(එච්. චන්දන )
සත්ත්ව අහාර බව පවසමින් ඉරානයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයකට පාලවිය ගබඩාවකින් සොයාගත් බව කල්පිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
පාලවිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා සේවකයන් යොදවා හාල්මැස්සන් තෝරමින් සිටි බව වැටලීම සිදු කළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පවසති.
මෙම ගබඩාව කොළඹ ප්‍රදේශයේ අයකු මාසකට රු 12000 කට මාස 06ක කාලයට කුලියට ගත් බව එහි හිමිකරු පවසා ඇත. දුර්ඝන්ධය හමන හාල් මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බව මූලික විමර්ශණවලදී අණාවර්ණය වී ඇතැයි මහජන සෞඛ්‍ය අංශය පවසයි.
කල්පිටිය පොලිසීයේ විශේෂ කාර්යංශයේ බුද්ධි තොරතරකට අනුව සිදු කළ මෙම වැටලීම සිදු කර ඇත.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි
විජිත් Sunday, 20 June 2021 05:04 AM
" හා... හා ..ඔහෙලා අයින්වෙනවා ඕවා කාගෙයි කියලද හිතන්නේ..? අපේ රටේ දුප්පත් ජනතාවට සතොසෙන් දෙන ආහාර මල්ලට දාන්න ඉරානයෙන් ඉම්පෝර්ට් කරපු ස්මාර්ට් රයිස් ෆ්ලයිස්ලා ඔය තියෙන්නේ. රටේ ආර්ථික අවදානම ස්ථායි කිරීම සඳහා මේ වගේ ඕනෑම තිරිසන් වැඩක් කිරීමට මම පසුබට වෙන්නේ නැහැ. මේ අය කියනවා මේ හාල් මැස්සන්ගෙන් දුර්ගන්ධයක් පිටවෙනවාලු. සෙන්ට් සුවඳ ගහන හාල් මැස්සෝ කොහෙද තියෙන්නේ...? ටිකක් කුණුවෙලා තිබුණාට ඔරිජිනල් බඩු. ප්‍රෝටීන් පිරිලා. ඒකනිසා තමයි මේවා කුකුල් කෑම හදන්න ගන්නේ... අපේ රටේ මිනිස්සුන්ට ප්‍රෝටීන් උෟනතාවයක් තියෙන නිසා අපි කැබිනට් එකේ උගතුන් කතාකරලා, හොඳ ගාණක කොමිස් එකකුත් අරගෙන තමයි මේ ඉරානයෙන් පොහොර වලට වලලන්න හදපු හාල් මැස්සෝ ටික ලබාගත්තේ. ජනතාව අපිව පත්කර ගත්තේ ඔවුන්ව ආරක්ෂා කරගැනීමටයි. ඔවුන් හොර ජූජක බමුණන්ගේ අවවාද අසා අපට බලය ලබාදීම වෙනුවෙන්ම 69 ලක්ෂයක්වූ බයියන්ට කුණු කරවල කවනවා. එය ඡන්ද පොරොන්දුවක්. ඒ වගේම මේ පත්තර කාරයාව වහාම අත් අඩංගුවට ගත යුතුයි, අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමත් ත්රස්තවාදයට සහයෝගය දීමත් කියන චෝදනාවලට."
බණ්ඩාර Sunday, 20 June 2021 07:09 AM
ගොඩක් හොඳයි... මෙවැනි ජාවාරම් ගොඩක් තියෙනවා මෙවැනි දේවල් පළකරන්නම ඕනෑ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 June 2021 07:36 AM
කරවල කියන්නේ කුණුවෙන සත්ව ශරීර... ඒවා ආයේ අමුතුවෙන් ගඳ ගහන්න දෙයක් නැහැ. කොහොමත් ගඳ යි. මේ වගේම ඒවා තමයි කඩවල තියෙන්නෙත්... මේවා හා ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ මාළු කරවල නොකා ඉන්න තරමට සෞඛ්‍යයට හිතකරයි. රටේ නමට ධීවර අමාත්‍යාංශයක් තියෙනවා. ඒ වුණාට.., සති ගණන් මුහුදේ ඉන්න ධීවරයින්ට අල්ලන මාළු ගබඩා කරගන්න ශීතකරණ හෝ කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස්කොට නැහැ. මේ නිසා මාළු කල්තබාගන්න දියඹේදීම ෆෝමලීන් යොදන්න ධීවරයන් පුරුදුවෙලා. මේ ආකාරයට ගෙනෙන මාළු වලින් හදනා කරවල විෂ සහිතයි. හාල්මැස්සන් කරවල කල්තියාගන්න මැලතියන් යොදනවා. පොඩි මාළු නරක් නොවී තියාගන්න ෆෝමලින් වතුරේ ගිල්වා ගන්නවා. මෙලෙස සකස්කරන මාළුවලින් හදනා කරවල තමයි මේ රටේ ජනතාව කන්නේ... කරවල වේලීමේදීත්, කිසිඳු සෞඛ්‍ය ක්‍රමවේදයක් ඇත්තේම නැහැ. මස් මාංශ කෑවත්, ඒවා අලුත් හා වසවිස නැති ඒවාවීම වැදගත්... කරවල කියන්නේ ඊටත් වඩා ඉතාමත් අපිරිසිදු විෂබීජ පිරුණු කෑමට නුසුදුසු දහජරාවක්. සුද්දන් කරවල කන්නේ නැත්තේ මේවා නුවණින් අවබෝධ කරගත් නිසා වෙන්නට ඇති. නමට පමණක් ඇති ධීවර අමාත්‍යාංශයක් මේ ගැන කුමන ආකාරයේ සේවයක් සලසන්නේ දැයි ඔවුන්ම නොදන්නවා විය හැකියි...
RaveendraSunday, 20 June 2021 11:49 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ පිළිබඳව මේ තාක්කල් "කිසිඳු රජයක්" මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා නිසි වැඩපිළිවෙලක් මේ වනතෙක්ම අනුගමනය කර නොමැති බව කණගාටුවකි.
Dinesh Sunday, 20 June 2021 12:55 PM
කුණුවෙන තරමට එහි රස වැඩිවෙනවා.