(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයා ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයක ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළාය.
ඉකුත් අරගල සමයේ 2022 මැයි මස 04 දින හෝ ඊට ආසන්න දිනයකදී රටෙහි පැවැති තත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සදහා සංදේශයක් බාර දීමට බව පවසමින් යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පසුව මහරගම පොලිසියේ රදවා තබා ගනිමින් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි
එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.
සංවිධානාත්මකව අයුතු ජන රාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම , පොලිසියට සහ මහජනතාවට බාදා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත පොලිසිය මගින් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතානායක නිවෙස වැටලූ 13ක් නිදොස් කර නිදහස්