IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි

(කාංචන කුමාර ආරියදාස )

 ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන,  ඉදිකරමින් පවතින  සංචාරක හෝටලයක පිරිසක්  විසින් සම්පූර්ණයෙන්ම  කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති.

අද(09)  ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබදව පැමිණිල්ලක් ද කළ බව ගොවි සංවිධාන සාමාජිකයෝ පැවසූහ. 

මහවැලි අධිකාරිය මගින් මීට පෙර තහනම් කර තිබූ සංචාරක හෝටලයක් නැවත ඉදිකරමින් පවතින බවත් එහෙම හෝටලයට සුන්දර කණ්ඩලම වැව දර්ශනය වීම සඳහා අක්කර ගණනාවක් සම්පූර්ණයෙන්ම ගස් වැල් කපා විනාශ කොට වැව් රක්ෂිතයේ    තිබූ ඉපැරණි කළු ගල් සම්පූර්ණයෙන්ම  යන්ත්‍ර සූත්‍ර දමා ගලවා ඇති බවද ඔවුහු චෝදනා කරති.

එම ගැලවූ ගල් හෝටලයේ විවිධ ඉදිකිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවද  කණ්ඩලම ජලාශ වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති කේ .ජී. රංජිත් උපුල් කුමාර මහතා චෝදනා කළේය.

ගොවි සංවිධානයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අද (9) පස්වරුවේ කණ්ඩලම වැව් ඉස්මත්තට යනවිට දැකගැනීමට හැකි වූයේ එහි තිබූ වසර දහස් ගණනාවක් සිට පැවැති ගස් වැල් සියල්ල බිමට සමතලා කොට ගිනි තැබීම සඳහා සූදානම් කර තිබෙන අයුරුයි.

වසර සිය දහස් ගණනාවක් පැරැණි කුඹුක්, නබඩ ,බුරුත, ආදී  ගස් හා ඉතා පැරණි මහා විශාල වැල්    ගිනි තැබීමට   ඇද දමා තිබේ.

එමෙන්ම සුන්දර කණ්ඩලම ජලාශයේ ඉතාම සුන්දරම වන වියන සහ වසර ගණනාවක් පැවැති මහා විශාල වැල් වර්ග රැසකින් තුරු වියනක් ලෙස අලංකාරව තිබුණු බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

ගොවි සංවිධානයෙන්  මෙම සංචාරක හෝටලයේ ඉදිකිරීම් කරන පිරිසකගෙන් මේ පිළිබඳව විමසීමේදී ඉහළ නිලධාරීන්ගේ ලැබුණු නියෝගයක් පරිදි මෙම වැඩකටයුතු සිදුකළ බවට ඔවුන් පුරසාරම් දොඩන බව ගොවි සංවිධානය පවසයි.

ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය  වැව ඉස්මත්ත වැව්රක්ෂිතය මායිම් කොට සලකුණු කර තිබියදී එම සලකුණු කරනු ලැබූ මායිම් ගල් පවා ගලවා සංචාරක හෝටලේ ඉදිකිරීම් වලට මදක් දුරින් නැවත සිටුවා මෙම මහවැලී වැව් රක්ෂිතයේ ඉදිකිරීම් කරන බවද ඔවුහු චෝදනා කළහ.

අතීතයේ සිට මෙම ස්ථානයේ ගල්තලාවක නිධානයක් ලබා ගැනීම සඳහා සූදානමක් තිබුණු බවත් ඒ අනුව යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එම බිම් කඩේ ඇති ගල් සියල්ල කඩා සංචාරක හෝටලයේ ඉදිකිරීම් වලට ලබා ගැනීම සිදුකරන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව බෝවතැන්න ජලාශ භාරයේ ඉංජිනේරු   බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට මේ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ජලාශ භාර නියුජිතයා දඹුල්ල ‍පොලිසියට යවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවය, වහාම තමන් හෙට( 10)  උදෑසන විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද ඒ මහතා සඳහන් කළේය.

 

 

 

 



අදහස් (12)

කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි

Anura Nanayakkara Thursday, 10 October 2024 09:24 AM

ඔන්න ලංකාවේ හොරාකන විදිය . AKD ජනපතිතුමනි .පිහිට වන්න

:       0       67

Karunasena Thursday, 10 October 2024 10:06 AM

කෝ හලෝ අනාගත කෘෂිකර්ම ඇමති කරුණාරත්න ගොයිය මොකද කරන්නෙ බලන්න

:       5       57

Kamal KoyralaThursday, 10 October 2024 12:00 PM

එතකොට එදා කණ්ඩලමට කෑගහපු ඉනාමළු සෙට් එක නැද්ද?

