IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘කෘෘඩියා සෙලනිකා රැකගන්න අධිවේගී මග වෙනස් කරන්න බැරිද?’

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක) 

කෘෘඩියා සෙලනිකා වැනි විශාල මුල් පද්ධතියක් සහිත විශාල ගසක් වෙනත් තැනක සිටුවීම දැඩි අවධානම් සහගත ක්‍රියාවක් බවත්,  වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තීරණය ගත්තේ ස්ථාන පරීක්ෂණයකින්දැයි විමසා බැලිය යුතු බවත් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ගම්පහ  දාරළුව දී අද(9) පැවසීය. 

ලේකම්වරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඉවත් කිරීමට යෝජිත කෲඩියා සෙලනිකා නැමැති  ගස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීන් සමග පැමිණි ලේකම්වරයා අධිවේගී මාර්ගය ඉදිකිරීම සීමාවේ පිහිටි ගස නිරීක්ෂණය කළේය.

මෙම වටිනා ගස රැක ගැනීම සඳහා යෝජිත මාර්ගය වෙනස් කිරීමට බැරිද බැරි හේතු මොනවාදැයි ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීය. ලෝකයේ වෙනස් කරන්න බැරි දෙයක් නැහැ යි පැවසූ ලේකම්වරයා මාර්ගය කුළුණු මත ඉදි කිරීමේ හැකියාවක් ඇත්දැයි විමසීය. 

මෙම ශාකය ආරක්ෂිත ශාකයක් වීමත් සමස්ත රටේම  ගස් කිහිපයක් පමණක් පැවතීමත් හේතුවෙන් මෙහි ඇති වැදගත්කම වඩාත් ඉස්මතු වන බව සඳහන් කළ ලේකම්වරයා එවැනි තත්ත්වයක් තුළ මේ ගස ආරක්ෂා කිරීමේ වගකීමක් වන ජීවී වනජීවී දෙපාර්තමේන්තුවට ඇතැයිද සඳහන් කළේය. රටක් වශයෙන් විදේශීය උදව් උපකාර ලබා ගන්නා අවස්ථාවන්හිදී අපි පාරිසරික සංරක්ෂණයට ඉඩ දී ඇත්දැයි සොයා බලන බවද සිහිපත් කළ ලේකම්වරයා  මේ සම්බන්ධයෙන්  සොයාබලා කාලීන විසඳුමක්  සොයා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

මෙම ශාකයේ වටිනාකම හේතුවෙන් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී පටක රෝපණය මගින් පැළ ලබා ගෙන රටේ විවිධ පෙදෙස්වල වගා කිරීමටත් ජනතාවට ලබා දීමටත් අවශ්‍ය පියවර ගත යුතු බව සඳහන් කළ ලේකම්වරයා අදම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද කීය. මෙම වර්ගයේ තවත් ගසක් මගලෙගොඩ ප්‍රදේශයේ ඇති බවට දැනගන්නට ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම ශාකය මැදිකර අධිවේගී මාර්ගය ගස දෙපැත්තෙන් යැවීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසද  ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. අනාගතය ගැන සිතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු යැයි ද මෙම ගස අනාගතයේදී ලොකු වටිනාකමක් ඇති වනු ඇතැයි ද හරිශ්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

තමන් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පරිසරය ඇතුළු හැම දෙයක්ම රැකෙන හොඳම තීරණය ගන්නා බවත් එය සුදුසු වේලාවේදී කියන  බවත් ඒ සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කරන බවද බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මෙහිදී සඳහන් කළේය. 

ගම්පහ දිස්ත්‍රික් ලේකම්  සුනිල් ජයලත් මහතා මෙහිදී සඳහන් කළේ ඔහුගේ උවමනාව  ගසත් ආරක්ෂා කරගෙන සංවර්ධන කටයුතු සිද්ධ කිරීම බවයි. 

ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිස ගස පසුබිම සිටින සේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රදේශ වාසියකු ඔවුනට විරුද්ධත්වය පළ කරමින් ගත වූ වසර දෙකක කාලය තුළ වාහන තුන් හාරසීයකින් නිලධාරීන් පැමිණ පරීක්ෂාකර ගියත් මෙතෙක් කිසිදු පලක්වී නැතැයි ද අද පැමිණි නිලධාරින්ගෙන්ද ප්‍රයෝජනයක් නොවන බවට චෝදනා කළේය. ඔහු රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවට  දිසාපතිවරයා ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ග්‍රාම නිලධාරීට දැන්වීය. 

