IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෘතිම බුද්ධියට ලාංකික තරුණයෝ දෙදෙනෙක්ගෙන් රජ වැඩක්

(විමුක්ති එස් රුද්‍රිගු)

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත.

මෙම මෙවලම යූ ටියුබ් සමාගම අලවුඩ් ලෙස නම් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කුඩා කළ සිටම මිතුරන් බව යූ ටියුබ් සමාගම පවසා ඇත.

ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

එම ගැටලුවට විසඳුමක් ලෙස අලවුඩ් කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දෙන බව යූ ටියුබ් සමාගම පවසා ඇත.

මෙම මෙවලම මගින් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලැබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

 



අදහස් (5)

කෘතිම බුද්ධියට ලාංකික තරුණයෝ දෙදෙනෙක්ගෙන් රජ වැඩක්

SAMAN Saturday, 23 September 2023 07:52 PM

ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ. එසේනම් කලයුතුවන්නේ පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හැකි ක්‍රමවේදයක් සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයක් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කිරීම වේ. "අලවුඩ්" කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දීමෙන් ටියුබ් සමාජ මාධ්‍ය ජාලය කර තිබෙනුයේ ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසුවීම සහ තවදුරටත් ඉංග්‍රීසි භාෂාව නොමැතිවම ඔවුන් රඳවා ගැනීම සහ AI තාක්ෂණය මගින් මෙම මෙවලම යොදා ගනිමින් පරිශීලකයින්ට ඔවුන් කැමැති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලබාදී එම 80% පිරිස ඔවුන් වෙත ළඟාකර ගැනීම සහ එමගින් ලබෙන්නා වූ අදායම ටියුබ් සමාජ මාධ්‍ය ජාලය (GOOGLE) ඉහළ යාම වේ. "එසේ වුවත් එම 80% පිරිසට වෙනස් යමක් ඔවුන්ගේ භාෂාවෙන් තේරුම් ගැනීමට අවස්ථාව සලසා දී ඇත"....

:       1       4

pakeer Sunday, 24 September 2023 01:03 AM

හොඳ නිර්මාණයක්... හැබැයි ඉතින්... ලංකාවේ අය ඉගෙන ගත්තු ඉංග්‍රීසි ටිකවත් ඉගෙන ගෙන ඉවරයි.

:       3       9

පැරකුම් Sunday, 24 September 2023 09:28 AM

මෙවැනි තරුණයින් දිරිගන්වා රටට ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්කර ගැනීමට නිසි ක්‍රමවේදයක් නැතිකමින් බුද්ධි ගලනය වළකාගන්නේ කෙලෙසද?

:       0       16

Bunny Preena Wednesday, 27 September 2023 02:55 PM

බුද්ධි ගලනය කොහොම උනත් සල්ලි ගලනය නම් හොඳ සාර්ථකව සිදුවෙයි

:       0       0

Amila Wednesday, 27 September 2023 08:57 PM

ඉතා හොඳයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 172 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site