(නයනජීව බණ්ඩාර)
පිටස්තර ප්‍රදේශවල නොදිරන අපද්‍රව්‍ය කතරගම ප්‍රදේශයට රැගෙන ඒම තහනම් කර තිබියදී, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක නුවන් රංග මහතා මැදිහත්ව, කොළඹ ප්‍රදේශයේ සිට රැගෙන එන ලද කසල තොගයක් කතරගම ගම්උදා භූමියේ පිහිටි කසල අංගනයට ගෙනවිත් ගොඩබෑම නිසා අද (04) ගම්වාසීන් හා සභාපතිවරයා ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
කසල රැගෙන ආ ලොරියට යා නොදී නවතාගෙන සිටි ගම්වැසියකුට සභාපතිවරයා පහර දී ඇත. ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ගොස් නැවත එමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ කතරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.බී. විමලතිස්ස මහතා සමග සිටි තරුණයකුවද සභාපතිවරො සිය මෝටර් රථයේ හප්පා තුවාල සිදුකර ඇතැයිද අනාවරණය වී ඇත.
සභාපතිවරයාගේ කාර් රථයේ ගැටී තුවාල ලබා ඇත්තේ කතරගම කඳසුරිදුගම ප්‍රදේශයේ පදිංචි බී.පී. නලින්ද යන අයයි.ඔහු මේ පිළිබදව කතරගම පොලිසියටද පැමිණිලි කර ඇත.සිද්ධිය පිළිබදව අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුනේ කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි කේ.බීත නිමලතිස්ස මහතා මෙසේ පැවසීය.
“මීට මාස කිපයකට කලින් කොළඹ සහ ගම්පහ වගේ ප්‍රදේශවලින් කතරගමට ගෙනත් නොදිරන අපද්‍රව්‍ය කියුබ් 03ක ප්‍රමාණයක් ලොරි රථ 100කට වඩා ඇවිත් ඉතා රහසිගතව වළ දැම්මා. ඉන් ලොරි 60ක් විතර වළ දැම්මේ වැඩිහිටිකන්ද පාමුල ඇති වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලයකයි. ඒ ජාවාරම සදහා ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකුත් හවුල් වුණා.තවත් කුණු ලොරි 10ක් විතර සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ ගොඩවැලි කපලා ඇති වු වලවල් වලට දාලා වහලා දැම්මා. තවත් ලොරි 50ක් විතර ප්‍රාදේශීය සභාවට අයත් කැලිකසල අංගනයට ගෙනත් ගොඩබෑවා. මේ සිද්ධිවලින් පස්සේ ජනතාවගේ ඇති වු දැඩි විරෝධය නිසා අදාල පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරුවාට පස්සේ, කතරගම ප්‍රාදේශීයසභා රැස්වීමේදී පිටස්තර කුණු අපද්‍රව්‍ය මොන හේතුවක් නිසාවත් නැවත නොගෙනෙන්න සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒකමතිකව තීන්දුකළා.
ඒ අනුව මේ වැඩේ ටික කාලයක් නතර වුණා.
ඒත් දැන් දින කිහිපයක ඉදලා නැවත කතරගම ප්‍රදේශයට කුනු ලොරි එනවා කියල ගම්වැසියන් කිහිපදෙනෙක් මට කිව්වා.අවස්ථා කිහිපයකදි මේ ලොරිරථ කොටුකරගන්න උත්සහකලත් සාර්ථක වුනේ නැහැ. ඒත් අද(04) උදේ 8.00ට විතර ආව ලොරිරථයක් ගම්මුන් විසින් කොටුකරගෙන මට දුරකථනයෙන් දැනුම් දුන්නා.මම තවත් කිහිප දෙනෙක් එක්ක සභාවට අයත් කසල අංගනයට ගොස් පරීක්ෂා කරමින් ඉද්දි ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංග මහත්තයත් ඇවිත් ප්රශ්නය මොකද කියලා ඇහුවා. ඒගැන කිව්වාම, ඔහු කිව්වා මේ කුණු ගේන්නේ නීත්‍යනුකූල විදිහට,ඒ සදහා කුණු ගේන අය සභාවට ගෙවනවා කියලා. ඒත් අපි ඇහුවම කසළ අංගනයේ වැඩකරන සේවකයෙක් කිව්වේ දැනට ලොරි කිහිපයකින් කුණු ගෙනාවත් සල්ලි බැන්දේ එක ලොරියකට විතරයි කියලා.
