IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්

(ඩයනා උදයංගනී)

පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති.

ජනතා අපේක්‍ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කරති.

සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයකුටත් බලය අතහැරයෑමට සිදුවූ, දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස වෙනුවෙන් ගතයුතු එම අතිශය තීරණාත්මක තීන්දුව තම අපේක්ෂාවන් අනුව සිදුවෙතැයි රටේ දෙකෝටියකට වැඩි ජනතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙස බලා සිටින මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ජනතා මතයට පටහැනි තීරණයක් ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බව කොළඹ අගරදගුරුතුමන් සිය ලිපියෙහි සඳහන් කර ඇත.

විධායක බලය අතේ තිබියදීත් බලයත් රටත් අතහැරයෑමට සිදුවූ හිටපු ජනාධිපතිවරයා මුහුණදුන් අත්දැකීම හා අපකීර්තියත් දෙස බලන විට බලයට ගිජුකමක් ඇතිවේ දැයි යන්න ගැටලුවක් බව සඳහන් කරන අගරදගුරුතුමන් කෙටි කාලයකට ලැබෙන දේශපාලන බලයට වඩා සිය ආත්ම ගෞරවයත් මව් රටේ ජනතා අභිප්‍රායත් වැදගත් නැද්දැයි මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.



අදහස් (11)

කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්

Himali naduni Monday, 18 July 2022 02:14 PM

මැල්කම් රන්ජිත් , ඔමල්තේ රාජ්‍ය බිඳ වැට්ටීමට පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය දේපොළ හිතා මතා අත්පත් කරගැනීමට ජනතාව පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම මගින් රාජ්‍ය දේපොළ වලට හානි කිරීම මත වහා අත් අඩංගුවට ගන්න .නිතිය සැමට එකසේ වීය යුතුයි.

:       2       7

fairoos Monday, 18 July 2022 03:16 PM

මේ ඉන්න අයට කියලා වැඩක් නැහැ කාදිනල් තුමා.. පොහොට්ටුවේ හොරු ටික රනිල්ට තමයි ඡන්දෙ දෙන්නේ...

:       46       12

BamunuarachchiMonday, 18 July 2022 05:28 PM

කාදිනල් තුමා අහන්න ඊළඟ බොම්බේ පුපුරවන්නේ කොයිකාලේද කියලා.

:       0       3

BamunuarachchiMonday, 18 July 2022 05:34 PM

හම්බ සෙට් එක කියලා තිබුනා කතා කරලා අපි සම්මුතියකට එනවා කියා. අපට රටෙන් වෙනම බල ප්‍රදේශයක් දෙනවාද? දෙන්න කැමති අයට අපි චන්දෙ දෙනවා. ලුලා නැති වලට කනයා පණ්ඩිතයා. ඝෝටා නොමැති රට ගන්නට හමබ්යෝ වලිකනවා.

:       0       4

pj Monday, 18 July 2022 03:20 PM

ජූලි 9 වැනිදා ලේ වැගිරීමක් සිදු නොවූයේ හාස්කමකින් නොව ආරක්ෂක අංශවලට අවම බලය පාවිච්චි කරන ලෙස පාලකයින් තරයේ උපදෙස් දී තිබුණු නිසාවෙනි. අරගලය වෙනුවෙන් එදින රැස් වූ පිරිස පාලනය කරගැනීමට අරගලයටම නොහැකි වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදීව හැසුරුණද අරගලයේ හැසිරීම ආදර්ශවත්ව සිදු නොවිණි. අරගලය සමග සිටි පිරිසේ ප්‍රමාණය මුළු රටේ ජනතාවම නියෝජනය නොකෙරූ බව අවධාරණය කොටගත යුතුයි. එම පැමිණි පිරිසට වඩා ප්‍රමාණයක් එදිනම ඊට විරුද්ධව පැමිණියා නම් ඇතිවන තත්වය තේරුම් ගත යුතුව තිබිණි. කිහිප දෙනෙක් කරන අකටයුතුකම් නිසාවෙන් මුළු පාර්ලිමේන්තුවටම හොඳ නරක කියාදීමට උත්සාහ කිරීම නිවැරදිද?

