IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කැනඩා අගමැති දෙමළ සංහාරක දිනය නම් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.

කැනඩාවේ දමිළ ජනසංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත.

කැනඩාව ඊයේ(18) දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරන ලදි.

මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයනගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩා රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා ඇත.

කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනකුට සම්බාධක පැනවූ බවද ටෲඩෝ මහතා පෙන්වා දී ඇත.

 



අදහස් (6)

කැනඩා අගමැති දෙමළ සංහාරක දිනය නම් කරයි

mangala Friday, 19 May 2023 02:29 PM

දෙමළ ඡන්ද ගන්න ඕනෑම තුප්පහි වැඩක් කරයි. අනුන්ගේ රටවල වෙච්චි ඒවාට දින දාන්න කලින් කැනඩාවේ ආදි වාසීන්ගේ මානව හිමිකම් කඩකිරීම්, ඒ මිනිසුන්ව සමූල ඝාතනය කිරීම් ගැන සමාව අරන් ඒකට දිනයක් දෙන්න..

:       5       80

ලැමියන් මානවඩු Friday, 19 May 2023 02:58 PM

අනෙක් රටවල් වලින් හිඟා කාලා ජීවත්වෙන ගමන් ඒ රටවල්වලට විරුද්ධ වෙන්න අමාරුයි නේද?

:       23       17

Bamunuarchchi Friday, 19 May 2023 03:28 PM

ටෲඩෝ ඔබ දෙමල්ලු කරේ තියාගෙන නටන්න. මෙහෙ ඒවාට ඉඩ නැහැ. දෙමල සංහාරය අපේ ගොයියෝ හරියට කලේ නැහැ. ප්‍රභාකරන්ට අමුඩේ ගැස්සුවා විතරයි.

:       3       14

Yogananda D.N. Friday, 19 May 2023 04:42 PM

මේ වගේ විදෙස් රටවල අභ්‍යන්තර තීරණවලට අපි කලබල වී විරෝධය ප්‍රකාශ කළ යුතු නැහැ. මේවා ඒ රටවල පාලකයින් දෙමළ ජනතාවගේ ඡන්දය දිහා බලාගෙන ගනු ලබන දෙශපාලනික තීරණ. අපි කළ යුත්තේ හැකිතාක් රටේ සියළු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමඟ සුහදව ජීවත් වීම. එමෙන්ම අනිකුත් රටවල් සමගත් එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. අපේ රටේ ජනතාවට තැපැල් කාර්යාලයකින් සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම විද්‍යුත් පණිවුඩ යවන්න පුළුවන් වුණාට ඔය එක රටකවත් එහෙම බැහැ. මේවා බොරු මායාකාරී තින්දු... අපි ප්‍රවේසම් වෙමු.

:       0       24

විජේ Friday, 19 May 2023 04:51 PM

කැනඩා රටෙන් කෑල්ලක් කඩලා ඊලමකුත් දෙන්නකෝ අපි මොනවත් කියයිද බලන්න, අපිට නං ගානක්වත් නෑ..!

:       0       22

චන්දන Friday, 19 May 2023 05:06 PM

තමන්ගේ රටේ පුරවැසියන් වන ආදිවාසින් විනාශ කිරීම හොඳද, ලංකාවේ වගේම තමා ඡන්දෙ බලාගෙන හෝයියා කියන අගමැතියෙක්... පාරාවලල්ල කැරකිලා එනකොට තේරෙයි මෙයාටත්...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 0 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 20 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 106 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 322 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 360 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 406 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site