IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය

(වයි.ඵ්.ඵස් වීරවංශ සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත  වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන අද (29) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්වුහ.

විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අබියසින් ආරම්භ වු උද්ඝෝෂණය කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පබහින්න මං සන්දිය දක්වා ගමන් කර විරෝධතාවයක් දෑක්වුහ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජ සිසුවා කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය නතර කරන තුරු දිගටම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවයි. 



අදහස් (13)

කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය

පිටිගල මිලානෝ Monday, 29 April 2024 08:16 PM

කොතලාවල පීඨයට සිසුන් බදවා ගැනීම විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිසමට පමණක් බලය දෙන්න. එවිට ප්‍රශ්ණයක් නැහැනේ…???

:       5       43

Infka Monday, 29 April 2024 08:24 PM

කුහක කම දොස්තර කමට වඩා ලොකු යි

:       5       78

කාළකණ්නියෝ Monday, 29 April 2024 08:36 PM

ළමයිනේ ලංකාව ඇතුලෙ වෛද්‍ය විද්‍යාල ඇතිවෙනවා දකින්නට අකමැති නුඹලා රටේ සංවර්ධනය වෙනුවෙන් ගතහැකි විනිමය වැයකර විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනුම ලබාගෙන එනවාට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නෙ ඇයි බොලව් .අපි අහල තියෙන ලෙසට කෙනෙකුට හෝ පිරිසකට අධ්‍යාපන බාධා කරන එවුන්ට උපදින කිසිම ආත්මයක උගතෙක් බුද්ධිමතෙක් වෙන්න බැරි ආකාරයට මන්ද මානසික වෙනවා එනිසා ඔය ඊර්ෂ්‍යාව හා කුහකත්වය වහාම නවතා නුඹලාගෙ වැඩක් බලාගෙන හිටපල්ලා

:       1       75

Lalla Monday, 29 April 2024 10:16 PM

තමන්ට වඩා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම ලත් සිසුන් රැසක් දිස්ත්‍රික් පදනම නිසා ඉවතට ගිය බව දැනගන්න ඕන. ඒ වගේම මහජන බදු මුදලින් නොමිලේ ඉගෙනගන්න අය මුදලක් ගෙවල ඉගෙන ගන්න අයට විරුද්ධව කටයුතුවල යෙදෙන්න ඇති අයිතිය කුමක්ද? අනික විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබන එකත් මෙරටදී ලැබීමත් අතර වෙනස මොකක්ද? ආත්මාර්ථකාමීත්වය පමණයි.