මේ කසළ අංගනය හැදුවේ කතරගම කුණු ගෙනත් දාන්න මිසක පිටස්තර කුණු ගේන්න නෙමෙයි. මේ කතාබහ අතරතුරදී සභාපතිවරයා කුණු ගෙනාවට විරුද්ධ වු ගම්වැසියෙකුට ගැහුවා. අපි යතුරුපැදිවලින් කතරගම පැත්තට එනකොට සභාපතිවරයා මෝටර් රථයකින් පැමිණ අපි සමග සිටි නලින්දගේ යතුරුපැදිය ආසන්යේදි මෝටර් රථයේ දොර ඇරලා රථයේ වැදෙන්න සැලැස්සුවා. ඔහු යතුරු පැදියෙන් වැටිලා තුවාල වුණා.පසුව අපි කතරගම පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලකුත් කළා“ හෙතෙම වැඩිදුරටත් කීය.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගෙ මහතා මෙසේ පැවසීය.
“පිටස්තර ප්‍රදේශවලින් කැළිකසල කතරගමට නැවත නොගෙනෙන්න තීරණයක් ගත්ත බව ඇත්ත.නමුත් සභාවට ආදායම් නැහැ.සභාවේ සේවකයන්ගේ පඩි ගෙවන්නෙත් අමාරුවෙන්. ඒ නිසා තමයි අපි මේ කුණු ගන්න තීරණය කළේ.ඒ සදහා අපිට එක ලොරියකට අදාල සමාගම විසින් රුපියල් 25,000ක් ගෙවනවා.ඒ අය මේ කුණු බැහැර කරලා ඇවිත් සබාවට සල්ලි බඳිනවා.මේ කටයුත්ත මධ්‍යම පරිසර අධිකාරියත් දැනුවත්වයි වෙන්නේ.ඔවුන් අපිට අවසර දීලා තියෙනවා.අපේ සේවකයන්ට ජ.වි.පෙ මන්ත්‍රිවරයා සහ අනෙක් පුද්ගලයා තර්ජනය කරලා තියෙනවා. නමුත් ඔය කියන අන්දමේ පහරදීමක් හෝ මගේ මෝටර් රථයට යටකරන්න උත්සහ කරලා නැහැ.මේ කරන්නේ සුළු සිද්ධියක් මහ ලොකු දෙයක් විදිහට මවාපෑමක් විතරයි.දැනට මේ විදිහට ඇවිත් තියෙන්නේ ලොරි දෙකක් විතරයි.''
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම ගම්වාසීහු කසලවලට කැමති සභාපති හා ගැටෙති
Demuni Uduwara Friday, 04 December 2020 01:31 PM
දේශපාලකයෝොත් මැරයින් වෙන්න හදනවනේ..
ranaSaturday, 05 December 2020 04:00 AM
නැහැ, දැන් මැරයින් තමයි දේශපාලනයට එන්නේ...!!!
AsankaSaturday, 05 December 2020 07:56 AM
ගැහුවා ගැහුවා කියලා විතරක් කියන්නේ... ගැහුවොත් ගහන්න බලාගෙන ඉන්නේ නැතිව... හොඳට කෑවම ඔය චණ්ඩිකම් නතර වෙයි.
jagath Saturday, 05 December 2020 04:46 AM
බලේ රැකගන්න අයියලා, මල්ලිලාගේ පවුල් සතුටින් කනවා වගේ පේන්නේ.. ලැජ්ජයි...!!! රාජපක්ෂ පවුල ලංකාවට ආදරේ නෑ. 2015 ගියේ බදූර්දීන්ට විල්පත්තුවේ ගෙවල් හදන්න දීලා. මේ පාර සිංහරාජේ කැපුවා. අර රැම්සා තෙත්බිම ඩෝසර් කරලා...හෝටල් ගහන්න හදනවා. දැන් කතරගමටත් දෙන්න හදන්නේ වැඩේ..