:       11       35

sharm warnMonday, 18 July 2022 03:49 PM

ඇත්තටම අමු කාලද මේ ටික කියලා තියෙන්නේ...? එතකොට ඔය කියන කිහිපදෙනා කවුද ඔයා හිතන හැටියට...? අරගලයත් බොහොම සුළු පිරිසකට එරෙහිව තමයි. වැඩිය නැහැ 225ක් විතර...

:       23       9

pjMonday, 18 July 2022 05:07 PM

දැන් අරගලය පක්ෂයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට තෝරාගන්නේ සෝවාන් වුණු අය පමණක් ද? අමු කාලා තියෙන්නේ කවුද කියලා ඉදිරියට වැටහේවි. අවුරුදු හැත්තෑ ගණනක්ම මොනවද කළේ කියලා කයිවාරු ගැහුවාට 1970දී පමණ වන තුරු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය රජයේ දේපොළ වංචා කළාද කියලා වැඩි හිටියෙකුගෙන් අහලා දැනගන්න. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි ව්‍යාපාර කළේ අරගලයෙන්ද?

:       2       8

මෝMonday, 18 July 2022 09:30 PM

ලෝකයේම ප්‍රසංශාවට ගව්‍රවයට පාත්‍රවූ අවිහිංසාවාදීඅරගලය විනාස,කලේ ජෙප්පන් කුරුට්ටන් සහ අන්තරේ හිපාටුවන්‍ය.අද අරගලයට මද්‍යස්ත මිනිසුන්ගේ සහයක් නැත.අරගලයෙන් බිහිවූ පක්ශය අරගලය ඉදිරියට ගෙනයනු ඇතැයි සිතමි.

:       0       3

Nilk Monday, 18 July 2022 03:36 PM

මේ ව්‍යවසනය ඇතිකලේ බලයට, තනතුරු වලට ගිජු නිසා ජනතාව ඇන්දූ ආගමික නායකයින් නේද? රට ගොඩ දාන්න නිසි සැලැස්මක් ඇති අපේක්ෂකයෙක් මෙතන ඉන්නවද? පාස්කු වගේ පුහු ඇන්දිලි අනවශ්‍ය බව තේරුම් ගන්න. ආගම සහ දේශපාලනය යනු දෙකක්...

:       0       7

Sohan Monday, 18 July 2022 10:35 PM

මේ අය සුපුරුදු රිද්මයට යනවා එක අනිවාර්යයි... හොද වැදගත් මිනිස්සු නම් මේ පාර්ලිමේන්තු වේ සියලු දෙනාම ගෙදර යන්න ඕන දුප්පත් අහිංසක මිනිස්සු කියන දේවලට ඇහුම් කන් දෙනවා නම්... හොදටම තේරෙනවා මෙ ර‍ට වැටි ඇති තත්වය අනුව උත්සාහයෙන්, අවංක, එඩිතරව, පළපුරුද්දෙන් වැඩ කරන නායකත්වයක්‌ ර‍ට බාර ගත හොත් උදා. Sir.සරත් ෆොන්සේකා රටට අනාගතයක් ඉක්මනින් උදා කරගත හැකි බව ඕනෑම කෙනෙකුට ලොකු,කුඩා, උගත්, නුගත් කාගේත් විශ්වසනිත්වයයි ඒම දෙය ඉටු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන් අපි සහයෝගය ඉතාමත් විමසිල්ලෙන් බලා සිටින බව හා ගරු කාර්දිනල් ස්වාමින් වහන්සේ ගේ මේ ලිපිය ඉතා අගය කරමින් මේ වගේම අපි හැම දෙනාම වචනයෙන්, ක්‍රියාවෙන්, සිතිවිල්ලෙන් දායක විය යුතුයි මගෙ ර‍ට වෙනුවෙන් මා හැගීම් බරව ප්‍රකාශ කරමි.

:       4       0

Sunil Wednesday, 20 July 2022 11:12 AM

දේශපාලනයෙන් ඈත්වී සිටින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 5 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2727 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 660 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1321 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6653 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 918 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site