
මත්පැන් භාවිතා කර රිය පදවන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේද පවතින නමුත් මත්කුඩු භාවිතා කරන්නන් හඳුනාගැනීමේ ක්රමයන් නොපැවතීම අඩුවක් බව ද සඳහන් කළේය.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කුඩ්ඩන් අල්ලන්න උපකරණයක්
Ruhunu Friday, 18 June 2021 09:45 PM
පොලිසියට තව කීයක් හරි හොයගන්න කරන වැඩක් තමයි ඕක....
සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 June 2021 10:05 PM
සාර්ථක උත්සාහයක් ... ඒත්, මේ ක්‍රමය රජවාසලටත් ගෙනාවොත් හොඳ වගෙයි නේද? රන්ජන්ගේ දේශපාලන මතය ගැන අපට ගැටළු තිබුණත්, ඔහු කී ඇතැම් දේ ගැන අමතක කරන්නට නම් බැහැ. මතකද ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නා කුඩු බොන්නන් ගැන ප්‍රසිද්ධියේ කී කතාව. එයට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගේ ඉහමොළ රත්වුණා. ඒ වගේම බොහෝ අය ලේ පරීක්ෂාවකට බියවුණා. එයට හේතුව කාට කාටත් රහසක් නෙමෙයි නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ ප්රයෝජනයටත් මේ ක්‍රමය අත්‍යාවශ්‍යයි.
DimanthaSaturday, 19 June 2021 06:40 AM
මෝඩ කතා කියන්න එපා. මැති ඇමැතිලා තමන්ම වාහනේ පදවාගෙන එන්නේ නෑ. ඔවුන්ගේ ඩ්රයිවර්ලාට කුඩු ගහන්න දෙන්නේ නෑ කීයටවත්...!!! මොකද ඒ අය ජීවිතේට ආසයි..
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 19 June 2021 12:12 PM
මෝඩ කතා කියන්නේ කවුද කියා කාටත් හොඳහැටි පේනවා. කවුද කිව්වේ මන්ත්‍රීවරු වාහන පදවනවා කියා... ඒ අයගෙන් සමහරක් කුඩු ගහනවා මිසක් ඩ්රයිවර්ලාට දෙන්නේ නැහැ. ලංකාවේද ඉන්නේ..? මා ලියා ඇති දේ ගැන හොඳහැටි නැවත කියවා බලන්න...
Roshan Saturday, 19 June 2021 03:01 PM
මේක සාර්ථක උත්සාහයක් නෙවෙයි. පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා වගේ වැඩක්... ලංකාවේ පොලීසිය බුද්ධි අංශ හොඳට දන්නවා ලංකාවට කුඩු ගේන්නේ කව්ද? බෙදාහරින්නේ කව්ද කියලා... ඒ අය අල්ලන්නේ නැතුව මේ කරන්න හදන්නේ ඔය ගේන එකෙනුත් කොමිස් ගහන්න. බයිලා චක්‍රවර්ති කෙනෙක් ...
Sri Lanka Friday, 18 June 2021 10:15 PM
කුඩ්ඩන් අල්ලන් මැෂින් එකෙන් බැරිද කුඩු ගේන අය අල්ලන්න..? කුඩු බොන අය ලක්ෂයක් අල්ලන එකද ලේසි? කුඩු ගේන කෙනාව අල්ලන එකද ලේසි..?
