(අංජුල මහික වීරරත්න)
කඩවත මහාමායා බාලිකා විදුහලේ සිසුවියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද කැබිනට් මණ්ඩලයේ අසුන් ගත්හ.
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද යන්න සහ එහි ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීමඑය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.
රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පිරිනැමුවාය.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩවත මහාමායා සිසුවියෝ කැබිනට් මණ්ඩලයට
sena Monday, 19 February 2024 06:36 PM
මේ රනිලුයි සජිතුයි දෙන්නාම ඉස්කෝලේ ළමයි අල්ලා ගන්නේ මොකද දේශපාලන වැඩවලට? එයාලාගේ මොලත් ආපහු ළමාකාලයට යනවාද මන්දා...?
ශාන්ත Monday, 19 February 2024 07:11 PM
ඇයි සේන අහලා නැද්ද ළදරුවා හා මහල්ලා සමානයි කියලා කියමනක් තියෙනවා කියන දේ...!
kabithigollawe lamayi Monday, 19 February 2024 06:52 PM
කොළඹට කිරි... අපට කැකිරි...!
Muthu Monday, 19 February 2024 07:05 PM
අවු 30 හෝ 40 වත් ඕක කෙරුවා නම් ලංකාව, සිංගප්පූරුවක් කොහොම වෙතත් අඩු ගානේ, මැලේසියාව නැත්නම් මාලදිවයින ගානටවත් එන්න තිබ්බා...
sam Monday, 19 February 2024 07:11 PM
දේශපාලනයෙන් දුරස්ව සිටින තරුණ පරපුර නැවත දේශපාලනය කෙරෙහි උනන්දුවක් ඇතිකිරීමට මෙවැනි අවස්ථවන් පාසල් දරුවන් වෙත ලබාදිය යුතුවේ.
රන්මුතුගල Tuesday, 20 February 2024 01:06 PM
ඔය වගේම. රටේ ඉන්න උගත්, බුද්ධිමත් ( ඇත්තටම උගත්, බුද්දිමත් ) මහත්වරු ලංකාවේ ඉන්නවා. ඒ අයටත් ඔයවගේ අවස්ථාවක් දුන්නා නම් , ඒ අයගේ අදහස්වලට සවන්දුන්නා නම් ලනකව බංගලාදේශය තරම් දියුණුවෙලා. රට පිළිඹඳ ඉතා වැදගත් තීරණ ගන්න තැන ඉන්නේ කවුද කියලා හිතන්න. රට මෙහෙමවත් තියෙනවා ඇති.