(යොහාන් භාසුර)
දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
‘සිරි දළදා වන්දනා’ ධාතු ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එසේ සඳහන් කළහ.
බෞද්ධයන් දන්න ධාතූන් වහන්සේට ගෞරව කිරීමට පෙළ ගැසී එන මොහොතේදී කිතුණු ජනතාව සහෝදරත්වයෙන් ඔවුන් සමඟ එකතු වන බව ද කාදිනල් හිමිපාණෝ කීහ.
ශ්‍රී ලංකවේ ඉතාමත්ම උතුම් වූ වස්තුවක් වන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහහන්සේ ලංකා පොළවතළය මත වැඩවාසය කිරීම සියලු දෙනාටම ලැබුණු විශාල ආශිර්වායක් බවත් දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවේ රජය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටීම සහ ඒ ඉල්ලීම පිළිගෙන ඒ ආගමික නායකත්වය ගත් ක්‍රියාදාමය අගය කරමින් ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ පැවසූහ.
අපේ ජාතික සංස්කෘතිය සහ සභ්‍යයත්වය සංස්කරණය වී නිර්මාණය වී ඇත්තේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් ලැබුණු ධර්මතුළින් බවත් රට තුළ සහෝදරත්වය, සාමය, එකඟතාවය සහ ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම්වූ ආභාෂය නිසා එම ධර්මයේ උතුම් බව තව තවත් වැටහෙන බවත් උන්වහන්සේ කීහ.
මෙවැනි උතුම් වස්තුවක් ලැබී ඇති මෙරට ජනතාව මොන ආගම ඇදහුවත් මේ රටේ ඉපදීමට වසනාව ලැබූ අය බවත් ඒ නිසා උද්දාමයට පත් වන අතර මෙරට පොදු උරුමයේ කොඳුනාරටිය වන බුදුදහම ආරක්‍ෂා කරගැනීමට සෑමදෙයක්ම කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
අන්තර් ආගමික සහෝදරත්වය වර්ධය කරන්න වූ මෙම උතුම් අවස්ථාව ගැන සතුටු වන අතර සියලු දෙනාටම අවංක ස්තූතිය පුදකරන බව ද කාදිනල් හිමිපාණෝ වැඩි දුරටත් සඳහන් කළහ.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති
Chandana Fernando Wednesday, 26 March 2025 06:00 PM
ඇත්ත වශයෙන්ම, දළදා වහන්සේට නමස්කාර වේවා..!
Rata Perata Thursday, 27 March 2025 12:41 PM
ඉතාම වටිනා අදහස්
Jayasekara Thursday, 27 March 2025 02:18 PM
ආගමික සහජීවනය විශේෂයෙන් බොදුනු අපේ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ආගමනය ඔබවහන්සේට බෞද්ධ අපේ ප්‍රණාමය