IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොතලාවල පනතට අදත් තැන තැන විරෝධතා

 

(රංජන් කස්තුරි)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් රටපුරා නගර ගණනාවකදී විරෝධතා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.

මාතර,ගම්පහ යක්කළ, ගල්ගමුව, අනුරාධාපුර ඇල්පිටිය, ඇතුළු නගර රැසක පැවැති මෙම උද්ඝෝෂණවලට ගුරු සංගම් නියෝජිතයන් ද,වෘත්තීය  සමිති ක්‍රියාකාරීන්ද, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

අධ්‍යාපන මිල්ටරිකරණය කිරීමටත් මුදලට උපාධි අලෙවි කිරීමටත් ඉඩ නොදන බව විරෝධතා කරුවෝ පැවැසූහ.

බොහෝ විරෝධතා සෞඛ්‍ය නීතිරීතිවලට අනුව සිදු කෙරිණි.

(ඡායාරූප: තිලකරත්න-දිසානායක)

යක්කල නගරයේදී


(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නගරයේදී


(ඡායාරූප: නිහාල් ජයවීර)

ගල්ගමුව සති පොළ අසළ



අදහස් (18)

කොතලාවල පනතට අදත් තැන තැන විරෝධතා

Sam Tuesday, 20 July 2021 05:26 PM

ප්‍රශ්නය "කොතලාවල පනත"... ඉල්ලන්නේ ගුරු වැටුප් වැඩිවීම්. නියමයි ජවිපෙ පසුගාමී කල්ලිය හොඳට රටේ අධ්‍යාපනය වලපල්ලට යවනවා...

:       1868       1869

බද්රානි Tuesday, 20 July 2021 07:19 PM

නරි හූවටත් මහපාරේ රිලා නැටුම් නටන්න උපන් හපන් මේ අසමත් ජාතිය සක්කරයා අවාත් ගොඩගන්න නම් බැහැ... දරුවනේ, මොන ක්‍රමයකින් හරි පිටරටකට පැන ගනිල්ලා. නැත්නම් මේ මෝඩයින්ගේ පරාදීසයේ උඹලාට අනාගතයක් නැහැ. ඒ රටවල ඔබට සුදුසුකම් ඇත්නම්, පාට්ටයිම් රැකියාවක් කරලා මුදල් සොයාගෙන මහන්සිවෙලා උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට ඒ රටවල රජයන් මෙන්ම ජනතාවද ඔබලාට උපකාර කරාවි... අත්මාර්තකාමී, මන්ද මානසික තිරිසන්නු ඒ දියුණු රටවල නැහැ. දරුවනේ, නිකමට සිතන්න, මේ රටේ අසරණ රෝගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් සූරාකන පෞද්ගලික රෝහල්වලට විරුද්ධව මෙතන මේ ඩෙඟා නටන එක අමනයෙක් වත් ඊට විරුද්ධව එක වචනයක් කතා කරනවාද? ලංකාවේ අයගේ තියන මේ නිවට තුප්පහි, කුහකකමට තමයි මොවුන්ට වගතුවක් නැත්තේ... මේ අනුන්ට වල කපන්න දඟලන අයට සැනසීමක් තියනවද? කාලකන්නි.. !!!

:       3235       3236

VithanaWednesday, 21 July 2021 08:13 AM

අද වැඩ කරන ජනතාව සහ විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් පාරට බැහැලා තියෙනවා. ඉතුරු ටිකත් ඉදිරි දින කීපය තුළ පාරට බහිනවා. ඔයා කියන විදියට මේ ඔක්කොම නරි. ගස්, ගල් උඩ නැගලා කන්නත් නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න දරුවන්ට යන්න විශ්ව විද්‍යාලයක් නැති කරන්නයි මේ යන්නේ... ඩොලර් වලට උපාධි විකුණන්න ගියාම අපේ ළමයින්ට මුහුදට තමයි පනින්න වෙන්නේ. බහුබූත කතා කියන්න එපා. පාට් ටයිම් ජොබ් ඔයාද දෙන්නේ ඒ ළමයින්ට ලංකාවේ? ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. රජ පවුලට තියෙන වහල්කම නිසා. කොහොමත් ආණ්ඩුවේ මේ උත්සාහයට ජනතාවගෙන් ඉඩක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවට තෝරගන්න වෙනවා... ඉන්නවද? ගෙදර යනවද? කියන දෙකෙන් එකක්.

