IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අවසන් නිවේදනය

(විනීතා එම් ගමගේ)
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් කරන ලෙස අවසන් නිවේදනය ද නිකුත් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

 එම රෝහලේ අපද්‍රව්‍ය දහනය කෙරෙන උදුනක් වේරහැර, සීලවතී පෙරේරා මාවතේ පිහිටි නිවාසවල මායිමේ සිට මීටර් දෙකක් දුරින් පිහිටා ඇත.
 
 එහි අපද්‍රව්‍ය දහනය කෙරෙන අවස්ථාවන්හිදී එම උදුන්වලින් නිකුත්වන දුමින් එකී නිවාස වැසී යන බවට එහි වැසියන් කළ පැමිණිල්ල පිළිබඳ සොයා බැලීමේ දී එවැනි තත්ත්වයක් ඇතැයි හෙළි වූ බවත් ඒ අනුව අධිකාරියේ නිලධාරින් දෙවතාවක් එහි ගොස් අවට නිවැසියන්ට හිරිහැර නොවන පරිදි අපද්‍රව්‍ය ඉවත්කරන අන්දම පිළිබඳ රෝහල් බලධාරින්ට උපදෙස් දුන් බව  මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
 
 එහිදී නිවාස ආසන්නයේ ස්ථානගත කර ඇති දහන උදුන් වෙනත් ආරක්ෂාකාරි ස්ථානවල ස්ථානගත කිරිමට උපදෙස් දී ඇතැයි ද එම උපදෙස් නොතකන්නේ නම් අධිකරණමය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නට කටයුතු කරන බව ආරක්ෂක පීඨ රෝහල වෙත දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
 
 පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සහ උපදේශනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරන ආයතන හා රෝහල්වටල එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය තිබේ. කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස මෙම රෝහල තොරාගෙන තිබු බැවින් හා එහි දැඩි සත්කාර ඒකකයේ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ බැවින් ප්‍රදේශවාසින් මේ සම්බන්ධ වඩාත් බියට පත්ව සිටියහ.
 
 



අදහස් (0)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අවසන් නිවේදනය

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 284 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 824 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 487 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2161 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1744 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 119 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site