:       0       62

Gayan perera Tuesday, 30 April 2024 12:04 AM

මුන් වගේ කාලකන්නි සක්කිලි ජාතියක් තවත් ලංකාවේ නෑ .මුන්ගේ තනිකරම තියෙන්නේ කුහක කම

:       0       9

Ahmed (Gulf) Tuesday, 30 April 2024 02:16 AM

පින් ගොන්නු රැලක්

:       0       5

nimesh Tuesday, 30 April 2024 07:58 AM

ශිෂ්‍යාභාවය අහෝසි කරල ගහල පන්නන්න ඕනි

:       0       9

AMC Tuesday, 30 April 2024 08:09 AM

මුන්ට පිස්සු

:       0       7

kalhara Tuesday, 30 April 2024 08:36 AM

මාගේ පුද්ගලික අදහසට අනූව නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවට සිදු වූ හොඳ දේවල්වලට වඩා සිදු වූ නරක සහ අවාසි වැඩිය. CWW කන්නංගර මහතා විසින් සිදු කළ යුතුව තිබුනේ දුප්පත් ළමයින්ට 100% නොමිලේ සහ ධනවත් පවුල්වල සිසුන්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමට හෝ යම් ප්‍රතිශතයක් ගෙවීම ආදී පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල ඇති කිරීමයි. එසේ වූවානම් කාටත් සාධාරන ලෙස ඉගෙන ගැනීමටත්, ලංකාවෙ දූපත් මානසිකත්වය නැති කිරීමටත්, රජයේ වියදම අවම වීමත්, අන්තරේ සහ වි වි මහාශිෂ්‍ය සංගම් වැනි පිස්සන් නැති වීමත්, රටේ සියලුම ජනතාව එක හා සමාන වීමත් රට දියුණු වීමත් සිදු වේ. මෙවැනි පිස්සන් රජයේ මුදල් නාස්ති කරමින් තමන්ටත් රටටත් වැඩක් නැති මෝඩයන් බවට පත් වී ඇත. පිටරට ළම්යි මේ කෝලම් නොකරන අතර තමන් ඉගෙන ගෙන රටට සේවයක් කරයි.

:       0       9

එරංග Tuesday, 30 April 2024 08:46 AM

ඔය විශ්ව විද්‍යාලයට සබරගමුව කිව්වට පිහිටීම තියෙන්නෙ සබරගමුවේ මායිමේ වෙන්න බදුල්ලට ඉතාමත් ආසන්නව නිසා සබරගමුව කියන නම ඉවත්කරනවා නම් හොදයි .කොළඹට කිරි ගමට කැකිරි වගේ සබරගමුවට ලොක්කන්ගේ තියෙන කුඩම්මාගේ සැලකිල්ල මෙයින් පේනවා

:       0       2

sathya Tuesday, 30 April 2024 11:14 AM

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන එක වැදගත් .රජයේ අධ්‍යාපනයටත් ආචාර්යවරු නෑලු .අපේ රටේ කරන්නේ හිතවත් අය බඳවා ගැනීම සහ රජයේ අධ්‍යාපනය දුර්වල කර පුද්ගලික අධ්‍යාපනයට පහසුකම් වැඩි කිරීම .ඒවා තමා වෙනස්

:       5       0

akilaTuesday, 30 April 2024 11:59 AM

ඔය කියන ප්‍රමිතියක් තිබ්බ අය නේද අර දරුවෙකුගෙ වකුගඩුවක් ගලවල දැක්කෙ නෑ කියලා රට පනල හැන්ගිලා ඉන්නෙ. නීති පීඨයේ ශිෂ්‍යාවකගෙ වැරදි අතක් කැපුවී . ඔච්චර ප්‍රමිතියක් තියෙන ලංකාවෙ අය කොවිඩ් වලට මොකක් හරි හොයා ගත්තද? වෛරසය ලංකාවට එන්නත් පෙරම දීමනා වැඩි කර ගත්ත එක ඇරෙන්න. අන්තිමෙට පිහිටට අවෙ ප්‍රමිතියක් නැති වෙද උපාදි කඩ තියෙනව කියන ඉන්දියවෙ එන්නත. අපරාදෙ ඒක ගේන්නෙ නැතුව කුහක කම යන්න එන්නතක් ගෙන්නල මෙහෙ අයට විදින්න තිබ්බෙ

:       0       5

nimal Tuesday, 30 April 2024 11:22 AM

යථාර්ථය ගැන සෑම දෙයක්ම ඊර්ෂ්යාවයි, මන්ද මානසික, හා කුහකත්වය ඒ හැර ??????????. විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනුම ලබාගෙන සහ රජයේ රෝහල් වල සේවයේ යෙදී සිටින අයට විරුද්ධව වෛද්ය විද්යාල සිසුන්ගෙන් කිසිදු පැමිණිල්ලක් නොමැත. ඔබේ කනස්සල්ලට හේතුව කුමක්ද? ඔබ යෝජනා කරන පිළියම කුමක්ද? කරුණාකර එය ප්රසිද්ධ කරන්න. ආපහු ගම්වලට ගිහින් ගොවිතැන් වැඩ ටිකක් කරලා රටේ දියුණුවට උදව් කරන එක හොඳයි. දුප්පත් බදු ගෙවන්නන් සහ දෙමව්පියන්ගේ මුදල්.වියදම් නොකර

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 867 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 877 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 1022 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3191 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 588 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site