IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කැනඩා අගමැතිට ගල් ගහලා

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට එරට ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී උද්ඝෝෂකයන්ගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

ලබන 20 වැනිදාට යෙදී තිබෙන කැනඩා මහමැතිවරණය වෙනුවෙන් ඔහු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ  සිය ප්‍රචාරක බස් රියට ආපසු යමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.

කුඩා ගල් කැට ඔහු වෙතට එල්ල වූ නමුත්, ඔහුට තුවාළ සිදුවි නොමැත.නමුත් උද්ඝෝෂකයින් වෙතින් පැමිණි  එක් ගලක් උරහිසට වැදුණු බව ඔහු පසුව එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත..
මීට පෙර 2016 වසරේදී ජස්ටින් ටෘඩෝට කාන්තාවක් විසින් වට්ටක්කා ඇටවලින් පහර දීමේ සිද්ධියක් වාර්තා විය.

සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය වාමාංශික ලිබරල් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදීම සඳහා ඔහු කෝවිඩ්-19 තත්වය නොසලකා කාර්ය බහුල වී සිටියි.
මේ හා සමගාමීව කෝවිඩ්-19 එනන්ත්කරණය සහ කෝවිඩ් සංචරණ සීමාවන්ට එරෙහි විරෝධතාවලට ද ඔහුට මුහුණ දෙන්නට සිදුව තිබේ.

පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි. ලෝකයේ ලිබරල්ම නායකයෙකු හා ආදරණීය  රාජ්‍ය නායකයෙකු ලෙස ජස්ටින් ටෘඩෝ ප්‍රචලිතව සිටී.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (18)

කැනඩා අගමැතිට ගල් ගහලා

Sriland Tuesday, 07 September 2021 07:22 PM

කතාවට කියන්නේ මහත්මා දේශපාලනය තියෙන්නේ සුද්දො ලග කියල?

:       2       12

NihalTuesday, 07 September 2021 09:35 PM

සුද්දගේ තාක්ෂණයෙන් අපිත් ප්‍රයෝජනය ගත්තා කියලා නිහඩව සිටීම බයානකයි, රටවල්වලට බලෙන් ඇවිත් මොනතරම් ජාතික වීරයෝ මැරුවද.?

:       3       7

SUSANTHATuesday, 07 September 2021 10:20 PM

ගල් ගසා තිබෙන්නේ වෙනත් රටවලින් පැමිණි අයලු. සත්‍ය හෙළිවේවි.

:       6       5

NihalWednesday, 08 September 2021 01:15 AM

වෙනත් රටවලින් ආපු අය හාවෝ වගේ. කළු සුදු බේදය නිසා කොච්චර අපහාස හිංසා කලත් නෑහුනා වගේ ඔහේ දරාගෙන ඉන්නවා

:       0       2

සමන්තWednesday, 08 September 2021 10:53 AM

කැනඩාවේ සිටින්නේ වෙන රටවලින් ආපු අය තමයි. නැතිව ස්වදේශීය ජනතාව නෙමේ. ස්වදේශීය ජනතාව විනාශ කරලා තමයි කැනඩාව කියන රට හදලා තියෙන්නේ. ස්වදේශීය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එකම සුද්දා හදපු රට නවසීලන්තය. අදද නවසීලන්තය රාජ්‍ය මෙන්ම ජාතික භාෂාවන් ලෙස ඉංග්‍රීසි සහ මාවොරි භාෂාවන් පිලිගන්නවා. මාවොරි යනු එරට ස්වදේශීය භාෂාවයි.

:       0       3

Nuwan Tuesday, 07 September 2021 07:50 PM

මොනවා උනත් කැනඩාවේ අයට කොන්දක් සහ මොලයක් තියෙනවා

:       6       17

samanTuesday, 07 September 2021 08:13 PM

හැංගිලා ඉඳලා ගල් ගහන්ට කොන්දක් ඕනේද?

