IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව

(විමුක්ති එස් රුද්‍රිගු)

වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි.

1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය.එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත.

අලුත් මිතුරන්, වෙනස් සංස්කෘතීන් සහ මතක හිටින අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව ටයිම් අවුට් සඟරාව වාර්තා කළේය.එලෙස වික්‍රමාන්විතයක තනිව යෙදීම සඳහා කාන්තාවට ආරක්‍ෂිත වටපිටාවක් ඇත්තේ රටවල් කිහිපයක පමණක් බවද එම සඟරාව පෙන්වා දුන්නේය.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළ ශ්‍රේණිගත කිරීමට අනුව එලෙස කාන්තාවකට තනිව ආරක්‍ෂිතව සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බවත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් පෘතුගාලයට සහ චෙකියාවට හිමිව ඇති බවත් ටයිම් අවුට් සඟරාව පැවැසුවේය.එම ශ්‍රේණිගත කිරීමේ සිව් වෙනි ස්ථානය ජපානයට හිමිව ඇති අතර අවසන් ස්ථානය වූ නව වැනි ස්ථානය නවසීලන්තයට හිමිව ඇත.



අදහස් (12)

කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව

Rifan Wednesday, 03 April 2024 05:17 PM

ටයිම් අවුට්...

:       2       29

Rifan Wednesday, 03 April 2024 05:20 PM

කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් පහක්...

:       1       13

Buddika Wednesday, 03 April 2024 05:21 PM

හිතාගන්න අමාරු සමීක්ශණයක්. අපේ රටේ ගෑනු ළමයෙක් පාරේ ගියත් මොකක් හෝ කුපාඩි කතාවක් කියන නරුමයින් ඉන්න රටක් මේක...!

:       8       56

රංබොඩ Wednesday, 03 April 2024 05:27 PM

මේ වාර්තාවෙන් ලැබුණු වටිනාකම සුරැකීම සැමගේ වගකීමක්. එය කෙලෙසන්නට තැත්කරන ඕනෑම කෙනෙකුට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි...

:       3       44

JayWednesday, 03 April 2024 06:53 PM

නමුත් ඔවුන් ඉංග්‍රීසියෙන් කියන්න දන්නේ නැහැ. ඒක සිංහලෙන් කියනවා. මම හිතන්නේ සමීක්ෂණය කළේ විදේශිකයෙක්...

:       0       0

පාඨකයෙක් Wednesday, 03 April 2024 05:56 PM

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන රට වශයෙන් සමීක්ෂණවලින් තේරුණු, ලෝකයේ ප්‍රීතියෙන්ම ජීවත්වෙන රට වශයෙන් හත් වන වරටත් තේරුණු ෆින්ලන්තයේ නොවේද දින දෙකකට පෙර අවුරුදු 12ක ළමයෙක් සම වයසේ ළමයින් තිදෙනෙකුට වෙඩි තබා, එක් ළමයෙකු ඝාතනය කළේ? එම රටේ අගමැති ඒ පිළිබඳව පවසා තිබුණේ, 'තරුණ ප්‍රජාව‌ගෙන් වැඩි දෙනෙකු මානසික රෝගවලින් පීඩා විඳින බව පෙනේ' යනුවෙනි. සමීක්ෂණ ප්‍රතිඵල ගැන තවත් කවර කතාද?

:       1       19

Prabha Wednesday, 03 April 2024 06:34 PM

ඉතින් ලංකාවේ දවසකට කී දෙනෙක් මැරුම් කනවාද?

:       1       25

පිටිගල මිලානෝ Wednesday, 03 April 2024 06:04 PM

කොල්ලොන්ට තමයි තනියෙන් පාරෙ යන්න බය. අංකල්ලා හැම තැනම…

:       1       33

බද්රානි Wednesday, 03 April 2024 06:45 PM

අනේ ඒ "ටයිම් අවුට්" ලට නම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා අප්පා මේ විදිහට ඇත්ත ලෝකෙට කියනවට ...මහපාරේ පමණක් නොවෙයි බස් රථයක ගමන් කරද්දී පවා කාන්තාවන්ට පුදුම විදිහේ සැළකිල්ලක් දක්වනවා ලංකාවේ... කාන්තා දුෂණ ගැන අහන්නවත් නැහැ... සමහර රටවල්වල අවුරුදු හැත්තෑව පැනපු මහලු කාන්තාවකටවත් තනියම ගෙවල් වල ඉන්න තරම් ආරක්ෂාවක් නැහැ... එත්, ලංකාවේ මැදියම් රැයක වුවත් මැදි වයසේ යුවතියකට කිසිවෙකුගේ හින්සනයකින් තොරව ගමන් කරහැකි වාතාවරණයක් මේ රටේ තියනවා.. ලංකාවේ පොලිසියකට උනත් ගියාම කාන්තාවකට පුදුම සලකිල්ලක්නේ තියෙන්නේ...ඇත්තෙන්ම මෙවැනි ශිෂ්ඨ සම්පන්න පිරිමි ඉන්න රටක ඉපදීම කාන්තාවන්ට මොනතරම් ආඩම්බරයක්ද..? තව කොච්චර නම් ලියන්න තියනවද..? අයියෝ, කරුමෙට මගේ "ටයිම් අවුට්" වුණා...

:       0       0

පිටරැටියා Wednesday, 03 April 2024 07:53 PM

අපි දන්න විදියට නම් ඔය කියන සමීක්ෂණයේ අනික් පැත්තයි දකින්ඩ තියෙන්නේ . කාන්තාවන් දූෂණය කරපු ,රවට්ටලා ගසා කාපු,හොරාකාපු සිද්ධීන් ගැන ඕනතරම් දේවල් තියෙනවා කියනවනම්.. යුරෝපීය රටවල කාන්තාවන්ට කිසිම බයක් නැතුව යන්ඩ පුලුවන්...

:       0       1

kam Thursday, 04 April 2024 09:58 AM

අනේ මන්දා. පුදුම සමීක්ෂණයක්. මේතරම් ආරක්ෂිත නම්, රෑට ගැහැණු ළමයින්ගේ තනියට තවත් පිරිමියකු යා යුත්තේ ඇයි...?

:       0       1

m. saman perera Thursday, 04 April 2024 12:56 PM

අපේ රටේ දවසකට කාන්තාවන් කී දෙනෙක් දූෂණය වෙනවද.සෞධි වගේ රටකට ඇවිලා බලන්න ,රාත්‍රී 12.00 කාන්තාවන් පාරේ තනියම යන හැටි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 21 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 338 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 328 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 341 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 456 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 751 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 858 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site