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි අංශයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක, අත්තනගල්ල ප්‍රාදේශීය සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් ද මේ පිරිසක්ද මේ ස්ථානයට වරින්වර පැමිණියහ.



අදහස් (26)

‘කෘෘඩියා සෙලනිකා රැකගන්න අධිවේගී මග වෙනස් කරන්න බැරිද?’

Nuwan Tuesday, 09 February 2021 10:08 AM

අර මුතුරාජවෙල ගොඩකරන සමාගමටම ඔය ගහ ඉවත් කරන්න අවසර දුන්නේ කාගේ වුවමනාවටද?

:       2       25

විජිත් Tuesday, 09 February 2021 11:12 AM

නුවන්, ඔයා ඔය කියන මුතුරාජවෙල පරිසර පාලුවා තමයි ඡන්දය කාලේදී පොහොට්ටුවන්ට මුදල් වලින් ආධාර කරලා තියෙන්නේ. එ්කට හරියන්න තමයි මුතුරාජවෙලින් ලොකු ඉඩමක් දෙන්න ලැහැස්ති වෙන්නේ. වනජීවී ලොක්කා මේ මනුස්සයාගෙන් මදි නොකියන්න ජරාව කාලා. ඔය ගහ ගලවාගෙන ගිහින් වෙන තැනක හිටවන්න කියලා අවසරය දීලා තියෙන්නෙත් මේ කියන වනජීවී ලොක්කාමයි. මම මේ වගකීමක් ඇතිවයි කියන්නේ. ඒ විතරක් නොවෙයි, ඔය පාර හදන්නෙත් ඔය කියන මුතුරාජවෙල ගොඩ කරන පණ්ඩිතයාගේම කොම්පැනියකින්. මේ ගමේ මිනිසුන් ඔක්කොම එකතු වුණොත් ඔය ගහ හොලවන්න බැහැ.

:       4       26

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 10:46 AM

මේ පිළිබඳව කරුණු සොයාබලා මේ වටිනා ගස රැකබලා ගැනීමට කටයුතු කිරීම අගනේය. ඒ සම්බන්ධව කටයුතුකළ සැමට ස්තූතියි. මෙවැනි වටිනා ගසක් ගලවා නැවත සිටුවිය හැකි වුවත්, එය මියයාමට හැකිබව හෝ වටහා නොගත්, අනුවණ නිලධාරීන් හට විනයානුකූලව ක්‍රියාකළ යුතුව පවතී. මෙවන් අනුවණයන් නිසා රාජ්‍ය සේවය තව තවත් පිරිහෙනු ඇත. එබැවින්, නිසි වගකීමක් නොදත්, මෙවන් දඩබ්බර නිලධාරීන් මෙල්ලකිරීමට කාලය පැමිණ ඇත.

:       3       21

akalanka Tuesday, 09 February 2021 10:54 AM

අවුරුද්දක් ඇතුළත ලෝක උරුම මහා වනාන්තර දෙපලු කරලා දාපු මේ ආණ්ඩුවට මේ ගහත් කජ්ජක්ද?

:       5       41

AkilaWednesday, 10 February 2021 04:42 AM

අතිශයෝක්තිමත් ප්‍රකාශයක්... කොහෙවත් ලෝකඋරුම රක්ෂිත දෙපලු කරලා නෑ. ඉස්සර ඉඳන් සිංහරාජයේ කොනක තිබුණු මාර්ගයක් අලුත්වැඩියා කළා පමණයි.

:       0       0

මෝ Tuesday, 09 February 2021 11:04 AM

කතාව විතරයි. තවම අවදානම එහෙමමයි. මේ අධිවේග පිස්සුව. කෝ මේ පරිසර සංවිධාන...?