nimelenFriday, 18 June 2021 11:30 PM
එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ ඉන්න ලොක්කො සෙට් එකකටම මහ උලු ගෙදර තපින්න වෙයි...ඒක නිසා ඒක කරන්න බෑ
කුඩු මුදලාලිට මරණ දඬුවම Saturday, 19 June 2021 07:43 AM
කුඩුවලට ඇබ්බැහි වුණු කෙනාගේ ලෝකය වෙන එකක්, ඔවුන්ට කුඩු ඕනේ..., නැතිනම ඇඟපත රිදෙනවා මැරෙන්න තරම්... පුනරුත්ථාපනයක් නොකළොත් ඔවුන් කොහොමත් ඔවුන්ගේ කුඩු වේල හොයාගන්න යනවා සහ එය භාවිතා කරනවා ලංකාවේ කුඩුවලට ඇබ්බැහි වෙන බහුතරයක් තරුණයින් ඔවුන්ගේ මිතුරන් අතිශය විශ්වාස නිසා සිදු වූ දේවල්.... කුඩු විකුණන කෙනා කොහොම හරි දැල දාලා නොමිලේ ලබා දීම හරහා තමා බහුතර ඇබ්බැහි වීම් සිදුවන්නේ... පාසල් ළමුන් බහුතරයක් කුඩුවලට ගොදුරු වීමට මෙය ලොකු හේතුවක්... ඇමතිතුමා කුඩු මුදලාලිලා අල්ලලා එල්ලුම් ගස් යවන්න එතකොට මේ තරුණයින් බේරගන්න පුළුවන් වෙයි. බස්වලින් හැප්පිලා මැරෙන ගන්නට වඩා තරුණයින් පිරිසක් දිනපතා කුඩුවලට ඇබ්බැහි වෙනවා. ඒ කුඩු මුදලාලිලා නිදහසේ තමන්ගේ වෙළඳාම කරන නිසා...
රට වැැසියා Friday, 18 June 2021 11:08 PM
අද වෙනකොට රටේ වැඩිහරියක්ම පත්තු වෙන්නේ පුස් වෙඩි! ආණ්ඩුවේ ඉන්න වියත් මැති-අමැතිලා තරඟෙට පුස් වෙඩි පත්තු කරනවා! - අනේ මේ රටේ මොලේ තියෙන එක බලවතෙක් හෝ ඉන්නවා නම් රටට කුඩු ගේන එක නතර කරලා දෙන්නකෝ...!
Bishan Friday, 18 June 2021 11:46 PM
ඔය මැෂිමෙන් අර ඇඳුම් ගිහින් දෙන අයව අල්ලන්න බැරිද...?
Royfedricks Saturday, 19 June 2021 03:15 AM
එතකොට ලන්සාලා?
මුණසිංහ Saturday, 19 June 2021 07:10 AM
මේ වැඩෙත් හොඳයි. නමුත් කුඩු ප්‍රශ්නයට දේශපාලකයින් ද හවුල් බවට කතා පැතිරිලා තියෙනවා. ඒ නිසි වැඩේ එතෙන්ටත් යන්න ඕනෑ..!!!.
අසංක Saturday, 19 June 2021 08:48 AM
මෙතුමා කියන ඒවා ගැන දෙවරක් සිතන්න ඕනෑ... අර බුර්කාව තහනම් කළා වගේද දන්නේ නැහැනේ...?
kamal Saturday, 19 June 2021 09:42 AM
කුඩ්ඩා ඇල්ලුවට ඇමතිට කෝල් කරලා නිදහස් වෙයිද? මැෂිමකට බැහැ රටේ නීතිගරුක කරන්න... ඒක කරන්න පුළුවන්... රටේ බලය ඇති ලොක්කන්ටයි...
saman Saturday, 19 June 2021 11:18 AM
අනේ දෙයියනේ... ඔය මැෂින් ගෙන්නන කොන්ත්‍රාත්තුවේ කොටසක්වත් මට ලැබීයන්...
Rata Perata Saturday, 19 June 2021 02:24 PM
මම දැක්කා හැමතැනම ‘සරත්‘ කියලා දාලා තියෙනවා. පව්...!!!
විපරමා Saturday, 19 June 2021 02:33 PM
මෙයාලගේ කයිවාරු විතරයි . අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? හොර පාරෙන් යනව ඇති .කුඩු ජාවාරම් කාරයෝ නම් බේරෙනවා .දේසපාලුවන්ගේ චන්ද කෙරුවාවට අතපය දිග හැරලා වියදම් කරන හින්දා .දුශිත දේසපාලුවන්ගේ පිහිටෙන් ජාවාරම නැගලා යනවා. පොලිසියේ ලොක්කොත් මේවා පිටිපස්සෙ ඉන්නවා.කුඩු කියන්නේ සල්ලිනේ?
Senevi Saturday, 19 June 2021 02:37 PM
ඊට කලින් ලඟින්ම ඉන්න මහාපරිමාණයේ කුඩු මුදලාලිලා අල්ලන උපකරණයක් හැදුවොත් වැඩේ වඩාත් ලේසිවෙයි.