(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොත්තු රොටී හදනවා වගේ ආර්ථිකය හදා බුද්ධි ගලනය නතර කරන්නට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වර්තමානයේ බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා ඇමරිකාව, එංගලන්තය ඉන්දියාවේ පවා බුද්ධි ගලනය සිදු වෙමින් පවතින බව කීය.
බුද්ධි ගලනය ලංකාවේ පමණක් සිදුවන දෙයක් බවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරන බවත් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ නොකියන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘කොත්තු රොටී හදනවා වගේ බුද්ධි ගලනය නවත්තන්න බෑ’
duminda Friday, 06 October 2023 02:08 PM
හැබැයි ඔබලා කොත්තු රොටියක් වගේ මේ රට කෑවා...!
Perera Friday, 06 October 2023 02:38 PM
මෙයාට කොත්තු රොටියක්වත් හදාගන්න බැහැනේ... තව මොන කතාද?
Rata Perata Friday, 06 October 2023 03:02 PM
ඒක නම් ඇත්ත. මේ වගේ කොන්දයි, බඩයි හැදුණට බුද්ධිය එහෙම හැදෙන්නේ නැහැ. මෙයා නිතරම නිදියන්නේ ඒකනේ. මොන ආණ්ඩුව වුවත් ඇමැතිකමක් අරගෙන බයිලා කිය කිය ඉන්නවා.
ravin Friday, 06 October 2023 03:08 PM
කොත්තු කනවා වගේ මුළු රටේම තියෙන සේසතම හොරා කෑවාම, කොමිස් ගහලා සූරා කෑවාම බුද්ධි ගලනය විතරක් නොවෙයි, බොහොම ළඟදීම ගුටි ගලනයත් නවත්තන්න බැරිවෙන හැඩයි...
විපරමා Friday, 06 October 2023 03:23 PM
බලලෝභී, දූෂිත දේශපාලුවන් තමයි මේවාට වගකියන්න ඕනේ. කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති, පවුලේ අයට, හෙන්චයියන්ට තනතුරු දීලා ආර්තිකය බංකොළොත් කෙරුවා.. රටේ ජීවත් වීමට බැරි තත්ත්වයක් ඇති කෙරුවා...
ඇට නැති දිව Friday, 06 October 2023 03:27 PM
ඉතින් මහත්තයෝ ඔහේලාම නෙවෙයිද කොත්තු ගහනවා වගේ සද්දයක් දමලා වැටුප් නැතුව නිවාඩුවක් දීලා ඩොලර් ගේන්න කිව්වේ... ඉතින් දෙයියනේ කියලා ගියාම ඔහොම කියන්න දිව දෙකක් ලැබුනේ කොහොමද?
සෙනෙවිරත්න Friday, 06 October 2023 04:31 PM
ඇමරිකාවේ, එංගලන්තයේ බුද්ධි ගලනය වෙන්නේ වෙන ග්‍රහ ලෝකයකටද?
Bamunuarachchi Sunday, 08 October 2023 09:51 AM
ඇමරිකාවේ එංගලන්තේ බුද්ධිගලනය වෙන්නේ සෞදි අරාබියට, කටාර් වගේ රටවලට...
Bamunuarachchi Friday, 06 October 2023 06:59 PM
අපේ බදූ මුදලින් කාගේවත් ළමයින්ට උසස් අධ්‍යාපනය දෙන්න එපා. රටේ නීතිඥ බිහි කිරීමට අපේ බදූ මුදල් වැය කරන්නේ ඇයි?. දොස්තරවරු බිහිකළා නම් රැකියා සපයන්නේ රජය නම් MBBS සහතික විශ්‍රාම යනතුරු අතට දෙන්න එපා. ඔවුන්ට පෞද්ගලික සේවයේ යෙදෙන්න අවසර දෙන්න. දුප්පත් කම්කරුවාගෙන් වක්‍රව ලබාගන්න බදු මුදලින් ඇයි අපි නීතිඥයින් බිහි කරන්නේ? තම පුද්ගලික මුදලින් ඉගෙනගන්න. අනිකුත් වෘත්තීන් ගැන කියන්න තිබෙන්නෙත් ඔය ටිකයි.
D WickremasingheSaturday, 07 October 2023 12:44 AM
හොඳ අදහසක්..!