(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා ඒ සඳහා පැමිණි බව කියන මෝටර් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රියේ දී මෙම සැකකරුවන් දෙදෙනා පෙට්‍රල් පිරවූ ප්ලාස්ටික් බූලියක් වැඩ බලන මහේස්ත්‍රාත් වරයා ගේ නිවස ඉදිරිපිටට විසිකර අනතුරුව ගිනි දල්වන ලද පන්දමක් ඒ දෙසට විසිකර යතුරුපැදි කින් සහ මෝටර් රථයකින් පලාගොස් තිබිණි.
අදාල ගිනි දැල් වූ පන්දම පෙට්‍රල් විසුරුණු ස්ථානයට පතිත නොවී ඊට මදක් ඈතින් වැටීම හේතුවෙන් කිසිදු ගිනි ගැනීමක් සිදු නොවී ඇති අතර එම සිද්ධිය වන අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ බිරිඳ ද එම නිවසේ සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා වෙත උපදෙස් ලබා දී තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකර හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කඩුවෙල කොතලාවල පදිංචි බී.ඩි. උදය ශාන්ත නමැත්තා ට අයත් නාවල කොස්වත්ත පාරේ පිහිටි පර්චස් 250 ප්‍රමාණයකින් යුත් ඉඩම සංවර්ධනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති අතර එහි නීති නිලධාරීනි ලෙස කටයුතු කරන වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ බිරිඳ ඊට අවසර නොදීම හේතුවෙන් ඊට උරණව සැකකරු විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ව සහ ඔහුගේ බිරිඳ වන නීති නිලධාරිනිය නිවස තුළම ගිනි තබා ඝාතනය කිරීම සඳහා මෙම සිද්ධිය සිදු කරන්නට ඇති බව පොලිසිය කියයි.
ඒ සඳහා ප්‍රධාන සැකකරුගේ ගෝලයෙකු වන බත්තරමුල්ල අරුක් පිටිය තලංගම දකුණ පදිංචි වයි.ඒ.ඩී. කිත්සිරි නැමැත්තාව සහභාගී කරගෙන තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 51 අනෙක් සැකකරු වයස අවුරුදු 47 කි. සැකකරු දෙදෙනා හෙට (14) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩුවෙල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ නිවසට ගිනි තැබීමේ උත්සාහයක්