IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කාදිනල් තුමාගෙන් ඇමති ජී.එල්.පීරිස්ට පිළිතුරක්

( ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.

එසේ සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පැහැදිලිව දැනුම් දී ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති පරිදි විමර්ශන ආරම්භ කළොත් කාදිනල්තුමන්, කතෝලික සභාව හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවත් එය ගොඩනැගිය හැක්කේ රජයට පමණක් බවත් පියතුමෝ කීහ.

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් කරුණුවලින් විශ්වාසය ගොඩනැගීමට වඩා විශ්වාසය පලුදු වී ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ.

ඒ නිසා සාකච්ඡාවක් කිරීමට අවශ්‍යනම් විශ්වාසය ගොඩනැගුණු පසු එය පැවැත්විය හැකි බව ද කාදිනල්තුමන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි පියතුමෝ පැවසූහ.

 



අදහස් (20)

කාදිනල් තුමාගෙන් ඇමති ජී.එල්.පීරිස්ට පිළිතුරක්

Hafeel Wednesday, 01 September 2021 08:30 PM

ජී එල් පඹයක වගේ වැඩ කරන්නේ.. පොහොට්ටුවේ සභාපති වුණාට ඔහුට කිසිම බලයක් නැහැ. චන්ද්‍රිකා යුගේ ඉඳන් බලයට පත්වූ නායකයින්ට කඩේ ගියා මිස තමාගේ බුද්ධියෙන් රටට කිසි දෙයක් කළේ නැහැ... කාදිනල්තුමෝ..., නිකම් කාලය නාස්ති කරන්න එපා.

:       7       103

PereraThursday, 02 September 2021 01:31 AM

ඔබේ ප්‍රකාශයට එක කරුණක් ඇරෙන්න අනිත් සේරටම එකඟයි.

:       0       12

සෙනෙවිරත්න Wednesday, 01 September 2021 10:45 PM

ජී එල් මේ කරන්නෙ ආණ්ඩුවෙ කිලිටි හෝදන එක.

:       4       49

සමිත හිමි කුරුණෑගල Thursday, 02 September 2021 04:25 AM

කාදිනල්තුමාගේ ස්ථාවරය නිවැරදියි.

:       4       56

C.K.Lankaputhra Thursday, 02 September 2021 05:24 AM

මේ කරන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තවත් ටිකකුයි උවමනායි කිව්ව එකේ අනික, මේ ඔක්කොම උප්පරවැටට්ටි, මහමොලකාරයා බේරාගැනීමේ සූත්තරයි.

:       0       12

දාස Thursday, 02 September 2021 07:03 AM

කාදිනල් තුමා ඔබ නිවැරදියි , ඔය කතාවට කැදවන්නෙ මොකක් හරි බොරු උප්පරවැට්ටියකට, බොරුවෙන් උපන් බොරුවෙන්ම රට ගෙනියන රජයක් ,

:       1       17

Bamunuarachchi Thursday, 02 September 2021 10:20 AM

පීරිස් මැතිතුමා කාදිනල් උන්නැහේට කියන්න නැවත එජාපයින් බලයට ආව කාලෙක තව පරීක්ෂණයක් තියන්න කියලා...

:       11       7

Bamunuarachchi Thursday, 02 September 2021 10:21 AM

පීරිස් මැතිතුමා කාදිනල් තුමාට කියන්න නැවත එජාපයෝ බලයට ආව කලෙක තව පරීක්ෂණයක් තියන්න කියලා.

:       12       3

Bamunuarachchi Thursday, 02 September 2021 10:25 AM

කාදිනල් තුමා ගණන හදලා එන උත්තර බාරගන්න කැමති නැහැ. බලාපොරොත්තු වෙන්නේ තමන් ළඟ තිබෙන උත්තරයට හරියන්න ගණන වෙනස් කරන්න

:       16       4

මාම Thursday, 02 September 2021 10:26 AM

කාදිනල්තුමනි මේ පාලකයන් කිසිවිටෙකත් මෙම ප්‍රහාරයෙ ඇත්ත නැත්ත නොසයනු ඇත. ප්‍රහාරය උපරිමයෙන් පාවිච්චි කලේ බලයට පැමිනිමටය. ඔබතුමාට මෙම පරික්ෂනය නියමාකාරයෙන් කරගැනීමට අවශ්‍ය නම් කරුණාකර ඡාත්‍යන්තරයට යන්න.

:       5       23

GEMUNUThursday, 02 September 2021 11:52 AM

අනේ මාමගේ මොලේ...!!! 