:       5       27

විජිත් Tuesday, 09 February 2021 11:48 AM

මම දන්නා විදිහට නම් මේ ගස නිරුපද්‍රිතව ගලවා සිටුවීමේ තාක්ෂණය අපේ රටේ නැහැ. සාමාන්‍ය ලොකු ගස් ගලවා නැවත සිටුවන බෝල් රූට් ක්‍රමයට මෙය ගලවා නැවත සිටුවීමෙන් සාර්ථක ප්‍රතිඵල කෙසේවෙතත් වටිනා ගසක් අපට නැතිවීමේ අවදානම වැඩියි. සාමාන්‍යයෙන් අඩි 75ක් විතර උස විශාල ගසක් නවීන තාක්ෂණයෙන් ගලවා සිටුවීමටත් ඩොලර් 2000 පමණ වියදම් වෙනවා. රනිල කුලයට අයත් මේ ගසේ මූල පද්ධතිය විහිදී ඇති ආකාරය ගැන යම් කිසි විද්වතෙක් පරීක්ෂණයක් කරලා තියෙනවාද කියා කවුරුත් දන්නවද..? විශාල ගසක් ගලවා වෙනත් තැනක සිටුවීමේදී... මුලින් තිබු පසේ සංයුතිය, මුලදී ගස අත්වින්ද ආර්ද්‍රතාව, ගැඹුර, ජලය ආදිය පමණක් නොව මෑතකදී විද්‍යාඥයින් සොයාගත්තා ගසේ මුල් පිහිටීමේ අකාරයටම ගසේ අතු දිශානත විය යුතු බව. මේ සාධක 100% සැපයීමට නොහැකිවුණොත් ගස " ට්‍රාන්ස්ප්ලාන්ට් ෂොක් " යනුවෙන් හඳුන්වන තත්වය නිසා මියයනවා. ගසක් කියන්නෙත් අපි වගේම ජීවියෙක්... එ් ගොල්ලන්ටත් හැඟීම් දැනෙනවා. මේ ගමේ ජීවත්වන සියලුදෙනාම මේ ගස රැකගැනීමට එකා මෙන් පෙරට ආවොත් ඒ සද්ක්‍රියාව අනාගතයේ... නොමැකෙන ලෙස මේ රටේ ජනතාවගේ මතකයේ රැඳී තියේවි..

:       1       46

NuwanTuesday, 09 February 2021 12:11 PM

මහත්මයාගේ දැනුම ඔය පරිසර ඇමතිද කාටද පොඩ්ඩක්වත් තිබුණා නම් ලංකාව මොනතරම් සුන්දර රටක් වෙයිද?

:       2       28

විජිත්Tuesday, 09 February 2021 06:07 PM

ස්තුතියි නුවන්, හැබැයි මිට පස්සේ මහත්මයා කෑල්ල නොකියා මට විජිත් කියලා අමතනවා නම් ගොඩක් සතුටුයි..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 09 February 2021 01:15 PM

පරිසර සටනට උර දුන්නාට ස්තූතියි විජිත් මිතුරාණෙනි...,

:       1       18

samira Tuesday, 09 February 2021 12:26 PM

ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිස ගස පසුබිම සිටින සේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රදේශ වාසියකු ඔවුන්ට විරුද්ධත්වය පළ කරමින් ගත වූ වසර 02ක කාලය තුළ වාහන තුන් හාරසීයකින් නිලධාරීන් පැමිණ පරීක්ෂාකර ගියත් මෙතෙක් කිසිඳු ඵලක් වී නැතැයි ද අද පැමිණි නිලධාරින්ගෙන්ද ප්‍රයෝජනයක් නොවන බවට චෝදනා කළේය. ඔහු රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවට දිසාපතිවරයා ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට දැන්වීය. මරුනේ..

:       1       27

lankaTuesday, 09 February 2021 01:43 PM

යකෝ.., එතකොට ඇත්ත කියපු කෙනාද වැරැදි?

:       0       24

Demuni Uduwara Tuesday, 09 February 2021 03:44 PM

ඇත්ත තිත්තයි ලංකාවට... මොකක්ද වෙන්නේ ඉතින්... ?

:       0       0

විජිත් Tuesday, 09 February 2021 06:29 PM

ඔය කියන ලේකම් වරයාටත්, එයාගේ ගෝල බාලයින්ටත්, දිසාපතිටත් අමතක වුණු දෙයක් තියෙනවා. (අපේ රටේ සමහර උද්දච්ච ඒ වගේම මෝඩ නිලධාරීන්, සමහරවිට අහංකාරකමට අමතක කරනවා) ඒ තමයි ඔය ලොක්කෝ කියන අයගේ මාසේ පඩිය ගෙවන්නේ රටේ මහන්සිවෙලා වැඩකරන අහිංසක මිනිස්සු බව. ඔය විරුද්ධත්වය පලකළා කියන පුද්ගලයා හරි වැඩක් කරලා තියෙන්නේ. රටේ මිනිස්සුන්ගේ පඩියෙන් ජීවත්වෙනවා නම් ඒ ලැබෙන පඩියට සාධාරණයක් වෙන ආකාරයෙන් තමන්ට පැවරුණු රාජකාරිය කිරීම අනිවාර්යයි...!!! අවුරුදු 2 ක් තිස්සේ කාර්යාලවලට වෙලා පුටු රත්කරපු හොරුන්ට ඔහොම නොවෙයි සලකන්න තියෙන්නේ. මේ අයට ගහලා පන්නන්නයි තිබුණේ. විශේෂයෙන්ම ජර්මනිය, ප්‍රංශය වගේ රටක නම් රටේ මහජනතාවට ව්‍යවස්ථාවෙන්ම අයිතියක් තියෙනවා තමන්ට පැවරුණු රාජකාරිය පැහැර හරින නිලධාරීන්ට විරුද්ධව නඩු පවරන්න. ඒ රටවල දේශපාලකයින් ඔය කොහේවත් යන කුණු කන්දල්වලට අත දමන්නේ නැහැ. ලේකම් වරදක් කරලා රාජකාරිය පැහැර හැරලා නම් එයාට දැඩි දඬුවම් ලැබෙනවා. සුදුස්සෙක් ඒ තැනට පත්කරනවා. ඒ පත්වීම් කරන්නේ දේශපාලකයින් නොවෙයි. අපේ රටේ ප්‍රශ්න ඔක්කොටම මුල ඔතැනයි. දේශපාලකයින් වෙනුවට දේශපාලුවන් පත්කිරීමයි.

