IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක්


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි.
 
කලපු තීරය ආසන්නයේ පිහිටි මෙම ඉඩම කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් ඉප්ෆාස්  මහතාට අයත් බව සනාථ කරගෙන ඇති බවත්, මෙම ඉඩම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් වාර්ෂික බදු පදනමට ලබා දී ඇති බවද දිසා වන නිලධාරිවරයා කියයි.
 
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  ඉඩමේ සකසා තිබු පැරණි ඉස්සන් ටැංකි යළි සකස් කිරීමේදි කඩොලාන පරිසරයට හා අදාළ ප්‍රදේශයට හානියක් සිදුව ඇති බවයි. සීමා වූ භූමියෙන් අඩි කිහිපයක් කඩොලාන ශාඛ සහිත පරිසරයට ටැංකිවල පස් තල්ලු කිරීම ද බරපතල වරදක් බව ඔහු පැවසීය. එම ස්ථාන නිරීක්ෂණය කළ පුත්තලම දිසා වන නිලධාරිවරයා ඇතුළු වන සංරක්ෂණ නිලධාරින් නීතිමය කටයුතු සිදුකිරීම ආරම්භ කර තිබුණි.
 
දිසා වන නිලධාරිවරයා පවසා සිටියේ මීට අදාළ වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටින බවය.
 
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් ඉන්ෆාස් මහතා පවසා සිටියේ තමන් වාර්ෂික බදු පදනම මත 2017 වසරේ සිට අක්කර දෙකකට අඩු මෙම භූමියේ ඉස්සන් ටැංකි සකසා ඇති බවත්, කිසිම අවස්ථාවක එම භූමියෙන් ඉවතට ගොස් කිසිදු සංවර්ධන කටයුත්තක් නොකළ බවත්ය.
 
මේ පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් කළ විමසීමේදි ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
 
“ මේ ඉඩම අපි වාර්ෂික බදු පදනමට ලබාදී තිබෙන්නේ 2017 වසරේ. එය නැවත 2020 වසරේදිත් අලුත් කර තිබෙනවා. අපි කොන්දෙසි 17 ක් යටතේ මෙම වාර්ෂික බදු ලබාදීම කර තිබෙනවා. යම් කොන්දේසියක් මෙම බදුකරු කඩ කර තිබෙනවාදැයි අපිත් පරීක්ෂණයක් ආරම්භ කළා” යැයි ඔහු සඳහන් කළේය.

ඡායාරූප සඳහා පිවිසෙන්න - පල්ලිවාසල්තුරේ කලපු තීරයේ කඩොලන වනසමින් ඉස්සන් ටැංකි හදලා

 



අදහස් (1)

කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක්

kamal Wednesday, 02 September 2020 09:19 AM

ඔන්න මල්ලියේ ඔයාව හොයාගනියි. පරිස්සම් වෙන්න. මීට අයියා.

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1088 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1932 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 654 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1796 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 936 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4018 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site