:       660       1227

janahithaWednesday, 21 July 2021 03:08 PM

උන්නැහේට ළමයි ඉන්නවද? ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉඩ නැතිවුණාම ඔයත් ගේ දොර උගස් කරලා පිටරට යවයි... බොරු එපා. ද්වේශ සහගත ලෙස අනෙක් අයගේ අයිතීන්ට වඩා බමුණු ප්‍රතිපත්තිය හරි නැහැ... පරාජය කළ යුතුය.

:       467       187

බද්රානි Wednesday, 21 July 2021 03:25 PM

නිදහසේ අධ්‍යාපනය ලබන්න තියන මානුෂීය අයිතියට මග අහුරලා, අනුන්ට වල කපලා රජ පවුල මහපාරට බස්සවන්න හිතාගෙන මහපාරේ, අව්වේ වේලෙමින් තප්පුලන අය තමන්ගේම වල කපා ගන්නවා යයි නොවැටහීම තමයි ගැටලුව... එකා පසුපස අනෙකා ගමන් කරමින් අධ්‍යාපනය හමාර කළ උගත් යයි හිතාගෙන සිටින මොංගල් කාරයින්ට කොහින්ද පරිකල්පන ශක්තියක්... මේ දුපතේ ළිං ඇතුලේ ඉන්න සද්දෙට බක බක ගාන තඩි ගෙම්බන් හිතාගෙන ඉන්නේ ඔවුන් තමයි කෙරුමෝ කියලා. වැඩිය ඕනෑ නැහැ. බංග්ලාදේශයටවත් පය තිබ්බා නම් තේරෙයි මේ බක පණ්ඩිතයන්ගේ නොහැකියාව... මේ මහපාරේ ඩෙගා නටන අයගෙන් අහන්නේ රටේ සියලුම භාණ්ඩවල මිල සියයට පනහකින් වැඩිකොට රජයේ බදු ආදායම වැඩිකරගෙන මේ රටේ උසස් පෙළ සමත් වෙන සියලුම සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදෙනවාට ඔබ එකඟයිද?

:       295       121

VithanaWednesday, 21 July 2021 07:29 PM

ඔබ කියන විදියට ආණ්ඩු කරන කරන දේට කර බාගෙන ඉන්න ඕනෑ. රටේ සියලු කඩාකප්පල් වැඩ කරන්නේ ආණ්ඩුව විසිනුයි. ඒවාට විරුද්ධ වෙන්න ජනතාවට ඇති අයිතියක් තියෙනවා. මේ ආන්ඩුවේ නායකයොත් මේ වගේම මහ පාරේ ඇවිද්දා ගිය ආණ්ඩුව කාලේ. නිවට වුණොත් අනාගත පරපුරට අනාගතයක් නැතිවෙනවා. එය රැක ගන්න තමන් සතුව තිබෙන හැම ආයුධයක්ම පාවිච්චි කරලා සටන් කරන්න සිද්ද වෙනවා.

