IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොත්මලා ඔය හරහා අතුරේ යන ගැමියෝ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

දැඩි ජීවිත අවදානම් මැද තම දරුවන් සමග අබලන් වැල් පාළමෙන් වසර ගණනාවක් සිට විවිධ අනතුරුවලට ලක් වෙමින් ගමන් කරන ජනතාව කෙරෙහි බලධාරීන් කිසිදු අවදානයක් යොමු නොකරන බවට කොත්මලේ, හරංගල හා නායපාන ප්‍රදේශවල ජනතාව පවසති.

කොත්මලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් කොත්මලේ, හරංගල හා නායපාන යන ගම්මාන යා කෙරෙන කොත්මලා ඔය හරහා පිහිටි අඩි 350 ක් පමණ දිගින් යුත් ඔරුතොටවත්ත වැල් පාළමේ ලෑලි දිරා ගොස් කම්බි කැඩී අබලන් තත්වයෙන්, දැඩි අවදානම්ව පවතී.

වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත් කිසිදු වගකිවයුතු බලධාරයෙක් මේ දක්වා පාළම පිළිසකර කර දීමට පියවර ගෙන නොමැති  ප්‍රෙද්ශවාසීහු කියති.

කොත්මලේ-නාවලපිටිය ප්‍රධාන මාර්ගවලට පිවිසීමට පවුල් 400 ක පමණ හරංගල ගම්මානයේ ජනතාව පාසල් දරුවන් සමග භාවිතා කරන ප්‍රධාන හා කෙටිම මාර්ගය මෙයයි.

 ප්‍රදේශයේ රෝගී ජනතාව, වැඩිහිටියන්, උපකාරක පන්ති සඳහා යන ළමයින් මෙන්ම තේ හා වෙනත් බව බෝග වගා කරන ගොවීන්  තම ළුළදාව  අලෙවි කිරීම සඳහා වෙළඳපොළ වෙත ගමන් කරන්නේද  ජීවිතයත් මරණයත් තීන්දු කරන මෙම ඔරුතොටයාවත්ත අවදානම් සංඟිලි පාළම මතිනි.

විකල්ප මාර්ගයක් ලෙස කොත්මලේ ජලාශ වේල්ල මතින් වැටී ඇති මාර්ගය තිබුණද එම මාර්ගය විවෘතව පවතින්නේ සෑම දිනකම පෙ.ව. 06.00 - ප.ව. 06.00 දක්වා පමණි.

රාත්‍රී කාලයේ ආරක්ෂක හොතූන් මත මාර්ගය වසා දමන බව පවසන ජනතාව, එම මාර්ගයේ කිලෝ මීටර් 03 ක්   පමණ ගමන් කිරීමට සිදුව ඇති බව පවසති.

අළුයම 03.00 සිට උපකාරක පන්ති හා දුර බැහැර ගමන් කරන ළමයින් ඇතුළු මගී ජනතාවට ගමන් කිරීමට

ඇති එකම මාර්ගය වන්නේද මෙම පාළම් මාර්ගයයි.

කොත්මලා ඔයේ වැසි කාලවල විශාල ජල කඳක් ගලා බසින බවත්, මෙම අබලන් පාළම පිහිටි ස්ථානයේ ඔය ගැඹුරු තැනක් වීම නිසාත් පසුගිය කාලවල අවස්ථා කීපයකදී පුද්ගලයින් කීප දෙනෙක් පාළමෙන් ඇදවැටී අසාධ්‍ය තත්වයෙන් දිවි බේරාගත් අවස්ථා ඇති බවත් ජනතාව පෙන්වා දෙති.

ජීවිත අවදානමක ඇති මෙම අබලන් පාළම වෙනුවට නව පාළමක් ඉදිකර දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

කොත්මලා ඔය හරහා අතුරේ යන ගැමියෝ

Perera Monday, 11 March 2024 05:59 AM

දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීලාට ඇමතිලාට ආරාධනාවක් කරන්න පිළිගැනීමේ උත්සවයක්ද .එතකොට එයාලාගේ V8, pajero praado වලට ගමට එන්න හොඳ පාලමක් හදලා පාරත් කාපට් කරලා දෙයි සුටුස් ගාලා

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 35 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 387 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 170 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 333 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 761 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 308 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site