:       0       0

Indika gampaha Thursday, 10 October 2024 10:06 AM

මා පාසැල් යන සමයේ තමයි එයිට්නන්ස්පේස් කන්ඩලම හෝටලය ඉදිකරන්න පටන් ගත්තේ. අපි විරැද්ද වුනේ ඔය වැඩේ ඔතනින් නවතින්නේ නැතිබව දැනගෙන. එයාලා මොන පරිසර සම්මාන ගත්තත් වෙන වින්නැහි නවත්තන්න බෑ... දැන් අර කුම්බලා මාලු කාපු කතාව තමයි මතක් වෙන්නේ

:       8       43

chamara Thursday, 10 October 2024 10:37 AM

මොවුන්ට වැවක් ඇලක්, දොළක් ඕනෑ නම් ළඟපාත වෙන කොහේ හරි ඉඩමක් අරන් වැවක්, ඇලක් දොළක් අලුතෙන් හදලා හෝටලේ ගහ ගත්තාම මොකද? කොළඹ හෝටල් වල වැව්, ඇල, දොල තියෙනවා කියලා යෑ.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 10:39 AM

ආණ්ඩු මාරුව අස්සේ නිලධාරින් ගේම ගහන බවක් තමයි පෙනෙන්නේ.., මේ වැරැද්ද නවත්වන්න වහාම ජනාධිපතිතුමා මැදිහත් විය යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2024 10:48 AM

මොවුන්ව අල්ලලා එල්ලන්න…

:       0       0

chamara Thursday, 10 October 2024 10:57 AM

ධර්මයක් ජීවිතේට ඕන කියන්නේ ඕක තමා. ආත්මාර්ථකාමී කමින් මේ දේවල් කරන්නේ තමන්ගේ වැඩේ කොහොමද සාර්ථක කරගන්නේ කියන එක විතරයි බලන්නේ. සමහර වෙලාවට පොඩි කාලෙදිම පරාර්ථකාමී කම හැලෙනවා. ඊටපස්සේ ටික ටික පෝලිමකවත් යන්න දන්නේ නැති මිනිස්සු හැදෙනවා. අනෙක් මිනිහා වට්ටලා තමන් කොහොමද මුල්තැන ගන්නේ කියන එක ප්‍රගුණ කරගන්නවා. මේ වෙන රටක ඒවා නෙවෙයි කියන්නේ. මේ අපේ රට ලංකාවේ වෙන දේවල් කියන්නේ. වාහන පෝලිමක යන්න දන්නේ නෑ. වාහන කීපයක් ඉස්සර කරලා ගිහින් අස්සකින් රිංගන්න හදනවා. මේ සිද්දියත් ඔයවගේම ආත්මාර්ථකාමී මිනිසුන් කොට්ටාශයක් තමයි කරන්න ඇත්තේ කියලා හිතන්න පුළුවන්. වැවක් කියන්නේ පොදු තැනක්. මිනිසුනේ එක එකා හැදියල්ලා, නැත්නම් රටක් හදන්නේ කොහොමැයි?

:       0       0

harsha Thursday, 10 October 2024 11:49 AM

මොන ආණ්ඩුව ආවත් ඕවා නවත්තන්න බෑ. එන හැම ආණ්ඩුවක්ම ජාවාරම් කාරයෝ පගාව දීලා අල්ලනවා..!

:       0       0

රම්බොඩ Thursday, 10 October 2024 11:50 AM

මෙවැනි මිනිසුන්ට දඬුවම් නෑ අපේ රටේ. ඔවුන් බය නෑ. සොබාදහම විනාශ කරනවා. බලමු වර්තමාන රජය මොනවාද කරන්නේ කියලා...!

:       0       0

Gunendra5 Thursday, 10 October 2024 11:51 AM

මැදිහත් වීම සහ විරුද්ධව නැගී සිටීම අගය කළ යුතුයි. ඒත් මේ සියල්ල එක් දිනක සිදුවුණු දේවල් වෙන්න බැහැ නේද?

:       0       0

truth Thursday, 10 October 2024 01:07 PM

පරිසර විනාශය තාමත් එහෙමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 141 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 109 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 237 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 113 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 221 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site