:       11       9

lankasriTuesday, 07 September 2021 11:00 PM

හැංගිලා ඉදන් ගල් ගහලා කියලා නැහැ නේද.?

:       0       13

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 08:57 PM

එහෙ බාර් වහලා නැහැ වගේ.

:       1       8

Prabha Tuesday, 07 September 2021 09:56 PM

අපේ අරටෙත් මේක ආදර්ශයට ගනීද දන්නේ නැහැ.

:       0       12

RaveendraWednesday, 08 September 2021 07:15 AM

ආදර්ශයට ගතයුත්තේ මෙවන් "නිර්ණායකයක්" පදනම් කරගෙන නම් එය කල යුතුමය."නිර්ණායකය" නම් තමන් උපන් රටට අවංකව ආදරය නොකරන දේශපාලුවා මොකාද...ඒකාට ගල්වලින් පමණක් නොව සෙරෙප්පුවලින්ද ප්‍රහාර එල්ල කලයුතුමය. එම යුතුකම අප රටේ පුරවැසියන්ගෙන් ඉතාමත්ම ඉක්මනින් "රටට ආදරය නැති සියලුම දේශපාලුවන්ට මෙම සංග්‍රහය බුක්තිවිදීමට හැකි වේවා" යන්න අපගේ එකා ප්‍රාර්ථනයයි.... මෙම අදහස් පට්ටියේ 225 ම කියවීමට හැකි වේවා....

:       0       2

සේනක~ඉතාලිය Tuesday, 07 September 2021 10:15 PM

මම බලාගෙන ඉන්නෙ අපේ ලංකාවේ අයට අසුචි ගහන්න දවසක් එනකම්, මෙි යන විදිහට වැඩි ඇතක නැහැ වගෙයි.

:       4       19

chandima Tuesday, 07 September 2021 10:31 PM

මෙහෙත් කන්න ලඟයි.

:       3       22

Rata Perata Wednesday, 08 September 2021 02:21 AM

අපේ රටටත් මෙන්න මේ වගේ මිනිස්සු ටිකක් ඕන. කාලකන්නි හොර දේශපාලුවන් ට ගල් ගහන්න.

:       0       4

swene Wednesday, 08 September 2021 06:58 AM

මෙහේ ජනතාව ගැතිවයි දේශපාලන කරන්නේ. නිදහස් චින්තනය නැහැ. ලංකාවේ තමන්ට වාසි වන විධියට ජනතා බලය යොදා කලගුණ සැලකීම හරිම ජනප්‍රියයි. කැනඩාව සහ ලංකාව දේශපාලන කටයුතු කරන ආකාරය අහසට පොලොව වගේ.

:       0       3

Bamunuarachchi Wednesday, 08 September 2021 10:47 AM

ගල් නොගහ ඉඳීද ඇෆ්ගන්කාරයෝ කැනඩාවට ගෙන්වාගෙන ඒ අයට ජනතාවගේ බදු මුදලින් ඩෝල් එකක් දෙන්න ලැහැස්තිවෙන කොට

:       1       2

Bamunuarachchi Wednesday, 08 September 2021 10:50 AM

ඔයාට පුලුවන්නම් දෙන්න විරුද්ද පක්ෂේ අය ගහයි.

:       0       1

sam Wednesday, 08 September 2021 11:47 AM

මේකෙන් පේන්නේ කිසිම ජගතෙකුට සදාකාලිකවම හොඳින් හෝ නරකින් බලේ ඉන්න බැරි බවයි. මේක අපේ රටේ ඉන්න පාදඩ දේශපාලුවන්ට ආදර්ශයක්... මොලේ තියෙන දේශපාලකයෝ එකෙක් හරි ලංකාවේ ඉන්නවා නම් මේකෙන්වත් හැදෙන්න බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1769 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2960 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1247 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1024 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1454 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 674 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1449 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site