:       0       1

Raveendra Wednesday, 21 July 2021 07:10 AM

"කලුකුමාරයා ප්‍රමුඛ රතු චිත්ත කාරයින්ගේ පඹයන් වන අන්තරේ ඉන්නා මෝඩ අන්දරේලාට" මේ දිනවල ඉතාමත්ම කාර්යබහුල බව කිවයුතුයි. මක්නිසාදයත් මේ සෑම උද්ඝෝෂණයකම තිබෙන බැනර්, පෝස්ටර් වල තිබෙන්නේ ඒ බූරු අන්දරේලාගේ අකුරු හැඩතලම වීමය. 71 මෙන්ම 88/89 මතක කිසිවෙකුට එය කිසිසේත්ම බැහැර කිරීමට බැරිය. විජේවීර උන්නැහේට මෙම කළුකුමාරයාගේ ගොන් රැල කරන්නේ ඉතාමත්ම නිගාවකි. අපහාසයකි. ඒ බව කලුකුමාරයා ප්‍රමුඛ ඒ ඒ ඇම්බැට්ටයින්ට නොතේරීම අවාසනාවකි. එමගින් පෙන්නුම් කරන්නේ අන්තරේ ඉන්නෙත් තකතීරු බූරු මෝඩ රැලක් ලෙස නොවේද? එක එක කියන කියන පදයට නටන්නට තරමට මෙම සිසුන් නම්‍යශීලී වීම රටේ අනාගතයට බරපතල ගැටළුවක් නොවේද? මෙම රතුහට්ටකාරයින්ගේ, ඇම්බැට්ටයන් මේ රටේ කවදා කිසිවකට හොඳයි කීවේද නැත. සැමදාම පාරේ තමාගේ වටිනා කාලය කාදමමින් රස්තියාදු වෙනවා නොවේද ? "මොවුන්ගේ" ඒ අහිංසක වැදගත් දෙමාපියන් ඇත්තෙන්ම පව්... ඒ මිනිසුන්ට රටේ මහජනතාවගෙන් බැනුම් අසාම නිවනක් නැතිවීම කණගාටුවකි. කාරුණිකව, මධ්‍යස්ථව හිතන්න මේ අන්තරේ ඉන්න මෝඩ රැල කවදාද රටට ඵලදායි, වැදගත් දෙයක් කරේ...? වටිනා දෙයක් සොයාගත්තේ? කිසිදා නැත. උදේ නැගිටින්නේ දියව්... හකුලාගනිව් කියමින් නොවේද?

:       252       228

Raveendra Wednesday, 21 July 2021 07:26 AM

සෑම රෙද්දකටම උද්ඝෝෂණය කිරීම මිනිසුන් උසිගන්වනවා යනු මිනිසුන් බූරුවන්, පඹයන් කිරීමට මේ කලුකුමාරයා ප්‍රමුක රතු චිත්තකාරයින් උත්සාහ කිරීමකි. එහි බාලම මෝඩ බූරු පැටව් සිටින්නේ අන්තරේ වීමත් ඉතාමත්ම කණගාටුවකි. මක්නිසාද යත් අන්තරේ ඉන්නේ සරසවි සිසුන් වීමයි. සරසවි සිසුන් යනු රටේ බුද්ධිමත් දරුවන් කොටසක් වීමත්, එවන් පිරිසක් මේ කාලකන්නි කළුකුමාරයාගේ අදහස්වලට කෙසේ රැවටී පක්කලියන්, පඹයන් ලෙස හැසිරෙන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන ගැටලුවකි. කෙසේවෙතත් මිලිටරිකර හෝ රටේ විනය සැදීමට හැකි නම් එය කිරීම වරදක් නොවෙන බවත් කිව යුතුමය. උද්ඝෝෂණ කරන තරමට මේ කාලකන්නි කලුකුමාරයා සහ සමාගම තම ජීවිකාව හොඳින් ගෙනයන බවත් නොරහසකි. මේ එකඳු "ජෙප්පෙක්" විමසන්නේද "කළුකුමාරයා ඇතුළු සහචරයින්ගේ දරුවන් කොහෙද ඉගෙන ගන්නේ? ඇයි ඒ ඒ දරුවන් මේ උද්ඝෝෂණවලට නොඑන්නේ වැනි පැනයන්"? එමගින් පැහැදිලි වන්නේ මේ ජෙප්පන්ගේ අනුගාමිකයන් අමරමරි මෝඩ රැලක් බව නොවේද? මෙම අදහස් සියල්ලම කලුකුමාරයා ප්‍රමුක ජෙප්පන් සැමටම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!!

:       287       255

Bamunuarachchi Wednesday, 21 July 2021 07:42 AM

දැක්කා නේද විශ්වාස භංගේත් බංකොළොත් වෙච්චි හැටි...? නුඹලා පාරේ රිලා නැටුම් නැටුවට පනත පාර්ලිමේන්තු ආවාම ඉහළින් සම්මතයි...

:       89       70

VithanaWednesday, 21 July 2021 07:20 PM

පනත් පාස් කරන අයටම ගිහින් පාසල් වල උගන්වන්න කියන්න. අනෙකුත් කාර්යාලවල වැඩ ටිකත් කරන්න කියන්න.