:       0       0

සුජීව රන්දෙනිය - මහනුවර Tuesday, 09 February 2021 08:49 PM

ලේකම් කාරයාගේ රාජ ඌෂ්ණේ දැක්කද? මේ වගේ අය පොල් පිත්තකින් 100ක් වුණත් කපාගන්න පුළුවන්. ලංකාවට ගිය කලක්. ආයෙත් සුද්දා මේ රට අල්ලා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා.

:       0       0

rocky Tuesday, 09 February 2021 02:37 PM

යම් විදිහකින් මේ ගස බෝ ගසක් වුණා නම් කොහොම හිටීවිද? මුලින් උදුරා ගෙන ගොස් හිටවන්න යෝජනා කරාවිද?

:       5       19

chandani - gampahaTuesday, 09 February 2021 06:10 PM

ඕක බෝ ගහක් වුණා නම් බලාගන්න තිබ්බා...

:       0       0

asanka Tuesday, 09 February 2021 04:13 PM

දැන් මේ ගස සොයාගත් වෙලේ, ඒකට පොරකන්නේ නැතිව, එම ගසේ පැල කිහිපයක් වෙනත් තැනක රෝපණය කිරීමට පියවර ගත්තා නම් නේද හොඳ.. ?

:       0       0

chandima Tuesday, 09 February 2021 04:58 PM

ගහ බලන්න ගිහින් වැඩක් නැහැ. උද්භිද විද්‍යාව දන්න කෙනෙක්ව යවන්න වෙනවා.

:       0       0

Nihal Tuesday, 09 February 2021 07:59 PM

ඇමැති කෙනෙක්ගේ ගෙදරක් තිබුණා නම් වෙට්ටුවක් දාලා ගනී.

:       0       0

ranavi bandara Tuesday, 09 February 2021 08:52 PM

මේ ගස මෙතනින් අයින් කරන්න නියෝග කරන අයටත්, ගස අයින් කරන අයටත් ඔවුන්ගේ පවුල්වලටත් හෙන හතම තමයි.

:       0       0

ලුම්බිණි Wednesday, 10 February 2021 12:21 AM

මේ දක්වා වෙලා තිබෙන දේවල් බැලුවාම අන්තිමට වෙන්නේ මේ ගහ නැතිවෙන එක බව නම් මට විශ්වාසයි.

:       0       0

Prasad Wednesday, 10 February 2021 01:46 AM

ගම්පහට මෝඩ දේශපාලකයන්ගේ වැරැදි නිසා සාපයක් ඵලදෙනවා.

:       0       0

Viraj Wednesday, 10 February 2021 05:12 AM

කෑලෑ පාලුවන් ටිකක්නේ රට පාලනේ කරන්නේ...

:       0       0

Rata Perata Wednesday, 10 February 2021 07:32 AM

නන්දසේන ඔය පැත්තේ ආවොත් ඔය කතා ඔක්කොම ඉවරයි. මහදැනමුත්තා මුට්ටිය ගත්තා වගේ ගහත් කපලා පාර හදන හැටි කියලා දෙයි.

:       0       0

sampath Wednesday, 10 February 2021 06:11 PM

නැතිපොත්, බැරි පොත් කාරයින්ට කැලැන්ඩරේ මාසෙ ඉවර වෙද්දී, ඔරලෝසුවේ කටු කැරකෙද්දී, ගාන කැපෙන්නේ ටැක්සි මීටර් වගේ. ඒ වගේ අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ඔයිට වඩා...? ගස් කපා පාර හදා, පාර දෙපස ගස් වවමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 779 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 249 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 485 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 317 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 101 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 961 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 48 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site