:       10       2

ලමයThursday, 02 September 2021 01:03 PM

මාමා කියපු කථාව ඇත්ත... මේ රජය කටයුතු කරන විදියට... මතකද අර එංගලන්තෙන් ආපු සංචාරකයා ඔහුගේ පෙම්වතියට අතවර කරන්න ගිය දේශපාලුවා අතින් මියගිය සිද්ධිය. නඩුව කරලියට ආවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ මැදිහත් වීම නිසා...

:       0       13

BamunuarachchiFriday, 03 September 2021 09:00 AM

කාදිනල් ඔබ නිවරදීලු, මාර බඩු ටිකක් ඉන්නේ අවරුදු 3 තිස්සේ ප්‍රකාරය එළිපිට සැලසුම් කරන විට අහක බලාගෙන ඉඳලා, ප්‍රකාරය කරන දිනය වෙලාව ස්ථානයත් දැනගෙන, ප්‍රහාරය නවතන්න කිසිම ආරක්ෂක වැඩපිළිවෙලක් නොකරපු මින්ස්සු පැත්තක. මේ කොරෝන අස්සේ ප්‍රහාරකයෝ අල්ලන්නලු නඩු දාන්නලු. අත්අඩංගුවට ගත්තත් වැඩක් නැහැ කාදිනලගේ හිතේ ඉන්න මිනිස්සු අල්ලන්න ඕනේ. තාම පරීක්ෂණ කරනවා බදුදීන් රිමාන්ඩ් නඩු පවරන්නලු. මහා මොලකරු අල්ලන්නලු.

:       0       2

chandanaFriday, 03 September 2021 03:58 PM

මොනවා හරි දෙයක් දන්නවා වගේ අඩුම ගානේ දැකලා හරි තියෙනවා. නරකද මෙයාගේ ඇසින් දුටු සාක්ෂි ස්වකැමැත්තෙන්ම ගිහින් රහස් පොලිසියට දුන්නොත්...? සමහර විට මෙයාගේ දන්න සාක්ෂි වැදගත් වෙයි. ඒකම සාක්ෂිකරු මොහුමද දන්නෙත් නැහැනේ. මේක ජාතික, ආගමික ප්‍රශ්නයක්. ඇට නැති දිවට ඕන දෙයක් කියන්න පුළුවන් වුණත් වගකීමකින් අදහස් ප්‍රකාශ කරන්න...

:       0       0

fairoos Thursday, 02 September 2021 12:35 PM

තවත් පරීක්ෂණ ඉවරවෙලා නැහැ. ඒකනේ රිෂාඩ් එහෙම ඇතුලේ ඉන්නේ...

:       2       3

kapila Thursday, 02 September 2021 01:08 PM

ජී.එල්. ගිය ගිය තැන නානවා.

:       1       8

ගමේ එකාලා Thursday, 02 September 2021 01:57 PM

එහෙට මෙහෙට වාසි පැත්තට පැන පැන හිටියා මිසක් හරියට කරපු දෙයක් තියෙනවා ද?

:       1       2

Lelwala Thursday, 02 September 2021 02:12 PM

යහපාලනේ සියලු නායකයන් ඇතුළු මන්ත්‍රීගෙන් සියලුම වන්දි මුදලක් ඉල්ලුම් කරන්න. ජීවත් වී සිටින අයට සාධාරණයක් වේවි. මැරුණු අයට යාඥා කරනවා හැර වෙන සාධාරණයක් කරන්න පුළුවන්ද?

:       1       3

දාසThursday, 02 September 2021 03:23 PM

ඒක පෙන්නලා බලයට ආපු මිනිස්සු මොනවද කරන්නේ? කරන්නේ බොරුව.. මේ සිද්ධියේ මුල අග තාම පරීක්ෂණවලින් තහවුරු කරලා නැහැ. පරික්ෂණ නියම විදියට කරපු ශානි අබේසේකරලා හිරකෙරුවා... ආපු දවසේ ඉඳලා කළේ ලෝකෙ රවටන එක...

:       3       2

M M Thursday, 02 September 2021 04:36 PM

දැන් ඔය සිදුවීම සිද්ධ වෙලා අවුරුදු කියක් ගියාද තවම කව්රුවත් අත්අඩංගුවට ගත්ත.ද නැහැ තවම කොමිෂන් විතරයි. පුදුමෙ කියන්නෙ ලෝකයේ පලමු වරට මිනිමරුවන් අල්ලන්න තවම හොයනවා කොමිෂන් දාලා. එතකොට මෙව්වට මොන තරම් වියදම් කරනවද ඒත් තාම නැහැ විසදුමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 179 0

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 139 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 95 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 575 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 478 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1267 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 85 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 461 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1437 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site