:       0       7

janahitha Wednesday, 21 July 2021 08:59 AM

නිදහස් අධ්‍යාපනය යනු අන් අයගේ අධ්‍යාපන ලබාගැනීමේ අයිතීන් අහිමි කිරීම නොවේ. සියල්ලන්ම අධ්‍යාපනය ලබාගන්නේ මුදලට එහි මූලික බරපැන දරන්නේ මේ රටේ ජනතාවට, ඔබට කිසිදෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ.. ද්වේශ සහගත ලෙස අධ්‍යාපන සීමා කිරීමේ ආත්මාර්ථය ඔබට සැමදා පවත්වා ගත නොහැක.

:       296       297

janahitha UAE Wednesday, 21 July 2021 09:10 AM

මොන ක්‍රමයකින් හරි පිටරටකට පැන ගනිල්ලා. නැත්නම් මේ මෝඩයින්ගේ පරාදීසයේ උඹලාට අනාගතයක් නැහැ. ඒ රටවල ඔබට සුදුසුකම් ඇත්නම්, පාට්ටයිම් රැකියාවක් කරලා මුදල් සොයාගෙන මහන්සිවෙලා උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට ඒ රටවල රජයන් මෙන්ම ජනතාවද ඔබලාට උපකාර කරාවි... අත්මාර්තකාමී ජනතාව ඒ දියුණු රටවල නැහැ. ඔබ හරි මේ රටට ඇතුල් වුණු ඔය කට්ටිය මෙහිත් ඔය අදහස් පතුරුවන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීමට අදහස් දැරුව සංගමයකින් ඔවුන් කණ්ඩායමම ඉවත් වුණේ ඔය මතය නිසා නමුත් මේ රටේ ඒයට ඉඩ නැහැ... බොහෝමයක් ලාංකික අය මේ රටේදී ඉගෙන ගෙන උසස් තනතුරු දැරීම ඔවුන්ට ඔවුන්ට දරාගන්න බැරිවෙලා තියෙනවා.

:       109       110

Darshana Wednesday, 21 July 2021 12:30 PM

තවත් කොරෝනා රැල්ලක් ලැබෙන ලකුණු...!

:       1006       1007

VithanaWednesday, 21 July 2021 07:22 PM

පාරේ කිරිබත් කන අය නිසාද?

:       0       1

usas pela samath api Wednesday, 21 July 2021 03:29 PM

සැමටම ඉගෙන ගැනීමට ඇති අයිතිය සුරැකිවූ නොමිලේ දෙන අධ්‍යාපනයට බරපැන ගෙවන්නේ රටේ ජනතාව... එතැනට ගොස් අනෙකුත් අයට අධ්‍යාපනය මව්බිම තුළදී මුදල් ගෙවා හෝ ලබාගැනීමට ඇති අයිතිය සුරකිමු..

:       47       48

VithanaWednesday, 21 July 2021 07:21 PM

ඔව් හොරකම් කරලා තමයි සල්ලි හොයන්න වෙන්නේ දැන්. නැත්නම් හැමෝටම සල්ලි අච්චු ගහන මැෂිම ගානේ ගන්න වෙනවා.

:       0       1

Bamunauarachchi Thursday, 22 July 2021 09:44 AM

නො කතා නො සිනා පනත 2/3 සම්මත වෙනවා.රටට අවශ්‍ය පනතක්. ඔය ඔක්කොම ඒ කාලේ පලාබබා අපිට එපා කියපු කට්ටිය. පලාබබා මොකක්දවත් කියලා දැනගෙන සිටියේ නැත.

:       41       0

VithanaSaturday, 24 July 2021 06:26 AM

පනත් සම්මත වෙන්නේ 69 ලක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය අයගෙන්නේ... දැන් ඒ ජනවරම නෑ. දැන් ඒ 69 ලක්ෂයෙන් භාගයක්වත් හොයා ගන්න නෑ. ඒක නිසා ඔය පනත් සම්මත වෙන්නේ අසම්මත ජනවරමෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 708 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1371 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 399 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 898 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2217 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site