IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කාදිනල්තුමන්ගේ පෙත්සම ගැන කරුණු දක්වන්න පොලිස්පති -ආරක්ෂක ලේකම් 5වැනිදා කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000 කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය  පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අද (18) නොතීසි නිකුත් කළේය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම නොතීසි නිකුත් කෙරිණි.

එසේම එම පෙත්සම් මාර්තු 05 වැනිදා සලකා බැලීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කෙරිණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂාන්ත සොයිසා, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න , ජාතික  බුද්ධි සේවා ප්‍රධානී ජීවන රුවන් කුලතුංග , රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සාලේ , රේගු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු රටේ ආගම් අතර සහජීවනය අපේක්ෂා කරන ආගමික නායකයෙකි.පසුගිය 2019 අප්‍රේල්  21 වැනිදා සහරාන් හෂීම් නැමැත්තා ගේ නායකත්වයෙන් කොච්චිකඩේ කතෝලික දේවස්ථානය ඇතුළු  දේවස්ථානය කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි.පසුව මෙම සිද්ධිය පිලිබ⁣ද සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කොට ඒ පිලිබද පරීක්ෂණ වාර්තාවක්ද ජනාධිපතිවරයාට බාර දුන්නේය.

පසු කාලයේදී කොළඹ ආශ්‍රිතව මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමේදි විශාල කඩු ප්‍රමාණයක් සොයා ගෙන ඇත.මේ ආකාරයට කඩු 6000 ක් පමණ සොයා ගෙන තිබේ.මේ කඩු ෂර්වුඩ් නැමැති සමාගමක් මගින් මෙරටට ආනයනය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී ඇත.

එබැවින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කරන ලෙසත් , කඩු ඇතුළු ආයුධ මෙරටට ආනයනය කිරීම පිලිබද නිසි විමර්ශනයක් පවත්වන ලෙසට නියෝග කරමින්  පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

කාදිනල්තුමන්ගේ පෙත්සම ගැන කරුණු දක්වන්න පොලිස්පති -ආරක්ෂක ලේකම් 5වැනිදා කැඳවයි

fairoos Thursday, 18 February 2021 10:34 AM

කාඩිනල් තුමා.... නඩුත් හාමුදුරුවන්ගේ.. කඩුත් හාමුදුරුවන්ගේ...

:       3       9

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 398 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 685 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1625 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2316 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 506 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 430 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site